ඇමති විදුර ගාමිණී අම්බලන්ගොඩගේ සුවදුක් විමසීමට ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතාගේ සුවදුක් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය ඇතුළු, අමාත්‍යාංශ නිලධාරිහූ පිරිසක් මාතලේ උකුවෙල පිහිටි නිවස වෙත ගොස් තිබේ.

හදිසි අනතුරකින් ගාමිණී අම්බලන්ගොඩ මහතාගේ පාදයකට සිදු වු හානියක් හේතුවෙන් පාදයක කොටසක් ඉවත් කර ඇති අතර මේ වන විට මාතලේ උකුවෙල ඔහුගේ ඥාති සොහොයුරියකගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙහිදී ගාමිණී අම්බලංගොඩ මහතාගේ ප්‍රථිකාර සඳහා මුල්‍යමය ආධාරයක්, කෘතිම පාදයක් සහ ඔහුට අවශ්‍ය බඩු බාහිර ආදිය ද අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරිණි.

ජාතික උරුම , ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය ඇතුළු නිලධාරිහූ පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. 

20201119Ambalangoda (1)20201119Ambalangoda (2) 20201119Ambalangoda (3) 20201119Ambalangoda (4) 20201119Ambalangoda (5) 20201119Ambalangoda (6)