'මිස් ශ්‍රී ලංකා' වෙන්න ආසයි



2017-03-16-ent-219

නිරූපණ ශිල්පිනියක ලෙස බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් චලනි ෂිහානි මෙවර "තරුණයා" මුල්කවරය සරසන්නීය. දැනට වෙළෙඳ දැන්වීම් රැසක දකින්නට ලැබෙන චලනි දැනට නීතිය පිළිබඳව හදාරමින් සිටියි. "මිස් ශ්‍රී ලංකා" ජයග්‍රාහිකාවක් වීමට සිහින දකිමින් සිටින චලනි සිය තොරතුරු "තරුණයා" ට මෙලෙස පැවසුවාය.

2017-03-16-ent-221"වසරකට කලින් තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. "හෝබි" එකක් විදිහට තමයි නිරූපණ වැඩ කරන්නේ. දැනට නීතිය පිළිබඳව හදාරනවා. ඉතින් නිරූපණය පැත්තට සම්බන්ධ වෙලා ලොකුවට වැඩ කරන්න අදහසක් නැහැ. නීතිය පිළිබඳව හදාරලා ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව."

චලනි දැනට වෙළෙඳ දැන්වීම් රැසකට පෙනී සිට ඇති අතර, ඇය දායක වුණ "බ්ලැක් නයිට්", "ඊවා", "නෝ සුප්", අබාන්ස්^ හා "වෙල්වට්" බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වූ වෙළෙඳ දැන්වීම් වෙයි. ඊට අමතරව පසුගිය වසරේ පැවැති "මිස් යුනිවර්ස්" තරගයේ අවසන් තරගකාරියන් අටදෙනා අතරට පැමිණීමට ඇයට හැකිවිය. එමෙන්ම පසුගිය වසරේ පැවැති "මිස් ග්‍රැන්ඩ් ඉන්ටර්නැෂනල්" තරගයේ තුන්වැනියා වීමටද ඇයට හැකිවිය.

&%දැනට මම මේ වසරේ තියෙන %මිස් ශ්‍රී ලංකා^ තරගයට අයදුම්පත් යොමු කරලා තියෙනවා. ඒ තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න තමයි මගේ දැන් තියෙන ලොකුම ඉලක්කය. ඒ වගේම අධ්‍යාපන කටයුතුත් හොඳින් නිම කරලා නීතිඥ වෘත්තියට යොමු වෙන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ. නීතිඥ වෘත්තියට යොමු වුණාට නිරූපණය පැත්තටත් ලැබෙන කාලය අනුව සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා." රංගනයට පිවිසිමේ අදහසකින් සිටින චලනිට මේ වනවිටද ගීත රූප රචනා සඳහා එක්වීමට ආරාධනා බොහෝමයක් ලැබුණ බවද ඇය අපට පැවසීය. එහෙත්, ගැළපෙන නිර්මාණයක් ඒ අතර නොවු නිසාවෙන් එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බව පවසන චලනි හරවත්, ගුණාත්මක නිර්මාණයකට සිය පළමු දායකත්වය ලබාදීමට කැමැත්තෙන් පසුවන බව අපිට පැවසීය.

%මගේ අම්මා හා තාත්තා තමයි මට මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න ගොඩක්ම උදව් කරන්නේ. අම්මා නිතරම මා සමග වැඩ වලට එනවා. ඒ වගේම ඇයගේ ආරක්ෂාව මට ලැබෙනවා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් විදිහට කාර්යබහුල වුණත් ඔහුගේ උදව් නිතරම මට ලැබෙනවා. මගේ පවුලේ අයගෙන් මට බලපෑමක් නැහැ මේ වෘත්තියේ වැඩ කරනවාට. ඔවුන් සතුටුයි මා නිරූපිකාවක් විදිහට ලොකු ගමනක් යනවට."

 

ඡායාරූප - මිහිර බණ්ඩාර

Makeup - Naradha Thotagamuwa

Hair - Haroon

Retouch - Milinda Srimal

 

2017-03-16-ent-214 2017-03-16-ent-215 2017-03-16-ent-216 2017-03-16-ent-217 2017-03-16-ent-218  2017-03-16-ent-220