ජැක්සන් ඇන්තනීගේ බාල පුතු සජිත සහ ලේලිය බුවිනිටත් කොරෝනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙක් වන සජිත අනුත්තර ඇන්තනී සම බිරිඳ බුවිනි මනීෂා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.
 
තමාට සහ තම බිරිඳට කොරේානා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයෙකුද වන සජිත අනුත්තර මුහුණු පොතේ සටහනක් තබමින් මේ බව පවසා තිබෙනවා.
 
සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊයේ සිදු කළ පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ අතර සමීප ආශ්‍රිතයන් සොයා ගැනීමට ද කටයුතු කර ඇතැයි සජිත අනුත්තට සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබෙනවා. 
 
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

 

20210221Sajith-1