කවුද මේ අපර්නා දාස්


‘මාස්ටර්’ චිත්‍රපටය හරහා වර්තමානයේ ලොවපුරා අතිශය ජනප්‍රිය වී ඇති විජේගේ අලුත්ම චිත්‍රපටය වූ ‘තලපති 65’ චිත්‍රපටයේ රූපගත කිරිම් මීට දින කිහිපයකට පෙර ආරම්භ වි ඇත. මෙම චිත්‍රපටය පිළිබඳව අලුත්ම වාර්තා කිහිපයක්ම පළ වි ඇති අතර, විජේ සමගින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මලයාලම් සිනමා නිළියක් වූ අපර්නා දාස් සම්බන්ධ වීම අලුත්ම වාර්තා අතරින් ප්‍රධාන වේ.

අපර්නා 2019 වසරේ ප්‍රදර්ශනය වූ ‘මනේරාමා’ නම් මලයාලම් චිත්‍රපටය හරහා සිනමා රංගනයට එක් විය. ‘මනෝරාමා’ චිත්‍රපටයට පසුව කිසිදු චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක නොවූ අපර්නා මෙසේ විජේගේ අලුත්ම චිත්‍රපටයට එකතු විම බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු වි ඇත. 

20210407Das (1) 20210407Das (2) 20210407Das (3)