අඩනිරුවත් වීඩියෝවලට ආරාධනා ලැබුණා



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-08-ent-102

මියුසික් වීඩියෝ කලාව තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. කෙටි කාලයක් තුළදි ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය සිනමාවේ මෙන්ම පුංචි තිරයේද තරුවක් වී හමාරයි. නිවේදිකාවක් වශයෙන් බොහෝ කාලයක් කටයුතු කරනු ලැබුවා. වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව ඇයට ඇත්තේ යම් කිසි කළකිරීමක් බවයි ඇය පවසන්නේ. මේ කාරණාව සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ඇය මෙලෙස අපත් සමග එක්කාසු විය.

 

මේ දවස්වල මොකද වෙන්නේ?2018-10-08-ent-104

මේ දවස් වල Off Marks ප්‍රඩක්ට් එකේ වැඩ ටිකයි, තව ෆිල්ම් එකක වැඩ වගයක් කලා. ඊට අමතරව නාට්‍යය දෙකක වැඩකටයුතු වගයක් කලා. ඒ දෙක ඉවරයි. හොඳ මියුසික් වීඩියෝ දෙක තුනක ෂූටින් තිබ්බා. ඒ ටික තමයි මේ දවස් වුණේ.

 

අවසන් ඉනිමේ ‘නෙතු’ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා නේද?

ඇත්තෙන්ම ඔව්. අවසන් ඉනිමේ නෙතු කියන්නේ මම කරපු වෙනස්ම චරිතයක්. ඒක දඟකාර, කටකාර චරිතයක්. ඒක මම ආසාවෙන් කරපු චරිතයක්. ගොඩක් ඉස්කෝලේ ළමයි, පිටසර අය මට ඒ නමින් කතා කරන්න ගත්තා. ඒ චරිතය ගොඩක් අය ළඟට ගිය එක ගැන ගොඩක් සතුටුයි.

 

අලුත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා ලැබුණා. හිරු එකෙන් ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනා කලා. ඇත්තටම ඒක මට භාර ගන්න බැරි වුණා. අසනීප වෙලා හිටියා ටික දවසක්. තව රූපවාහිනි නාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙන්නේ. ඉස්සරහේදී ඒකේ වැඩකටයුතු පටන් ගනියි.

 

මියුසික් වීඩියෝ කරන සීමා කරලද?

ටිකක් විතර සීමා කරලා. මියුසික් වීඩියෝ වලට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් ගොඩාක් දුරට වීඩියෝ හැදෙන්නේ එක විදිහට නිසා මම ගොඩක් දේවල බාර ගත්තේ නැහැ. බජට් අතිනුත් අඩු විදිහට තමයි නිෂ්පාදනය කරන්නේ. අපි ආපු පැවැත්මත් එක්ක අපිට අඩුවට කරන්න අමාරුයි. ඒ දෙවල් සහ හොඳ දෙයක් ආවොත් කරනවා. මියුසික් වීඩියෝ ගොඩක් ආරාධනා ලැබුණත් තෝරා බේරාගෙන තමයි දායක වෙන්නේ.

 

සරාගී සහ අඩනිරුවත් මියුසික් වීඩියෝ රැල්ලට ඔබත් අහුවුණා නේද?

මම එක්තරා වීඩියෝවක් කරා. ඒක අඩනිරුවත් නෙමෙයි ඒක. ලස්සන කතන්දරයක් එක්ක ගොඩ නැගුනු කතාවක්. ඒකත් එක්ක සහ ඊට කලින් ඉඳලා අඩනිරුවත් වීඩියෝවලට ආරාධනා ලැබුණා. මම ප්‍රථිපත්තියක් විදිහට ඒ වගේ වීඩියෝස් වලට රඟපාන්න කැමති නැහැ. ඒක නිසා මම ඒවා ප්‍රතික්ෂේප කලා.

 

අඩ නිරුවත් යැයි හැගෙන ඔබ දායක වූ වීඩියෝව ගොඩක් දෙනෙක් විවේචනය කලා නේද?

