රඳා පැවැත්ම තියෙන්නේ දක්ෂතාවය මතයි



2017-06-15-ent-107

තමන්ගේම ව්‍යාපාරික අඩිතාලමක් වෙනුවෙන් අධ්‍යාපනය ලබමින් සිටින ඇය නිරූපණ ක්ෂේත්‍රයට එක්වී ඉතාමත් කෙටි කාලයක් තුළ වෙළෙඳ දැන්වීම් සඳහාද දායක වීමට අවස්ථාව උදාකර ගත්තාය. ඇය නමින් චලනි නිසංසලා වන අතර, විලාසිතා ක්ෂේත්‍රය තුළ තමන්ගේම වෙළෙඳ නාමයක් ප්‍රචලිත කිරීම ඇගේ සිහිනයයි. මේ ඇයගේ කතාවයි.

 

මුලින්ම ඔබ හඳුන්වා දුන්නොත්?

2017-06-15-ent-103මගේ නම චලනි නිසංසලා. මගේ ගම මැල්සිරිපුර. දැනට පදිංචි වෙලා ඉන්නෙ තලවතුගොඩ.

 

මේ දවස්වල කාර්යබහුලද?

එහෙම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට වැඩටික කෙරීගෙන යනවා. අලුතෙන් මියුසික් වීඩියෝවක් වගේම වෙළෙඳ දැන්වීමක් එන්න තියෙනවා. සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගෙන යනවා.

 

දැනට දායක වෙලා තියෙන වැඩ කටයුතු පිළිබඳ නැවත මතක් කළොත්?

මම දැනට මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. ඒ අතරින් දිමන්කගේ %ආදරේ වස්තු^ වීඩියෝව, සුයිරිමන්දිරාගේනෙතුමඟ %හඬනා^ ගීතයගොඩක්අයඅතරේකතාවුණමියුසික්වීඩියෝදෙකක්. ඒවගේමදැනටවෙළෙඳදැන්වීම්කිව්වොත්, සන්ක්‍රැකර්, සේරාපොල්කිරිවගේවෙළෙඳදැන්වීම් 16කටවගේදායකවෙලාතියෙනවා. ඊටඅමරතවබ්‍රයිඩල්සහරෑම්ප්ශෝසඳහාදායකවෙනවා.

 

ඔබ ක්ෂේත්‍රයට පැමිණියේ කොයිකාලයේද?

ඇත්තටම මම ක්ෂේත්‍රයට ආවෙ ගිය අවුරුද්දේ. ඒ කියන්නෙITN අවුරුදු කුමරිය තරගය තිබුණට පස්සෙ. ඒකෙන් තැනකට එන්න අවස්ථාව ලැබුණු නිසා ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ දැනට මාස 10ක වගේ කාලයක් ඇති.

 

කෙටි කාලයක් තුළ බොහෝ වැඩ ප්‍රමාණයක් සඳහා දායක වෙන්න ලැබුණේ වාසනාවට යැයි ඔබ විශ්වාස කරනවාද?

මම හිතන්නේ වාසනාවත් තියෙන්න ඇති. ඊටත් වඩා මම මහන්සිවෙලා, උනන්දු වෙලා, කැප වෙලා මේ දේවල් සඳහා දායක වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් නිසා මේ කාලය තුළ යම්කිසි තැනක් ලැබුණා නම් ලැබෙන්න ඇත්තේ. මට මුලදි මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. මම දැනගෙන හිටියෙ නැහැ මේ ක්ෂේත්‍රය තුළ ඉස්සරහට යන්නේ කොහොමද කියලවත්. අනික පරිස්සමින් යන්න ඕන ගමනක් තමයි මේක. මට මුලදී වැඩ හම්බ වුණෙත් නැහැ. මුලදී පොඩි පොඩි දේවල් කරලා තමයි දැන් තැනකට ඇවිත් දේවල් හදාගෙන යන්නේ.

 

ක්ෂේත්‍රයේ දක්ෂ අයට වැඩවල අඩුවක් තියෙනවාද?

දක්ෂතාව නැතුව ක්ෂේත්‍රයට එන්න පුළුවන් වෙයි. ඒ එන කට්ටිය ක්ෂේත්‍රය තුළ රඳා පවතින්නනම් තමන්ගේ දක්ෂතා එන්න එන්නම වැඩි කරගන්න ඕනේ. රඳා පැවැත්ම තියෙන්නේ දක්ෂතාව මතයි කියලා මම හිතන්නේ.

 

ඔබ නිරූපණ ශිල්පය හැදෑරුවාද?

