හිරේට යන රංජන් ගැන මධුමාදව තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රංජන් රාමනායක මහතාට අද (12) බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් පැනවූවා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනවා යටතේයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතාබහක් ඇති වී තිබෙන අතර ජනප්‍රිය කලාශිල්පියෙකු වන මධුමාදව අරවින්දද රංජන්ගේ දඬුවම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

මධුමාදව සහ රංජන් දේශපාලන පක්ෂ දෙකක කටයුතු කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියේ කිහිප අවස්ථාවකදීම ඔවුනොවුන් ප්‍රතික්ෂේප කිරීම් පසුගිය කාලය පුරාවටම දැකගන්නට හැකි වුණා. කෙසේ වෙතත් රංජන් රාමනායක සහ තමන්ගේ මිතුදම පිළිබඳව ඔහුගේ සටහන මෙසේයි,

අපරාදේ රන්ජන්...
අපරාදේ ඒ වසර හතර.....
නුබ ඉන්නා බූමියෙ මන් ඉන්නෙ නෑ
එක මේසෙක කිසි දින ඉදගන්නෙ නෑ
එක බත් පත දෙකට බෙදන් කන්නෙ නෑ
නුබ හිරගත උනාට හිත සතුටු නෑ
මූනට අකමැතියි කියන්න බැරි එව්වෝ
දැක්කම නගිටලා යන්නට මැලි වූවෝ
අකමැති දේට අකමැතිකම් අපි පෑවෝ
වෙන නුබ සමග තරහක් ඇති නොම වූවෝ
විසිපස් වසරකට වැඩියෙන් මිතුදම පරනයි
මහ සගරුවනට බැන්නට බොට බුදු සරනයි
අපරාදේ වසර හතර මට හිත ගරහයි
නිදහස් වෙලා ආවට පසු ආයෙත් තරහයි
මදු මාදව අරවින්ද

ඔහු වසර හතරකට හිරබත් කන එක ගැන in box එකට මට ලැබෙන සුබ පැතුම් මම ඉතා ආදරයෙන් ප්රතික්ෂේප කරමි.
මාව නොදන්න අය එහෙම හිතුවට මේ මොහොතේ මම හරි වැරද්ද හොයනවා වෙනුවට...
ඒ වසර හතර ඔහුට අහිමිවෙන එක ගැන කනගාටුවෙමි....
හරි හෝ වැරදි , එකට එක්ව කතාවක් නැති මුත්
අපි බොහෝ පැරනි මිතුරන් වූ බැවින්...
මේ මොහොතේ ඒ පැරනි අපේ මිතුදම ඉදිරියේ
මහත් කම්පනයකට පත්වී සිටිමි...
කවුරු කැමති උනත් නැතත්
දෙවියෙක් නොවුන මම...
මහත් සේ ඒ වසර හතර ගැන කනාගාටුවෙමි..

අපරාදෙ රංජන්...
ඇත්තටම අපරාදේ....
අකමැති දේට මූනටම අකමැති කී මම ඔහු සමග මියනතුරු එක බූමියක එකට සිටින්නේ නැත...
නමුත් ඔහුට ඇති ජනප්රියත්වයට
මිත්රත්වය තුල ඇති සුන්දර කමට
විටෙක කියන කැත ඇත්තට.
සහ පිරිමියෙක් හැටියට ඔහු කාන්තාවන්ගෙන් ලද ආකර්ෂණීය කිසි විටකත් විවේචනය නොකල කෙනෙක් හැටියට, එයට ඉරිසියනොකල එකෙක් හැටියට කනගාටුව වෙමි...

එකට මිතුදම් පෑ එකෙකු හිර බත් කන විට මනුස්සයෙක් හැටියට ඇතිවන වේදනාව කෙසේ යටපත් කරන්නද....
සමහර විට බුකියෙ සමහර අය මේ අදහසට විරුද්ද ඇති...

මන් හැම විටම කලේ
හිතුවෙ මට ඕනෙ දේ...
ඒ නිසා මේ මොහොතේ මට මා වෙන්න මගෙ profile එකේ අයිතියක් තිබිය යුතුයි....
අපි මිනිස්සු බන්...

මට කනගාටුයි.
සමහරවිට මන් ඔබ බලන්න එයි....
නිද හස් වෙන තුරු මම ඔබ සමගයි
නිදහස්වෙන දා ආයෙත් තරහයි

මදූ

20210112madhu-1 20210112madhu-2