චන්දිමාල් ජයසිංහ පුෂ්පිකාගෙන් සමාව ඉල්ලයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තේරීම් තරගාවලියේදී සිදුවූ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එහ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ චන්දිමාල් ජයසිංහ මහතාද අද කුරුඳුවත්ත පොලීසියට පැමිණියේය.

“ අපේ පැත්තෙන් ගත්තොත් නෙලුම් පොකුණට හානි සිදුව තිබෙනවා. ඩ්‍රෙසින රූම් එකේ  වීදරුවලට හානි කර තිබෙනවා. වේදිකාවේ අපි හදපු පාත් එකට අමතරව මේ සිදුවීමත් එක්ක වේදිකාවට අඩි උස සපත්තු දාගෙන ඇවිත් තිබෙනවා. ඒ නිසා වේදිකාවට හානි සිදුව තිබෙනවා.

පැය 4ක කාලයක් සඳහා අපි මුදල් වෙන් කළාට මේ ඇතිකරපු තත්ත්වයත් එක්ක පැය දෙකක් වැඩිපුර ගිහින් අපිට ලක්ෂ 5ක් විතර වැඩිපුර ගෙවන්න වෙලා තිබෙනවා. මේ ඔක්කොටම ඔවුන් වගකිව යුතුයි.

මිස් වර්ඩ් එකෙන් සම්පූර්ණ බලය මට පවරලා තිබෙනවා. ජයග්‍රාහිකාව තෝරන්න, විනිශ්චය මණ්ඩලයත් එක්ක කරන්න කියලා. අද දවසේ පුෂ්පිකාද සිල්වා නැවතවරක් කිරුළ පළදිනවා.

කිසම කෙනෙක් ඇයගේ (කැරොලින් ජූරි) හැසිරීම අනුමත් කරන්නේ නෑ. මේ වෙලාවෙන් පුෂ්පිකාද සිල්වාගෙන් අපි සමාව ඉල්ලනවා.”

මේ අතර පුෂ්පිකා ද සිල්වා කරනු ලැබූ පැමිණිල්ල අනුව ඇයගෙන් කිරුළ ඉවත් කළ ලෝක විවාහක රූ රැජින කැරොලින් ජූරිද කුරුඳුවත්ත පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.

20210406Chandimal (1) 20210406Chandimal (2) 20210406Chandimal (3) 20210406Chandimal (4) 20210406Chandimal (5) 20210406Chandimal (6)