ගුරුවරියක වීමේ හීන දකින නිරූපිණ ශිල්පී ශාලු



2017-10-12-ent-05

ඇය දක්ෂ නිරූපිකාවක් හා නිළියක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වන ඇය නමින් ශාලු හේවගේ. ඉදිරියේදී ගුරුවරියක වීමේ බලාපොරොත්තු වන ශාලු ‘සාරවිට‘ කතා බහට එකතු වුණේ මේ විදියට.

 

මුලින්ම ඔයාව හඳුන්වාදුන්නොත්‍

2017-10-12-ent-09මම ශාලූ හේවගේ. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්.

 

එතකොට නිරූපණය කරන්නේ?

2013 වසරේ තමයි මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ. එතකොට මම උසස් පෙළ කරලා ගෙදරට වෙලා හිටියේ. කැම්පස් එකේ නාට්‍ය හා රංග කලාව හදාරන නිසා ඒ මාර්ගයෙන් ගොඩක් අවස්ථා හිමි වුණා ඉදිරියට එන්න.

 

නිරූපණය විතරද කරන්නේ නැත්නම් රංගන පැත්තටත් දායක වෙලා තියෙනවාද?

ඔව්. දැනට ටෙලි නාට්‍යයකටත් හා වේදිකා නාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායක වෙනවා. ඒ අතරින් මෑතකදී කරපු ‘මෙසියස්‘ වේදිකා නාට්‍ය සඳහා අධ්‍යක්ෂණයෙන්, පිටපත් රචනයෙන් හා රංගනයෙන් දායක වුණා.

 

ටෙලි නාට්‍ය ගැන කතාකළොත්

සුළු චරිතයක් තමයි කරන්නේ. ඒක තාම රූගත කෙරීම් සිදු කරගෙන යනවා. ඉදිරියේදී ඒ ගැන කතා කරමු.

 

වේදිකාවට සම්බන්ධ වුණේ කොහොමද?

පාසලේදීත් ඩ්‍රාමා කළා. කැම්පස් එකේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය කරනවා. තුමිදු දොඩන්තැන්න, නලින් සම්පත් හා නලින් ලුසේනා කියන ආචාර්යවරුන් යටතේ වේදිකාවට එන්න පුළුවන් වුණා.

 

දායක වුණු පළමු වේදිකා නාට්‍යය මොකක්ද?

පාසල් වේදිකාවෙන් පස්සේ අංග සම්පූර්ණ නාට්‍යයකට දායක වුණේ ‘තොටුපොළ‘ වේදිකා නාට්‍යයට

 

ඒ කොයි කාලේද?

2014 වසරේදී.

 

දැන් වෘත්තීය වශයෙන් කවුරු වෙන්න බලාපොරොත්තුව තියෙන්නේ?

ගුරුවරියක් වෙන්න. ඒ අතර පිටපත් රචනය කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

මේ දේවල් ඔයාගේ පොඩි කාලේ ඉඳන්ම හීනයක්ද?

නෑ කැම්පස් යන්න හිතුවේ නෑ. කැම්පස් තේරුණ නිසා හැමදේම වෙනස් වුණා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මේ දවස්වල අවසන් වසර උපාධි නිබන්ධන පර්යේෂණය කරනවා. නිරූපණ වැඩත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරුවරියක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

මේ සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මයි තාත්තයි කිසිම බලපෑමක් කරනනේ නෑ. ඒ අය මගේ හැමදේටම උදවු කරනවා.

 

අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට උදවු කරන අය ගැන?

අම්මා,තාත්තා, නංගි, කැම්පස් එකේ යාළුවෝ, විශේෂයෙන් නිම්න. ඒ අය මට ලොකු ශක්තියක්.

 

කැළුම් විශ්වනාත්

 

2017-10-12-ent-01  2017-10-12-ent-08 2017-10-12-ent-07 2017-10-12-ent-06  2017-10-12-ent-04 2017-10-12-ent-03 2017-10-12-ent-02