ගොඩාක් විවේචනය කලා. මේ ළඟකදීත් වැඩසටහනකදී ඒ සම්බන්ධයෙන් කතා කලා. ගොඩක් අය මගේ ප්‍රශ්න කලේ ඇයි මේ වගේ දෙයක් කලේ කියලයි. ළඟදී ඒ කැමරා කණ්ඩායම හම්බුණා. ඒ ගැන කතා කලා. මම නිරුවත් විදිහට රූගත කලේ නැහැ. ඒ සඳහා ඇඳුමක් නිර්මාණය කරලා තිබුණේ. අපි දන්නවා ඒ සීන් එක ගන්න කොච්චර මහන්සි වුණාද කියලා. ඒ සීන් එක ඕන විදිහට ඇඳුම කොහොමද හදාගන්නේ. ඒ රූගත කරන ඇන්ගල් පවා අපි කතා කලා. දුකක් නැහැ. එතන හිටපු කට්ටිය දන්නා නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා. ඒ ගැන කවුරු කොහොම කිව්වත් දුකක් නැහැ.

 

ඒ දේ චරිතයට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?

හානියක් වුණා කියන්නේ මෙහෙමයි. මට ආදරේ කරන පිරිස හිතන් හිටියේ මම ඒ වගේ දෙයක් කරන එකක් නැහැ කියලයි. එයලා හිතනවානේ මම නිරුවත් වීඩියෝවක් රඟපෑවා කියලා. ගොඩක් අය කිව්වේ, “අනේ අක්කේ අපි හිතුවේ නැහැ ඔයා මේ වගේ දෙයක් කරයි” කියලා. මට එයාලට කියන්න තියෙන්නේ ඇත්තමට මම ඒවගේ දෙයක් කලේ නැහැ. මට ඒ පැත්තෙන් ආපු කමෙන්ට් හානියක් තිබ්බා. කවුරු කොහොම විවේචනය කලත් මම දන්නවා මම එහෙම දෙයක් කලේ නැහැ කියලා. ඒ නිසා මට දුකක් නැහැ.

 

ශෂිගේ නිවේදිකාවට මොකද වුණේ?

මම අවුරුදු 06 ක් නිවේදිකාවක් විදිහට ටීවී දෙරණ ආයතනයේ වැඩ කලා. ඒ අවුරුදු 06 ප්‍රේක්ෂකයන් වැළඳගත්ත වැඩසටහනක් වුණා. ඒ වැඩසටහන අතර මඟදී නතර කලා. ඒකට හේතුව දන්නේ නැහැ මොකක්ද කියලා. වැඩසටහන් කිහිපයක් වෙනස් කම් කරන්න ඕනේ කියලා තමයි කිව්වේ. කොහොම හරි ඒ වැඩසටහන එහෙම්ම නතර වුණා. එයාලා මට කිව්වේ අලුතින් වැඩසටහනක් පටන් ගද්දී මට ආරාධනා කරන්නම් කියලා. මම හිතන්නේ එක දිගටම එකම විදිහේ වැඩසටහන් යන්න බැහැනේ. ඒ නිසා තමයි එයාලා නතර කලේ.

 

නිවේදනයට වෙනත් නාලිකා වලින් ආරාධනා ලැබුණේ නැද්ද?

සියත ටීවී එකෙන් සහ අයිටීඑන් එකෙන් නිවේදනය පැත්තට මට ආරාධනා ලැබුණා. ඉතිං ඒ දෙක බාර ගත්තේ නැහැ. සියතේ ටික දවසක් වැඩසටහන මම කලා. මම කැමැත්තෙන් නතර වුණා. හොඳ වැඩකට ආරාධනා ලැබුණොත් ඉදිරියේදී බාර ගන්නවා.

 

දැන් නිවේදනයට එච්චර කැමැත්තක් නැද්ද?

කැමැත්තක් තියෙනවා. නමුත් මම මුල ඉඳන්ම මම ආස දෙයක් තියෙනවා. මම ආස දේවල් නැතුව වෙන වෙන වැඩසටහන් කරද්දී මට හරි කම්මැලියි. මට ඒක කරන්න හිතෙන්නේ නැහැ. ආසාවෙන් දෙයක් කරනවානම් හොඳින් ඒ දේ කරන්න පුළුවන්.

 

ඔබ කැමති වැඩසටහන් මොනවාද?

මම ගොඩාක් දුරට මියුසික් පැත්තෙන් සහ බ්‍රයිඩල් පැත්තෙන් කරන්න. මම සියත ටීවී එකේ කලේ තැන් තැන් වලට ලයිච් ටයිම් වැඩසටහනක්. ඒක පාන්දරම යනවා. ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරන්න වෙනවා. ඒ දේවල් නිසා අනිත් දේවල් බැලන්ස් කර ගන්න අමාරුයි. ඒ නිසයි ඒ දේ නතර කලේ.