ඔව්, මම සාමාන්‍ය දුරට මේ පිළිබඳ හැදෑරුවා. මම රූම්ප් ෂෝ සඳහා ඉගෙන ගත්තේ නිලූ සේනානායක මිස් ගාවයි. ඊට අමතරවITN අවුරුදු කුමරිය තුළදී පුහුණුවක් ලැබුණා. ඒත් එක්කම ඒජන්සියකින් පවත්වපු වැඩමුළුවකින් මම පුහුණු වෙලා තියෙනවා.

 

වෘත්තීය වශයෙන් නිරූපිකාවක්ද?

නැහැ. මම වෘත්තීය වශයෙන් නිරූපිකාවක් නෙමෙයි. මම මේ දේ කරන්නේ ආස නිසා. විනෝදාංශයට වගේ. ඒ වුණත් මේ සඳහා මගේ ජීවිතයේ මම තැනක් දෙනවා. විනෝදාංශය කියලා අහුවෙන අහුවෙන විදිහට කරන්නේ නැහැ. මම ඒ සඳහා තැනක් දීලා කරනවා. මගේ ජීවිතේ වෘත්තීය මාර්ගය වෙනස්.

 

ඔබගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නද අදහස?

මගේම කියලා Fashion Brand එකක් පටන් ගන්න තමයි ඉන්නේ.

 

ඒ පිළිබඳ හදාරනවාද?

මගේ Fashion Brand එක සඳහා අවශ්‍ය දේවල් පිළිබඳ මම අධ්‍යාපනය ලබනවා.

 

ක්ෂේත්‍රය තුළ පැවැත්ම?

නිරූපිකාවක් වුණාම තමන්ගේ රූපය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. තමන්ගේ රූපය පවත්වාගෙන යන ගමන්ම අපි අලුත් අලුත් දේ ඉගෙනගන්න ඕනේ.

 

ක්ෂේත්‍රයට එද්දිදෙමාපියන්ගෙන් බලපෑමක් ඇති වුණේ නැද්ද?

මුලදී නම් අම්මා එච්චර කැමති වුණේ නැහැ. නමුත් දැන්නම් එච්චර ගැටලුවක් නැහැ.

 

ක්ෂේත්‍රය තුළ ඔබට වටිනාකමක් ලැබෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම.

 

ඔබට ලැබෙන කාර්යයන් සීමා වෙනවා නේද?

මම කොහොමත් වැඩ කරද්දි තෝරාබේරාගෙන තමයි වැඩකටයුතු කරන්නේ, මුදලම බලාගෙන නෙමෙයි. සමහර වෙලාවට මුදල් වැඩියෙන් දීලා ඒ වැඩේ මට හරියන්නේ නැත්නම් මම ඒ සඳහා දායක වෙන්නේ නැහැ. ගාණ අඩුවුණත් ඒ වැඩෙන් මට අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියලා දැනුණොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න හිතනවා.

 

ප්‍රසිද්ධිය අවශ්‍ය නැද්ද?

ප්‍රසිද්ධ වෙන්න හැමදේම කළොත් අපි ප්‍රසිද්ධ වෙයි. අපට ජනප්‍රිය, ඒකියන්නේ ජනතාවට ප්‍රියකිය නතැනට යන්න බැරිවෙයි. මොනවා හරි දෙයකට ප්‍රසිද්ධ වෙනවට වැඩිය පොඩි දෙයක්හරි කරලා ලබන ආත්ම තෘප්තිය ඊට වැඩිය වටිනවා.

 

රංගනය පැත්තට එන්න අදහසක් නැද්ද?

ලොකුම අදහසක් නැහැ. නමුත් හොඳ නිර්මාණයක් ආවොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ සිනමා නිර්මාණයක් හෝ හොඳ ටෙලි නිර්මාණයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මට හිතට ඇල්ලුවොත්, මට සතුටක් ලැබෙයි කියලා හිතුණොත් මම කරනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

නිරූපණ ක්ෂේත්‍රය තුළ ගොඩාක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ගොඩාක් දුරට රංගනයෙන් ඉදිරියට යනවාට වැඩිය නිරූපිකාවක් විදිහට තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. රඟපාන්න හොඳ අවස්ථාවක් ආවොත් බලාපොරොත්තු වෙනවා.

 

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්ම අම්මයි තාත්තයි මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා තමයි මට හැමදාම ශක්තිය වුණේ. ඒ දෙන්නා නැත්නම් අද මෙතන නැහැ. මගේ යාළුවෝ හැමෝම වගේම මට උදව් කරන අර්ජුන සේනානායක, නිලූ සේනානායක, පූර්ණිමා මොහන්දිරම් මිස්, රොසෑන් ඩයස් මහත්මිය ඇතුළු මට මෙතෙක් කල් සහයෝගය දුන් හැමදෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සජීව ලක්ෂාන්

 

2017-06-15-ent-101  2017-06-15-ent-106 2017-06-15-ent-105 2017-06-15-ent-104  2017-06-15-ent-102