මමත් මගේ ආදරවන්තයාත් හොඳින්ම එකිනෙකාට ගැළපෙනවා



2017-04-18-ent-20

නියම මොඩ්ල් කෙනෙක් වෙන එක ඇත්තටම පේන තරම් සරල පහසු වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම මොඩ්ල් කරනවා කියන්නේදැනුම, සෑහෙන්න පලපුරුද්ද සහප්‍රැක්ටිස් එක ඕන වෙන දෙයක්. හැබැයි මේ අසීරු ගමන යන්න, කෙනෙකුට මේ ක්ෂේත්‍රය ගැනඅවංකවම තමන්ගේ ඇ‍ඟෙන් එන වුවමනාවක් තියෙන්න ඕන. මට ඇත්තටම සතු‍ටුයි මේ දුර ආපු එක ගැන. කොයි තරම් මේ ගමන අමාරුයි කියලා දැනෙන වෙලාවක වුණත් විශිෂ්ට නිර්මාණයක කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන තියෙන ආත්ම තෘප්තිය එක්ක ඒ ගමන් මහන්සිය නිවෙනවා!

 

Leisure time is a rare luxury!

2017-04-18-ent-17ඩේ ජොබ් එකක් කරන ගමන් මොඩ්ල් කෙනෙක් විදියට වැඩ කරන එක තරම් අපහසු වැඩක් තවත් නැහැ. මම ගොඩක් වෙලාවට මගේ ගණකාධිකාරී වෘත්තිය සහ නිරූපණ ශිල්පිනියක විදියට කරන වෘත්තියත් එක්ක බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ. ඒත් ඉඩක් ලැබෙන හැම මොහොතකම මම ආසයි ඇවිදින්න යන්න. Camping, Hiking වගේ ඇඩ්වෙන්චර්වලට විතරක් නෙවෙයි, මුහුදු වෙරළේ හිරු එළිය විඳින්නත් යන්න මම ආසයි. ඒ වගේම තමයි සංගීත නිර්මාණය කරන එක සහ අලුත් අලුත් කෑම බීම හදන එකත් මම මගේ විවේකය අත්විඳින්න කරන දේවල්.

 

That’s amore!

ආදරේ ගැන කතා කරනකොට මම සතු‍ටුයි කියන්න ආදරේ ගැන සීමාවක් නැතිව සතු‍ටු වෙන, තෘප්තියකින් ඉන්න ගෑනු ළමයින්ගෙන් මමත් කෙනෙක් කියලා. මමත් මගේ ආදරවන්තයාත් හොඳින්ම එකිනෙකාට ගැළපෙනවා සහ එක විදියට හිතනවා විතරක් නෙවෙයි, අපට එකිනෙකාව ඕන වෙන හැම වෙලාවකම අපි එකිනෙකා එක්ක ඉන්නවා. ඇත්තටම මගේ නිර්මාණ ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් පි‍ටුපස්සේ ඉඳන් මට සහයෝගය දෙන්නෙ මගේ ආදරවන්තයා. එයා නොහිටින්න මම අද මේ ඉන්න තැනට නොඑන්නත් ඉඩ තිබුණා කියලා මට හිතෙනවා. සරලවම කියනවා නම් මගේ ආදරවන්තයාත් එක්ක එදිනෙදා ජීවිතේ ගත කරන හැම මොහොතක්ම, අපි බෙදාගන්න හැම පුංචි දෙයක්ම අපි දෙන්නට සතුටක්.

 

Dating is absurd in Sri Lanka!

ලංකාවේ ඇත්තටම dating කියලා දෙයක් තවමත් නැහැනේ. ගොඩක් වෙලාවට අපි ජාතියක් විදියට ආඩම්බර වෙන දේවල් තමයි අතීතේ ඉඳන් ගෙනාපු සිරිත් විරිත් සහ කේන්දර නැකැත් වගේ දේවල්. අපි දන්නවා අදටත් කේන්දර නොගැළපෙන නිසා ආදරෙන් ඉන්න දෙන්නෙක්ව වෙන් කරන, කේන්දර ගැළපෙන නිසා නාඳුනන දෙන්නෙක්ව විවාහ කරවන සිරිත් විරිත් තමයි ලංකාවේ තියෙන්නේ. ඇත්තටම dating කියන එකෙන් මම අදහස් කරන්නේ එළියට ගිහින් දෙන්නත් එක්ක සෙක්ස් කරන එක නෙවෙයි. දෙන්නෙක් එළියට ගිහින් එකට කාලය ගත කරන එක, දෙන්නට දෙන්නා කතා බස් කරන එක, දෙන්නට දෙන්නා අඳුනගන්න එක. එහෙම කාලය ගතවෙනකොට අපට අනිත් කෙනා එකට ජීවිත කාලයක් ගත කරන්න ගැළපෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. තම තමන් ගැන නිදහස් මනසකින් කතාබහ කරන්න පුළුවන්. මම හිතනවා දැන් අපට කාලය හරි, සාම්ප්‍රදායිකත්වයටම සීමා වෙලා ඉන්නෙ නැතුව අපට ගැලපෙන විදියට හරිහැටි දෙන්නෙක් අඳුනගෙන විවාහ වෙන සංස්කෘතියකට යන්න කියලා.

 

Nobody vote nowadays!

අද ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් මැතිවරණයකදි තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කිරීමෙන් පවා වැළකී ඉන්නවා කියන එක හරි. ඒකට හේතුව මම හිතන්නේ දේශපාලනය ගැන තියෙන නොදැනුම සහ උනන්දුවක් නැතිකම. ඇත්තටම දේශපාලනික දැනුවත්භාවයක් නොලැබෙන්නෙත් ඒ ගැන උනන්දුවක් නැති නිසානේ. ඉතින් තරුණ පරපුර තමන්ගේ ඡන්ද අයිතියෙන් ප්‍රයෝජනයක් නොගැනීම ගැන පක්ෂව සහ විපක්ෂව වාද විවාද තියනවනේ. මටත් ඒ ගැන කියන්න දෙයක් නෑ, මොකද එකක් මට තේරෙනවා ඇයි තරුණ පරම්පරාව දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන්නේ කියලා. දෙවනුව මටත් එහෙමට දේශපාලනය කියන විෂය ගැන උනන්දුවක් නෑ.

මට යාළුවෝ ගොඩක් නෑ. වැඩි දෙනෙක් එකට වැඩ කරන, දන්න අඳුනන අය.බොහෝම පරිස්සමෙන් ‍තෝරාගත්තු අතිශයින්ම සීමිත හිතමිත්‍රයො ටිකක් තමයි මට ඉන්නේ. ඇත්තටම සාමකාමී ජීවිතයක් ගෙවන්න මේ කීප දෙනා ඉහටත් උඩින්!

 

Body Stats: 32, 27, 33

Height: 5’ 4’’

Eye color: Black

Hair complexion: Black


 

 

Text:

  • Pathum Punchihewa

Photography

  • Malaka Weligodapola

Graphics

  • Anushi Dantanarayana

Assistance

Shameera Rajapakshe

Make up

Dayan Indrajith

 

Outfits: www.midnightdivas.com

GO - Guys Only

 

 2017-04-18-ent-18 2017-04-18-ent-19  2017-04-18-ent-21 2017-04-18-ent-22 2017-04-18-ent-23 2017-04-18-ent-24 2017-04-18-ent-25 2017-04-18-ent-26 2017-04-18-ent-27 2017-04-18-ent-28