අනුත්තර - අහිංසාගේ අහිංසක පෙම්කතාව



2018-01-09-ent-67

2018 නව වසරේ රංගන ක්ෂේත‍්‍රයට පෑයු අලූත්ම යුවළක් හඳුන්වාදීමටයි අද අපේ සුදානම. සිනමාවට කලින් කලට අලූත් තරු එක් වෙනවා. රොහාන් පෙරේරාගේ අධ්‍යක්‍ෂණයෙන් මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය සමග තිරගතවන ‘ඒ ලෙවල්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තරු යුගලය වන මේ දෙදෙනාගේ රඟපෑම් සැබැවින්ම හරිම ආදරණීයයි. සිනමාවට පෑයු මේ තුරුණු තරු යුවළ කවුද?

 

(අනුත්තර)

සචිර සහ ලහිරුකා (අහිංසා) ඒ ලෙවල් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත අතරින් අනුත්තරගේ චරිතය රඟපාන්නේ සචිර විජේසිංහය.

 

සචිර ඔබ ගැන විස්තර කළොත්?2018-01-09-ent-68

මට දැන් වයස අවුරුදු 19යි. පාසල් අධ්‍යපනයට සමුදුන්නේ ගිය වසරේදීයි. උසස් පෙළට පෙනී සිටියේ වාණිජ අංශයෙන්. මගේ පාසල ශාන්ත අන්තෝනි විද්‍යාලය නුවර.

 

සචිරගෙ පවුලේ විස්තර කිව්වොත්?

අප්පචිචියි. අයියල දෙන්නයි විතරයි. අම්මා නැතිවුණේ මම පොඩි කාලයේදීයි.

 

අප්පච්චි මොනවද කරන්නෙ?

ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේ. අයියලා දෙන්නා පෞද්ගලික අංශයේ ආයතනවල රැුකියා කරනවා.

 

සචිර මේ දිනවල මොනවද කරන්නෙ?

විගණන ක්ෂේත‍්‍රයේ පුහුණුව ලබනවා.

 

පාසලේදී වඩා දක්ෂ වුණේ?

ඉගෙනීමට වගේම බාහිර ක‍්‍රියාකාරකම්වල යෙදුණා. ක‍්‍රිකට් ක‍්‍රීඩා කළා. මළල ක‍්‍රීඩා කළා. ඊට අමතරව විවිධ සංගම්වලට බැදී තනතුරු දැරුවා.

 

අද ඔබගෙ අරමුණ මොකක්ද?

පරිපාලන ක්ෂේත‍්‍රයේ ඉහළටම යාම තමයි අරමුණ.

 

ඒ ලෙවල් චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?

මීට කළින් කවදාවත් රඟපාලා නැහැ. මේ චිත‍්‍රපටය සඳහා ළමා නළු නිළියන් තෝරා ගැනීමේ වැඩ සටහනක් රොහාන් පෙරේරා සර් යටතේ සිද්ධ වුණා. අපේ පාසලටත් ඒ සර් ඇවිත් හිටියා. එහිදී ළමයින් තෝරා ගැනීම සඳහා වැඩ සටහනක් පැවැත්වුණා. මම ඒකට සහභාගී වුණෙත් නැහැ. ඒ වැඩ සටහන පැවැත්වෙන ස්ථානය අසල මම සිටියා. එතැනදි සර් මා එක්ක වැඩි වෙලාවක් කතා කළා. පසුව මගේ නම ලියාගෙන ගියා.

 

මුලින්ම රඟපාන්න ගියාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?

කවදාවත් රඟපාලා තිබුණෙ නැති නිසා චකිතයක් ඇතිවුණා. වැඬේ හරියට කරන්න ඕනෑ. ඒකට මට වගකීමක් තියෙන බව හැඟුණා. එහි කතාව තේරුම් අරගෙන. දෙබස් පාඩම් කරලා මතක තියාගෙන ඉන්න කියලා රොහාන් සර් කිව්වා. ඒ විදියට කළ නිසා උපරිමයෙන් යමක් කරන්න උත්සාහ කළා. නිදහසේ රඟපෑමට අවකාශය ලබා දුන්නා.

 

මොන පළාත් වලදීද රූගත කිරීම් කළේ?

තලාතුඔය සහ නුවර දර්ශන කීපයකුත්. දඹුල්ලෙදි තවත් දර්ශන කීපයකුත් කළා. වැඩි හරියක්ම දර්ශන රූගත කළේ නුවර පළාතේ. ඉතින් ඒ අවස්ථා හරිම සුන්දරයි. මගේම පාසලේ තවත් මිතුරන් දෙදෙනෙක් මෙහි රඟපානවා. රවිඳුගෙ චරිතය සහ සහිත්‍ය කාමරේ චරිතය රඟපාන මිතුරා.

 

දැන් සචිරගෙ අරමුණ දිගටම රංගනයේ යෙදීමටද?

මගේ ප‍්‍රධාන අරමුණ පරිපාලන ක්ෂේත‍්‍ර ඉහළම අංශය දක්වා ඉගෙන ගැනීමටයි. ඒ අතරේ හොඳ නිර්මාණවලට දායක වීමට අරමුණ කරගෙන ඉන්නෙ.

 

දැන් ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද?

ඇත්තටම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

 

මේ චිත‍්‍රපටයේ ඔබ සමග ප‍්‍රධාන චරිතය රඟපාන ලහිරුකා දැන් හොඳ යෙහෙළියක්ලූ නේද?

