කාලෙකට පස්සේ දමිත් අසංකගේ හඬ අළුත් ගීතයකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දමිත් අසංක කියන්නේ මීට කාලයකට පෙර අතිශයින් කතාබහට ලක්වුණ ගායන ශිල්පියෙක්. දමිත් අසංක ගායනා කරන ගීත රැසක් අදටත් ජනප්‍රියව පවතිනවා. කාලයක්ම නිර්මාණකරණයෙන් ඈත්ව හිටපු දමිත් නැවතත් තමන්ගේ රසිකයන් අතරට පැමිණ තිබෙනවා. ඒ ඔහුගේ අළුත් ගීතය වන %මගේ ආදරේ තවමත්% ගීතය හරහායි. මේ ගීතයේ පද රචනය සත්සර කසුන් පතිරණගේ වන අතර සංගීත නිර්මාණය අශාන් ප්‍රනාන්දු විසින් සිදු කර තිබෙනවා. ගීතයේ රූප රචනාවට රංගනයෙන් දායක වී තිබෙන්නේ සංගීත් ප්‍රභූ සහ හේෂානි ලියදිපිටයි. රූප රචනාව සිදු කර තිබෙන්නේද සත්සර කසුන් පතිරණ විසින්. කාලයකට පස්සේ දමිත් ගායනා කරන මේ ගීතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවටයි අපට ආරංචි වන්නේ.

එම ගීතය පහතින් නරඹන්න