ලක්ෂ ගණන් Tik Tok වීඩියෝ හරහා ජාත්‍යන්තර රැල්ලක් වූ ප්‍රථම සිංහල ගීය
නප්රියම සමාජ මාධ්‍යයක් වන ටික්ටොක් හරහා ජාත්‍යන්තර වශයෙන් පළමු වරට රැල්ලක් නිර්මාණය කිරීමට සිංහල ගීතයකට හැකියාව ලැබී තිබෙනවා.
වසන්ත දුක්ගන්නාරාළ විසින් පදරචනය කළ සුරේනි ඩි. මෙල් විසින් ගායනා කළ ඉරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් වන “ආඩම්බරයි බැලුවමනම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම්” ගීතයයි.
මෙම ගීතිය ඉන්දුනීසියාව තුළ Tiktok රැල්ලක් බවට පත්ව තිබෙන අතර TikTok නිර්මාණ ලක්ෂ ගණනක් මෙම ගීතය යොදාගෙන සිදුකර තිබෙනවා.
එහි cover versions කිහිපයක් ද නිර්මාණය වී තිබෙනවා.
එමෙන්ම ලංකාවේ ගීතයක් විදෙස් රටක මේ අයුරින් ප්‍රචලිත වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.