‘කෙවින්’ කියන්නේ මට ලැබුණ අභියෝගාත්මක චරිතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කළ ‘දාම්’ චිත්‍රපටය ‘කෙවිවින්’ නම් ප්‍රධාන චරිතය තුළින් ප්‍රේක්ෂක ඔබ දකින චමීර ලියනගේ මෑතකාලයේ බොහෝ දෙනෙකු අවධානය දිනාගත් දක්ෂ, යොවුන් රංගන ශිල්පියෙකි. ‘සාරවිට’ තරු කතාබහ අද දිග හැරෙන්නේ ඔහු සමගය.

‘දාම්’ ටෙලි නාට්‍යයේ ‘කෙවින්’ට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

ඉතාමත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම දැනට ටෙලි නාට්‍යය බොහෝමයක් සඳහා රංගනයෙන් දයක වෙලා තියෙනවා. ඒ වගේම තමයි මාව විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙලා තියෙනවා. නමුත්, වර්තමානයේ මම ඔවුන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ‘දාම්’ ටෙලි නාට්‍යයේ ‘කෙවින්’ කියන ප්‍රධාන චරිතය හරහා කිව්වොත් හරි.

‘කෙවින්’ කියන චරිතය කොයි වගේද?

බිරිඳගේ වියෝවත් එක්ක පොඩි දුවෙක් එක්ක තනිවුණ පියෙක් තමයි ‘කෙවින්’ කියන්නේ. ඔහු වෘත්තියෙන් ඩීජේ ප්ලෙයර් කෙනෙක්. කතාව ගලා යන්නේ ඔහු වටා. ඇත්තටම ‘කෙවින්’ කියන චරිතය මට අභියෝගාත්මක චරිතයක්. මොකද මම තවමත් අවිවාහකයෙක්. ඉතින් පියෙකු විදිහට මට අත්දැකිම් නැහැ. ‘දාම්’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක අයියා මාව විශ්වාස කළා තමයි මේ චරිතය මට කරන්න දුන්නේ. මම හිතනවා අද ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක ඔහුගේ විශ්වාසය මම රැකලා තියෙනවා කියලා.

චමිර කියන්නේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නෙවෙයි?

නැහැ. මම කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ 2008 වසරේදී. සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වු ‘තරු මංසල’ වැඩසටහනේ ජයග්‍රහකයා විදිහට තමයි මාව මුලින්ම බොහෝ දෙනෙකු අඳුන ගත්තේ. ඊට පස්සේ ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණා. දැනට නම් ටෙලි නාට්‍යය 35කට වඩා වැඩි ප්‍රමාණයක් රඟපාලා තියෙනවා.

රංගනයට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ හිනය සිනමාවට සම්බන්ධ වෙන එක?

ඔව්, මගේ හීනෙත් එක තමා. දැනට මම සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හේමන්ත ප්‍රසාද් අයියාගේ ‘උළලේනි’ කියන චිත්‍රපටයට. එය මීට වසර එකහමාරකට පෙර ප්‍රදර්ශනය වුණා. ඉදිරියේදී යළිත් සිනමා නිර්මාණ එක්ක වැඩ කරන්න මම බලාපොරොත්තුවෙන් හා කැමැත්තෙන් ඉන්නවා.

දශකයකට වඩා වැඩි කාලයක් ඔබ කලා ක්ෂේත්‍රය තුළ වැඩ කරලා තියෙනවා. ඔබ තෘප්තිමත්ද ඒ ගෙවුණ කාලය ගැන?

ඔව්, මම තෘප්තිමත් වෙනවා. රංගන ශිල්පියෙක් විදිහට මම ගොඩක් වැඩ කරලා තියෙනවා. සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් එකම රාමුවකට කොටු නොවී මම විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා. මම හිතනවා කලාව වෙනුවෙන් මා ගෙවපු කාලය තුළ යමක් මම කරලා තියෙනවා කියලා. මම ඉක්මන් ගමනක් මේ ක්ෂේත්‍රය තුළ ආවේ නැහැ. බොහෝම හෙමින් ආපු ගමනක් තමයි මේක. අද වෙන කොට එහි සාර්ථක ප්‍රතිපල මට ලැබිලා තියෙනවා කියලා හිතනවා.

ඔබ දායක වුණ නිර්මාණ ජනප්‍රිය වුණා. මේ චමිරගේ හොඳම කාලය වෙන්නත් පුළුවන් නේද?

ප්‍රේක්ෂකයෝ තමයි ඒක තිරණය කරන්නෙ. රංගන ශිල්පියෙක් විදිහට මේ දිනවල මම උපරිම රසික ප්‍රතිචාර ලබමින් ඉන්නවා. ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මාව විශ්වාස කරලා ‘කෙවින්’ චරිතය මට රඟපාන්න දුන්න ධනුෂ්ක අයියාව. ඔහුගේ ‘වෙස්’ ඇතුළු නිර්මාණ කිහිපයකටම මම සම්බන්ධ වුණා. මම නළුවෙක් වෙන්න ගොඩක් දුක්වින්ඳ කෙනෙක්. මාව අඳුනගෙන මාව යම් තැනකට ඔසවා තැබුවේ ධනුෂ්ක අයියා.

කතා බහා - බුද්ධික සේනාධීර  

20210124Chameera (1) 20210124Chameera (2) 20210124Chameera (3)