ඇත්තෙන්ම ඔව්. අපි පිරිමි පාසලකනෙ ඉගෙන ගත්තෙ. චිත‍්‍රපටයේ මිශ‍්‍ර පාසලක යාළුවෝ ඒ අත්දැකීම අපට ගෙන දුන්නෙ වෙනස් අත්දැකීමක්. ඒ වගේම චිත‍්‍රපටයෙන් පසුව තවත් හොඳ යාළුවෙක් හමුවුණා.

 

 

ඒ ලෙවල් චිත‍්‍රපටයේ සචිර සමග අනෙක් ප‍්‍රධාන චරිතය රඟපාන ලහිරුකා මෙම වසරේ උසස් පෙළට මුහුණදීමට අපේක්ෂාවෙන් සිටින්නීය.

 

ලහිරුකා ඔබගේ සම්පූර්ණ නම කිව්වොත්?

ලහිරුකා ඒකනායක

 

ඒ ලෙවල් චිත‍්‍රපටයේ රඟපාන ඔබ ඒ ලෙවල් කරන්නෙ?2018-01-09-ent-70

මම උසස් පෙළට ලියන්නෙ මෙම වසරේදීයි වාණිජ අංශයෙන් තමයි පෙනී සිටින්නෙ.

 

පවුලේ විස්තර කිව්වොත්?

අම්මි, අක්කිලා දෙන්නා අයියා සහ නංගි. අප්පච්චි නැතිවෙලා. මම ඉගෙන ගන්නේ මාතලේ ශ‍්‍රි සංඝමිත්තා ජාතික පාසලේ.

 

මාතලේ අය ලස්සනයිලූ නේද?

එහෙම කියනවනෙ.

 

ඇයි මාතලේ කාන්තාවන් ලස්සනයි කියන්නෙ?

මම හිතන විදියට දේශගුණය නිසා වෙන්නැති.

 

ලහිරුකා කොහොමද ඒ ලෙවල් චිත‍්‍රපටයට තේරුණේ?

රොහාන් සර් තමයි මාව තෝරා ගත්තෙ. මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ කමල් සර් නිසා තමයි මාව හඳුනාගෙන තිබුණෙ.

 

ඒකට විශේෂ හේතුවක් තිබුණද?

රොහාන් සර් මේ චිත‍්‍රපටයට ගැලපෙන චරිත ගැන හිතන්න ඇති. ඔහුට මනසේ තිබුණු චරිතවලට ගැලපෙන අය අතර මා වගේ චරිතත් සිටින්නට ඇති.

 

මේ චිත‍්‍රපටයේ අහිංසා ලෙස රඟපාන්න වුණාම?

පිටපත ලබාදීලා තිබුණා. ඒ කරන කාලයේදී බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. මෙහි රඟපාන ළමුන් 27 දෙනාම දින 3 ක නේවාසික වැඩමුළුවකට සහභාගි වුණා.

 

මීට කලින් රඟපාලා තියෙනවද?

2010 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ ‘‘යෝධයාගෙ උයන’’ නාට්‍යයේ රඟපෑවා 2015 දි මධ්‍ය පළාත් අංශයෙන් ප‍්‍රථම ස්ථානය ලැබූ (ඉට්ස් මී) කියන නාට්‍යයේ රඟපෑවා. මේ විදියට පාසල් නාට්‍ය වේදිකාවේ රඟපාලා තියෙනවා. එක් වතාවක ‘ඉට්ස් මී’ නාට්‍යයේ චරිත 6 ක් මම රඟපෑවා.

 

ඒ ලෙවල් මතකයන් මොන වගේද?

හරිම සුන්දර මතකයක් තියෙන්නෙ. සචිර අයියා වගේම අනෙක් අයියලා අක්කලා වගේම මගේ වයසෙ අය එක්ක රඟපෑම අපට හරිම සතුටක් ගෙන දුන්නෙ. ඒක හරියට යාළුවෝ පිරිසක් එකතුවෙලා සංචාරයක් ගියා වගෙයි.

 

ලහිරුකාගෙ අරමුණ මොකක්ද?

වාණිජ අංශයෙන් ඉදිරියටම යාම තමයි අරමුණ

 

මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදු වූ මතකයක් මොන වගේද?

වතාවක මැරයෙක් මාව අතින් ඇදගෙන යන්න හදනවා. ගලහ පාරෙදි මේ අවස්ථාව රූගත කළේ. ඒ චරිතය රඟපෑ අංකල් මගේ අතින් ඇදලා ආයෙ අතෑරියා. එයාට දුක හිතුණලූ තදින් අත අල්ලන්න. ඉතින් ඒ අවස්ථාව දහ වතාවක් විතර රූගත කරන්න සිද්ධ වුණා. දහවැනි පාර සර් කරලා පෙන්නුවා. එවිට ඇත්තටම ඇඬුණා. කොහොම හරි 12 වැනි වතාවෙ තමයි හරියටම රූගත කළේ.

 

ලහිරුකා සහ අහිංසා අතර ඇති වෙනස හෝ සමානකම් මොනවද?

ටිකක් දුරට ලහිරුකා අහිංසාට සමානයි. නමුත් සම්පූර්ණයෙන්ම නෙවෙයි

 

ලහිරුකා වැඩිපුරම දක්ෂ?

පොත් කියවීම මගේ ප‍්‍රියතම විනෝදාංශයයි. වයලීනයත්, ඕගනය සහ සර්පිනාව වයනවා. සංගීතයට වඩා කැමතියි.

 

සචීර ගැන කොහොමද හිතෙන්නෙ?

හොඳ සහෝදරයෙක්. චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර බොහොම උදව් කළා.

 

විශේෂ ස්තුතිය ‘‘සිරස’’

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

  2018-01-09-ent-69