මැරීන් ඩ්‍රයිව් සිනමාපටයේ ටීසර්පටය නිකුත්වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල සිනමා නිර්මාණ අතරට එන නවතම සිනමා නිර්මාණයක් වන මැරීන් ඩ්‍රයිව් සිනමා පටය පිළිබඳ මේවන විට සමාජයේ වඩාත් වැඩි කතාබහක් ආරම්භ වී තිබෙනවා. මැරීන් ඩ්‍රයිව් සිනමා නිර්මාණය නුදුරේදීම ප්‍රේක්ෂකයාට නැරබිය හැකිවනු ඇත. මැරීන් ඩ්‍රයිව් චිත්‍රපටය පිළිබඳ සිනමා ලෝලීන් කතාබහක් ආරම්භ කරන්න පටන් ගත්තේ එහි ෆස්ට් ලූක් පෝස්ටරය මුදාහැරීමත් සමගයි. ඊයේ (27) චිත්‍රපටයේ පලමු ටීසර් පටයත් නිශ්පාදකයන් විසින් යූටියුබ් වෙත මුදාහැර තිබුණා. ඒ සමගම චිත්‍රපටය පිළිබඳ ඇතිවූ කතිකාවත වඩාත් පුලුල් වූ බවක් දකින්න පුළුවන්.

මැරීන් ඩ්‍රයිව් සිනමා පටය මේඝ සූරියආරච්චි , රුසිරු රණසිංහ ප්‍රමුඛ PRUVE  කණ්ඩායමේ කුලුදුල් සිනමා පටයයි. මෙම චිත්‍රපටය ඇක්ශන් ත්‍රිලර් ගණයට අයත්වේ. මෙම චිත්‍රපටයේ ටීසර් පටය හා පෝස්ටරය නිකුත් වූවාට කතාවේ තේමාව පිළිබඳ වැඩි විස්තරයක් තවමත් එලිදක්වා නැහැ. මෑත වසර කිහිපය පුරාවටම නිකුත්වූ බොහෝ චිත්‍රපටවල ටීසර් පටය හෝ පූර්ව ප්‍රචාරක පටය නැරබීමෙන් පසු චිත්‍රපට පිළිබඳ කුතුහලයක් නොමැතිව  සම්පූර්ණ අදහසක් ගතහැකි වූවත් මෙම චිත්‍රපටයේ ටීසර් පටය නැරඹීමෙන් පසු චිත්‍රපටය පිළිබඳ කුතුහලයක් ඇතිවෙයි.

රංගන ශිල්පීන්
මෙම චිත්‍රපටයේ රංගන ශිල්පීන් ලෙසින් අද කාලයේ සිංහල සිනමා නිර්මාණ මෙන්ම ටෙලිනාට්‍ය නිර්මාණ අතර සිටින අති දක්ශයන් යොදාගෙන තිබෙනු දකින්න පුළුවන්. ඒ අතර එකම ටෙලිනාට්‍ය රාමුවකින් ප්‍රේක්ෂකයාට දකින්න අවස්ථාව ලැබුණු නයනතාරා වික්‍රමාරච්චිගේ වෙනස් රංගන හැකියාවන් උකහා ගන්නට මෙහි නිර්මාණරුවන් සමත් වී තිබෙනවා. මෙහි රංගනශිල්පීන් ලෙස

නයනතාරා වික්‍රමාරච්චි
ජගත් මනුවරණ
රුවින් ද සිල්වා
ධර්මප්‍රිය ඩයස්
කලන ගුණසේකර
ෂේවියර් කණිෂ්ක
ශ්‍යාම් ප්‍රනාන්දු
ධර්ශන් ධර්මරාජ්
නීගල් වයිට්
රංගනයෙන් එකතුවෙනවා.

නිශ්පාදන කණ්ඩායම
මෙම චිත්‍රපටය රිදී තිරයට එන්නේ PRUVE කන්ඩායමේ පලමු සිනමා ප්‍රයන්තනය ලෙසිනුයි. මෙහි

සංගීතය – උමේශ් රාජපක්ෂ
සංස්කරණය – සජිත් කදනආරච්චි
සහය අධ්‍යක්ශණය – පැතුම් ඒකනායක
කලා අධ්‍යක්ශණය – පසිදු කේශව, සදුන් මදුරප්පෙරුම, කසුන් වේරගොඩ
වර්ණ සංයෝජනය – ජධුර්ශන් කුමාර්
කැමරාකරණය – තිලන්ක පෙරේරා
කතාව හා තිරරචනය – රුසිරු රණසිංහ හා සදකත් මහගමාඅරච්චි
අධ්‍යක්ශණය – මේඝ සූරියආරච්චි
නිශ්පාදනය – යෝධ එන්ටටේට්මන්ට් විසිනි.

මෙම චිත්‍රපටය නිකුත්වන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. ඉදිරියේදී මෙම චිත්‍රපටය පිළිබඳ තවත් තොරතුරු ප්‍රේක්ෂකයාට දැනගැනීමට හැකිවනු ඇත. මෙම චිත්‍රපටය නුදුරේදීම ප්‍රේක්ෂකයා වෙත පැමිණෙනු ඇත.