මගේ ආසාවට ගෙදරින් අවසර ලැබුණා



2017-12-04-ent-135

ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු ගුවන්විදුලි සේවයෙන් නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන සකුරා මේ වනවිට Knowlage රූපවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. සකුරාට සාරවිට අපෙන් ඉඩක් වෙන් කළේ මේ විදියට.

 

ඔයා ගැන ටිකක් විස්තර කිව්වොත්?

2017-12-04-ent-136මම සකුරා විමලසේන. මගේ පදිංචිය ගාල්ලේ. මම දැනට knowlage ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක් විදියට වැඩ කරනවා.

 

නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොයි කාලේද?

මම අවුරුදු 06කට විතර කලින් ඉඳන් ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු ගුවන්විදුලියේ ස්වේච්ඡාවෙන් වැඩ කළා. ඊට පස්සේ තමයි knowlege ටීවී එකට සම්බන්ධ වුණේ.

 

මේ ක්ෂේත්‍රයට එන්න හිතුනේ?

පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක් තමයි නිවේදිකාවක් වෙනවා කියන එක. ඒ නිසා මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න ලැබුණේ.

 

ගෙදරින් අවසර දුන්නද නිවේදනයට සම්බන්ධ වෙන්න?

ඔව්.මගේ ආසාවට ගෙදරින් අවසර ලැබුණා. මම උසස් පෙළට කළේ නැටුම්, පිරිමි ළමයි වෙස් තියනවා වගේ මමත් පායිම්පත් තිබ්බා. ඒ කියන්නේ නැටුම්වලින් ඉහළම තැනට ගියා. හැබැයි මගේ ආසාව තිබුණේ නිවේදනයට.

 

කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක් හැටියට ලැබුණු අත්දැකීම්?

මට තාමත් මතකයි ගුවන්විදුලියට ගිහින් පළමුවැනි වතාවට මයික්‍රොෆෝනයෙන් කතා කරපු දවස. එදා වෙව්ල වෙව්ල තමයි කතා කළේ. මට රුහුණු සේවයෙන් ගොඩක් අත්දැකීම් ලැබුණා. ඒ ලැබුණු අත්දැකීම් කියලා නිම කරන්න බැහැ. අපි භාවිත කරන භාෂාවේ ඉඳන් හැමදේම ඉගෙන ගත්තා. මට උගන්වපු ගුරුවරු කියලා දුන්නේ හැම තිස්සෙම මේ මගේ පළමුවැනි වැඩසටහන කියලා හිතල කරන්න කියලා. එතකොට හොඳට කරන්න පුළුවන් කියන දේ.

 

ප්‍රවීණයන් නවකයන්ට කැපිලි කෙටිලි දානවා කියන කතාව ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම මට එහෙම කැපිලි දාලා නැහැ කවදාවත්. එයාලා පුළුවන් තරම් අපිට දේවල් කියලා දුන්නා. අපිට ප්‍රවීණයන්ගෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා.

 

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න දක්ෂතාව තිබුනම ඇතිද?, නැත්නම් ඉගෙන ගැනීමක් අවශ්‍යද?

ටැලන්ට් එකෙන් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝකාලීන නැහැ. අපි ආවේ හැමදේම ඉගෙන ගත යුතුයි. අපි එද්දි රියැලිටි කියන දේ තිබුණේ නැහැ. අපි ඒ දේවල් ඉගෙනගෙන තමයි ආවේ. ඇත්තටම දක්ෂතාව තිබුණට ඒ දේවල් ඉගෙනගෙන එන එක තමයි වටින්නේ.

 

මේ ක්ෂේත්‍රයේම රැඳෙන්නද බලාපොරොත්තුව, නැත්නම් වෙනත් ක්ෂේත්‍රයකට යොමු වෙනවාද?

මම දැනට රංගන කටයුතුත් කරගෙන යනවා. නමුත් මම රැ‍ඳෙන්න හිතාගෙන ඉන්නේ මේ ක්ෂේත්‍රයේයි.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

හොඳ, දක්ෂ නිවේදිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

කවුරුහරි මතක් කරන්න ඉන්නවාද අවසාන වශයෙන්?

ඔව් ඇත්තටම මගේ පවුලේ අය, ඊට පස්සේ රුහුණු ගුවන්විදුලියේ හැමෝටම ස්තූතියි. එතකොට මාව knowlege ටීවී එකට සම්බන්ධ කරගත්තේ චාමර පීරිස් මහත්මයා. එයාටත් ස්තුති කරනවා මේ වෙලාවේදී.

 

2017-12-04-ent-131   2017-12-04-ent-134 2017-12-04-ent-133 2017-12-04-ent-132