ටෙලි පිරිවරගේ නිරෝධායනයේ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201120Sunil (5)මේ දිනවල ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වන ටෙලිනාට්‍යයක රූගත කිරීම් සඳහා එම ටෙලිනාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බණ්ඩාරවෙල ප්‍රදේශයේදී යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වුණා.
 

සති අන්තයේ බස්නාහිර පළාත ඇතුළු තවත් දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමක ජනප්‍රිය නිළි ශලනි තාරකා ඇතුළු මෙම නාට්‍ය කණ්ඩායම දින ද‌ාහතරක නිරෝධායන යට යොමුකර තිබෙනවා. බණ්ඩාරවෙල රූගත කිරීම්වලට ගිය අපේ නාට්‍ය කණ්ඩායමට ඇත්තටම මොකද වුණේ? ප්‍රේක්ෂක ඔබ ආදරය කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා මේ පිළිබඳ සත්‍යය කුමක්දැයි අප වෙත පැහැදිලි කිරීමක් කළා.
“මේ වෙනකොට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ඔස්සේ අපේ නාට්‍ය කණ්ඩායමට විවිධ දේවල් සිදු වෙලා කියලා බොරු ප්‍රචාර හුවමාරු වෙනවා.
සත්‍යයම කතාව තමයි Can you hear me කියන සුනිල් කොස්තා මහත්මාගේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කෙරෙන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. අපි මීට මාසයකට පෙර මේ ප්‍රදේශයේ රූගත කිරීම් කොටස් කිහිපයක් අවසන් කරලා කොළඹ ගිහින් තමයි නැවත පසුගිය දිනක අපේ නාට්‍ය කණ්ඩායම බණ්ඩාරවෙල ප්‍රදේශයට රූගත කිරීම්වලට ආවේ. විශේෂයෙන්ම කියන්න ඕන අපි බණ්ඩාරවෙල ප්‍රදේශයට ආවේ ඇඳිරිනීතිය පැනවීමට පෙර. අපේ කාර්ය මණ්ඩලය නළු නිළියන් 25 දෙනෙක් ඇතුළු කණ්ඩායමක් තමයි රූගත කිරීම් කටයුතු සඳහා බණ්ඩාරවෙලට පැමිණියේ.

• රූගත කිරීම් සිදුවුණ ප්‍රදේශයේ ජනතාවගෙන් නාට්‍ය කණ්ඩායමට බාධාවන් ඇති වුණා කියන්නේ ඇත්ත ද?

“ඒක බොරු කතාවක්. මෙහේ ජීවත් වන කිසිම කෙනකුගෙන් අපට වචනයකින්වත් හිත් රිදවීමක් බාධාවක් සිදු වුණේ නැහැ.
ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පැමිණිලා ඒ වෙලාවේ අපෙන් ඉල්ලීමක් කළා රූගත කිරීම් නතර කරන්න කියලා අපේ සහ සමාජයේ ආරක්ෂාව වෙනුවෙන්. එතැනින් පස්සේ අපි නවාතැන් ගෙන සිටින හෝටලයට ඇවිල්ලා අපේ කණ්ඩායම නිරෝධායනය වෙන්න කැමැත්ත පළ කළා. පී.සී.ආර්. පරීක්ෂණයටත් අපි සියලුම දෙනා යොමු වුණේ අපේම කැමැත්තෙන්. ඒ වාර්තාවල ප්‍රතිඵල අනුව ඉදිරියේදී මොකද වෙන්නේ කියන එක සාකච්ඡා කරමින් යනවා. මේ වෙලාවේ අපි රටේ නීතියට සහයෝගය දක්වලා තියෙනවා. කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ.
නාට්‍ය කණ්ඩායම මුහුණ දී ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව Can you hear me ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සුනිල් කොස්තා මහතාගෙන් ද විමසීමක් කළා.

• මේ වෙනකොට නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනාගේ පී.සී.ආර්. වාර්තා ලැබිලා අවසන් ද?

“අපි කණ්ඩායමටම පසුගිය සෙනසුරාදා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා. ඊයේ රාත්‍රියේ එහි ප්‍රතිඵල ආවා. සියලුම පී.සී.ආර්. පරීක්ෂණ නෙගටිව්. දින 14ක් නිරෝධායනය විය යුතු ද කියන එක තාම දැනුම් දීලා නැහැ. සියලුම නිලධාරීන් අපි සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. අපි නැවත කොළඹට එන්නේ ටෙලිනාට්‍යයේ වැඩ අවසන් කරගෙනම තමයි. ලංකාවේ ටෙලිනාට්‍ය මේ වෙලාවේ නතර වුණොත් ඒ බර දරන්න වෙන්නේ රජයට. 
නිරෝධායන නීතිවලට අනුකූලව කලාකරුවන්ට දීලා තියෙන ආයතනික අවසර පත්‍ර ඇතුව තමයි රූගත කිරිම් කරගෙන ගියේ. රූගත කිරීම් කරගෙන යද්දි තමයි අපිට මේ ගැටලුවට මුහුණ දෙන්න වුණේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ ගමේ අය අපිට ඉතාම මානුෂීයව සැලකුවා, අපි ගැන සොයලා බැලුවා.

නදීශා අතුකෝරල

20201120Sunil (1) 20201120Sunil (2) 20201120Sunil (3) 20201120Sunil (4)