සචිත්ගේ පරණ නාඩගම එළිදකී
සචිත් පීරිස්ගේ නවතම ගීතය වන 'පරණ නාඩගම' ගීතය පසුගිය දා අන්තර්ජාලයට නිකුත් කළා. මේ ගීතයේ පද රචනාව සිදු කර තිබෙන්නේ සචිත්ට ගීත රැසක් නිර්මාණය කර දුන් වසන්ත දුක්ගන්නාරාළ විසින්. ගීතයේ සංගීත නිර්මාණයද සචිත් පීරිස්ගෙන්. පරණ නාඩගම ගීතය 2008 වසරේදී රචනා කළ ගීතයක් බවයි වසන්ත දුක්ගන්නාරාළ කියන්නේ. මේ ගීතයේද සචිත්ව බොහෝ දෙනෙක් හඳුනාගත් ජන ගී ආරයේ තනු නිර්මාණයක් දකින්න පුළුවන්. එමෙන්ම ගීතයට උමාරාගේ හඬද එකතු වී තිබෙනවා.
එම ගීතය පහතින්