නදීමාල්ගේ ආදරියේට ප්රතිචාර
නව පරපුරේ එකිනෙකට වෙනස් නිර්මාණ කරන ගායකයෙක් විදිහට නදීමාල් පෙරේරාව හඳුන්වන්න පුළුවන්. පසුගිය දිනයක නදීමාල්ගේ උපන්දිනයත් යෙදී තිබුණා. කාලයක් අළුත් වැඩ නොකළ නදීමාල් පසුගිය දා එළියට ආවේ ඔහුගෛ් අළුත්ම ගීතය වන 'ආදරියේ' ගීතයත් සමගයි. මේ ගීතය අන්තර්ජාලයට නිකුත් කර දින කිහිපයක් යාමටත් පෙර විශාල වශයෙන් ප්රතිචාර ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ. ආදරියේ ගීතයේ පදරචනයද නදීමාල්ගේ වන අතර සංගීත නිර්මාණය දක්ෂ සංගීතඥයෙක් වන පසන් ලියනගේගේ.
ආදරියේ ගීතයේ රූප රචනාවද මෑත කාලයේ දක්නට නොලැබුණු වෙනස්ම ආකාරයකට නිර්මාණය කර තිබෙනවා.
එම ගීතය පහතින් නරඹන්න.