නිරූපණය කියන්නේ, හොඳට හිතලා පරිස්සමින් කරන්න ඕනේ දෙයක්



2017-08-08-ent-69

ඉතා ටික කලකින් නිරූපණයට පිවිසුණු ඇය වර්තමානයට ගැළපෙන ලෙස නිරූපණ කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රසංගිකා ‘සාරවිට' ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කරන්න අපට?

2017-08-08-ent-71මගෙ නම කේ.ඒ.එම්. ප්‍රසංගිකා. තාත්තගේ බිස්නස් තියනවා ඒවටත් උදවු කරගෙන ඉන්නවා.

 

කොයි කාලයේද මොඩ්ලින් කරන්න පටන් ගත්තේ?

මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ විතර ඉඳන්.

 

ඔබ ඇයි මේ ක්‍ෂේත්‍රයට එන්න හිතුවේ?

මම කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් විදියට ඩ්‍රෙස් කරලා 2 වැනි ස්ථානය ගත්තා. ඊට පස්සේ ඒ බියුටීසියන් මගේ පස්සෙන්ම ඉඳලා කිවුවා මේ ෆීල්ඩ් එකට එන්න කියලා. ඇවිත් හොඳ ගමනක් යන්න කිවුවා. ඒත් එක්කම තමයි මේ ක්‍ෂේත්‍රයට එන්න හිතුවේ.

 

මොඩ්ලින් ඔබ කරන්නේ වෘත්තිය වශයෙන්ද?

මේක වෘත්තිය කරගන්නවාට වඩා මම කැමති විනෝදාංශයක් කරගන්න. ඒ වගේම අලුත් දෙයක් කරන්න.

 

අලුත් දෙයක් කිවුවේ මොකක්ද?

ඒ කියන්නේ අද කරන දේවල් නෙවෙයි තව ගොඩක් දේවල් කරන්න තියනවා. එහෙම හිතාගෙන පාර හදාගෙන යන්න ඕනේ.

 

මේ ක්‍ෂේත්‍රයට එන්න ඔබේ ගෙදර අය අවසර දුන්නාද?

එහෙම ප්‍රශ්නයක් නැහැ. ගෙදර අය මට නිදහස දීලා තියනවා.

 

අද කාලේ ගැහැනු ළමයෙකුට මේ මොඩ්ලින් කියන දේ හරියනවා කියලා ඔබ හිතනවාද?

හොඳට හිතලා පරිස්සමින් කරන්න ඕනේ දෙයක්.

 

අද නිරූපණය ගැන ගොඩක් අය හිතන්නේ වැරැදි විදියට ඒ ගැන මොකද හිතන්නේ?

සමාජය බලන්නේ විවිධ විදියට. අපේ ලංකාවට ලස්සන සංස්කෘතියක් තියනවා. කවුරුත් කැමති නැහැ ඒක විනාශ වෙනවට. නමුත් මොඩ්ලින් කියන්නේ කලාවක්.

මුලින්ම මේවට තියන සුදුසුකම් බලන්න ඕනේ. හැමෝම හිට් වෙන්නනේ අලුත් දෙයක් කරන්න හදන්නේ. ඒ දේ කරන්න කලින් ඒ ගැන හිතලා බලන්න ඕනේ.

 

අද ගොඩක් අය කියනවා අධ්‍යාපනය බාගෙට නවත්තලා මොඩ්ලින්වලට එනවා කියලා කට්ටිය ඒ ගැන මොකද හිතන්නේ?

එහෙමත් එනවා. මම කියන්නේ මේකට අධ්‍යාපනයක් ඕනේම නැහැ. අපි හැදිලා තියන විදිය හරිනම් අපට ඕනේ දෙයක් හරියට තෝරගන්න පුළුවන්. ඒ නිසා ලොකු අධ්‍යාපනයක් ඕනේ නැහැ. අද ගොඩක් හිට් මොඩ්ල්ස්ලා ලොකු අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයිනේ. හොඳ දෙයක් දෙන්න පුළුවන්නම් අධ්‍යාපනය ප්‍රශ්නයක් නැහැ. ලෝකෙ දිනපු සමහර අය අධ්‍යාපනය අදාළ නෑනේ.

 

ඔබේ ඉදිරි බලාපොරාත්තු මොනවාද?

මම හිතාගෙන ඉන්නවා රංගනය පැත්තට යොමුවෙන්න. දැනට මියුසික් වීඩියෝ දෙකක් කරන්න ආරාධනා ලැබිලා තියනවා. මේකට එන්න බැරුව ගොඩක් අය ඉන්නවා. එයාලට හොඳ දෙයක් දෙන්න කැමතියි.

 

ඡායාරූප - ඉමේෂ් නුවන්දික

 

2017-08-08-ent-62 2017-08-08-ent-63 2017-08-08-ent-64 2017-08-08-ent-65 2017-08-08-ent-66 2017-08-08-ent-67 2017-08-08-ent-68  2017-08-08-ent-70