තමන්ව අගය නොකරන කිසිම කෙනෙක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය නොකරන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත ලොවේ නමක් දිනාගෙන ඇති අතුල -සමිතාගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ.

නිතරම පාහේ කතා බහට ලක්වන ඇය සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින්............

මා ගැන මා අතිශයින්ම ආදරය කරන හා අගය කරන එක් දෙයක් නම්... මට කෙතරම් අයහපත් ලෙස සලකනු ලැබුවද, මට යම් දෙයක් ගැන හැඟෙන ආකාරය කුමක් වුවත්, මා කුමන දේවල් වලට අතීතයේ මුහුණ දුන්නද,මා දැනට අත්විඳින දේ කුමක් වුවද, මට තවමත් රන් හා සමාන හදවතක් හා නිමක් නැති ආදරයක් මා තුළ ඇති බවය. එය කිසිවෙකුට මගෙන් සොරා ගත නොහැකී ය.

ඔබ ගැන කිසිවෙකුට නැවත නැවත පැහැදිලි කිරීමට උත්සාහ නොකරන්න.
මනුස්සයෙක් තමන් ගැන අඩු තක්සේරුවකින් හිටිය ද, ඔහුට අනුකම්පා කරන්න. මොකද මැරෙන්න මොහොතකට කලින් හරි ඒ කෙනාට තේරුම් යනවා ඔවුන් වෙනුවෙන් ඒ අහවල් කෙනා කැපවුන තරම සහ ඔවුන් වෙනුවෙන් තිබුනු ආදරය පිළිබඳව.එම නිසා, තමන්ව අගය නොකරන කිසිම කෙනෙක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය නොකරන්න.

20201120Kavindya-3 20201120Kavindya-2 20201120Kavindya-1