මං ප්‍රවීණයන්ට ගොඩක් ගරු කරන කෙනෙක්



2018-08-07-ent-06

වේදිකා නාට්‍ය, නිරූපණය, රංගනය යන ක්ෂේස්ත්‍රයන් හි නියැලමින් තම දක්ෂතාවයන් සමඟ ඉදිරියට යන තාරුකා අංජලි මෙවර "සාරවිට" සමඟ කතා බහට එක්විය.

 

කොහොමද මේ දින වල වැඩ කටයුතු?

මේ දින වල ෆිල්ම් එකක වැඩ කටයුතු කරගෙන යනවා. ෆිල්ම් එකේ වැඩකටයුතු වලට මූලිකත්වය දීලා නිරූපණ ක්ෂේස්ත්‍රයේ ලැබෙන වැඩ කටයුතුත් එක්ක සතුටින් ඉන්නවා.

 

ඔබ මේ ක්ෂේස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ මොන කාලේද?

මම අවුරුදු තුනක පමණ කාලයක ඉඳලා මේ ක්ෂේත්‍රයේ රැදෙන්නේ. මගේ ආරම්භය වුනේ ප්‍රසිද්ධ වේදිකාව. ප්‍රසිද්ධ වේදිකාවේ "තරුව විකිනේ", "හොරු" යන වේදිකා නාට්‍ය තමයි මගේ මේ ගමනට දිරිය දුන්නේ.

 

ක්ෂේස්ත්‍රය පිළිබඳ මොකද හිතන්නේ?

ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. හොඳ විදියට ගමනක් යන්න පුළුවන්නම් මේ ක්ෂේත්‍රයේ සැහැල්ලුවෙන් ඉතාමත් සතුටින් වැඩකටයුතු කරගෙන යන්න පුලුවන්.

 

මේ වෙනකොට Music video වලට හෝ ටෙලි නාට්‍ය වලට සහභාගි වෙලා තියනවද?

ඔව්. චමුශ්‍රී අධ්‍යක්ෂණය කළ සිඟිති නිරෝෂන් ගායනා කළ "හිත හදන්න" Music video වීඩියෝවට රංගනයෙන් දායක වෙලා තියනවා. ඉදිරියට ටෙලි නාට්‍ය කිහිපයකට සහ ප්‍රිතිරාජ් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන චිත්‍රපට සඳහාත් අරාධනා ලැබිලා තියනවා.

 

නිරූපණය සහ රංගනයෙන් ඉදිරි බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම හීනය සහ බලාපොරොත්තුව චරිතාංග නිළියක් වෙන එක. මං ප්‍රවීණයන්ට ගොඩක් ගරු කරන කෙනෙක්. ඒ අයගේ ආදරයත් සමඟ ඒ අයගේ අත්දැකීම් සහ අවවාද ඇතුව ප්‍රේක්ෂකයන්ගේත් ආදරය ඇතුව මේ ගමනේ ඉහළම තැනට යන එක තමයි මගේ බලාපොරොත්තුව.

 

සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව

 

2018-08-07-ent-01 2018-08-07-ent-02 2018-08-07-ent-03 2018-08-07-ent-04 2018-08-07-ent-05  2018-08-07-ent-07 2018-08-07-ent-08 2018-08-07-ent-09 2018-08-07-ent-10 2018-08-07-ent-11