නිරුවත හා අඩනිරුවත නිසා මිනිස්සු ඒ නිර්මාණ බලනවා



2018-09-06-ent-75

ගීත රූපරචනා හරහා නිතර දකින නිමාෂා සෙව්වන්දි වැන්ඩොට් සමගින් අද තරු කතා බහ මෙළෙස අපි ඇරඹුවෙමු. කුඩා කාලයේ රංගනයටද එක්ව ඇති නිමාෂා පසුව නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇත. පසුව අධ්‍යාපන කටයුතු නිසාවෙන් නිරූපණයෙන් මදක් ඈත්ව සිටි නිමාෂා මේ වනවිට පූර්ණ කාලීනව නිරූපණ කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වේ.

 

ක්ෂේත්‍රයට එන්නේ ඔබ රංගන ශිල්පිනියක් විදිහට?2018-09-06-ent-77

පුංචිම කාලෙ චංකි ඉපලවත්ත මහත්මයගේ චිත්‍රපටයක රඟපෑවා. ඒකේ නම ‘රාජා’. අවාසනාවට එය තිරගත වුණේ නැහැ. ඊට පසුව පාසල් වියේදීම ‘සපිරිවර’ කියලා ටෙලි නාට්‍යකට සම්බන්ධ වෙන්න ලැබුණා. මං එහි රඟපෑවේ නිළි රැජන මාලිනී මහත්මියගේ පුංචි කාලෙට.

 

මෑතකදී ඔබව වඩාත් දක්නට ලැබුණේ මියුසික් වීඩියෝවලින් නේද?

ඔව්. මට කෙටි කලක් ඇතුළත මියුසික් වීඩියෝ බොහොමයකට රංගන දායකත්වය ලබාදෙන්න හැකියාව ලැබුණා. පන්සිළු මනෝහරගේ ‘දේවාශීර්වාදයෙන්’, මංජුල පුෂ්පකුමාරගේ ‘මගේ හුස්ම අරන්’, රංග ප්‍රියශාන්තගේ ‘අප්පච්චි’, මායා රොද්‍රිගෝගේ ‘ඔයා දන්නෙ නැද්ද’, ප්‍රමෝද් ලක්මාල්ගේ ‘දුක දන්නෙ මගේ හිත වගේ’, ශානුක දිල්ෂාන්ගේ ‘ඔබ එනවද මතු ජීවිතේ’, රොෂාන් චාමරගේ ‘ඔබ මගෙ විතරමයි’. තරංග ඩයස්ගේ ‘වසන්තය නුඹ නම්’, මේවා තමයි මං රඟපාපු ඒවා. ඉදිරියට තවත් මා රඟපෑ රූප රචනා කිහිපයක් එන්න තියෙනවා.

 

මියුසික් වීඩියෝ කලාව තුළ අද ගොඩක් තියෙන්නේ නිරුවත හා අඩ නිරුවත?

ඔව් ගොඩක් එහෙම නිර්මාණ කරන්නේ සල්ලි ඉපැයීමේ පරමාර්ථයෙන්. ගීතයේ කිසිදු ගුණාත්මක බවක් නැහැ ඒවායේ. නිරුවත හා අඩනිරුවතට මිනිස්සු ඒවා බලනවා.

 

ඔබට එහෙම වීඩියෝවක් සඳහා කතා කරලා ඇති?

ඔව්. සාමාන්‍යයෙන් මට වීඩියෝවකට කතා කළාම මුලින්ම බලන්නේ මට එය රඟපාන්න පුළුවන්ද කියලා. ඊට පසුව රූප රචනාව තුළ මා අඳින පළඳින ඇඳුම් පැළඳුම් ගැන බලනවා. ඒවාට මං එකඟ නම් රඟපානවා. එහෙම හිතට එකඟ නොවුණ වීඩියෝ බෝහොමයකට කතා කළා. මං ඒවාට ගියේ නැහැ.

 

දිගින් දිගටම මියුසික් වීඩියෝවල රඟපාන්නද කල්පනාව?

මට ටෙලිවලට කතා කළා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ ආරාධනා සුහදව ප්‍රතික්ෂේප කළා. මියුසික් වීඩියෝවලට යන්නේ ඒවයේ ෂූට් එක, එක දවසින් ඉවර නිසයි. අනික වැඩිපුරම ආරාධනා ලැබුණෙත් ඒවට.

 

ඉදිරියට කොහොම වෙයිද?

මගේම කියලා සැලෝන් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම ඉගෙන ගත්තු අධ්‍යාපනයෙන් පළ ප්‍රයෝජනයක් ගන්නත් හිතාගෙන ඉන්නවා. ගුරුවරියක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. නිරූපණය කරන්නේ මම ‘හොබි’ එකක් විදිහට. ඉතින් ඒ පැත්තත් ලැබෙන කාල වෙලාව අනුව මම සම්බන්ධ වෙනවා.

 

උදව් කළ අය?

ඉමේෂ් නුවන්දක අයියාව මතක් කරන්න ඕනා. මොකද, පොඩි කාලේ මේ ක්ෂේත්‍ර යෙන් තාවකාලිව ඉවත් වුණාට පස්සේ ඔහු තමයි මාව නැවතත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කළේ. මගේ පෙම්වතා වගේම ගෙදර කට්ටියත් ගොඩක් උදව් කළා නිරූපණ ක්ෂේත්‍රයෙන් මේ දකාව ඉදිරියට එන්න.

 

2018-09-06-ent-73 2018-09-06-ent-74  2018-09-06-ent-76