 

වර්තමාන කලාව ගැන මොකද හිතෙන්නේ?

අපි පටන් ගත්ත කාලේ ඉඳන් ගිය අවුරුද්ද වෙනකම් අපි දැක්කා, නිරූපණ ක්ෂේත්‍රය, වීඩියෝ කියන දේ හොඳ විදිහට ගලාගෙන ගියා. අපි අවුරුදු දෙක කාලයේදී නිර්මාණය වෙන දේවල් මිනිස්සුන්ගේ මතකයේ තියෙන්නේ නැහැ. අද දකින දේ හෙට වෙද්දී මතකෙ තියෙන්නේ නැහැ. ඒ දේවල් මිනිස්සුන්ගේ හිත්වල රඳා පැවැත්මක් නැහැ. මම පටන් ගත්තේ ‘නොදැක ඉන්න බෑ’ ගීතයයි. තාමත් ඒ ගීතය මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා. මාව දැක්කත් අහන්නේ ඒ සිංදුව ගැනයි. අද හැදෙන දේවල් දැක්කමා කලකිරීමක් තියෙනවා. මිනිස්සු ඒ දේවල් වලට ආදරේ කරන්නෙත් නැහැ. අපිත් රඟපාන්නේ ඒකාකාරී විදිහටයි. ගොඩක් ඒ දේවල් නැති වෙලා තියෙනවා මේ වෙද්දී.

 

ඔබ කියන්නේ වර්තමානයේ ගුණාත්මක දේවල් නිර්මාණය වෙන්නේ නැහැ කියලද?

ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. මම නැහැ කියන්නේ නැහැ. නමුත් මොකක් හරි තැනක මොකක් හරි වැරැද්දක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. අපිම හැමදාම රදා පවතින්න ඕනේ නැහැ. අලුත් අය එන්න ඕනා. එයාලත් ප්‍රේක්ෂකයෝ අතරට යන්න ඕනේ. සිංදුවක් ආවත් දවසයි දෙකයි අමතක වෙලා යනවා. මිනිස්සු අතරේ රැඳෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ඒකට මොකක්ද හේතුව කියලා.

 

ක්ෂේත්‍රය ගැන කළකිරිලද ඉන්නේ?

ඇත්තම කිව්වොත් කළකිරීමක් තියෙනවා. අපි දෙයක් ඉගෙන ගෙන රඟපාන එක හරි අපි ආසාවෙන් කරපු දෙයක්. ඒත් දැන් අපි ආපු ගමන අපිට නැති වෙලා තියෙනවා. මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. මේ යන විදිහ ගැන කළකිරීමක් තියෙනවා.

 

වෘත්තීය කලා ශිල්පිනියක් වෙන්න බැරිද?

ඔව්, මම හිතන්නේ එහෙම කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.

 

එවැනි තත්ත්වයක් උදා වෙන්නේ ඇයි?

හොඳ කලා නිර්මාණ බිහිවෙනවා. හොඳ චිත්‍රපට, නාට්‍ය ඇවිල්ලා තියෙනවා. හරි කෙනාට, පුළුවන් කෙනාට, ක්ෂේත්‍රය ගැන කැමැත්තෙන් ඉන්නට අයට අවස්ථාවන් නැති වෙලා තියෙනවා.

 

ගොසිප් නිසා අද බොහෝ දෙනෙක්ට හානි වෙනවා නේද?

හානියක් වෙන ප්‍රමාණය ඇත්තටම වැඩි වෙලා තියෙන්නේ. අපේ දෙයක් කලොත් එක දෙක කරලා වැඩිකරලා ගොසිප් සයිට් වල දානවා. සමහර විට ඒ කෙනාට එන්න තියෙන හොඳ වැඩක් හරි අර දේවල් නිසා නැති වෙන වේලාවල් තියෙනවා. හොඳ නිෂ්පාදකයෙක්ට හරි අර ගොසිප් ගිය කෙනාව වැඩ වලට ගන්න හිතනේනේ නැහැ. මම නම් කියන්නේ ගොසිප් කියන දේවල් නැති කරන්න ඕනේ. මිනිසුන්ගේ පොඩි වැරැද්දක් හොයලා ලොකු කරලා දාන ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. ඒ දේ හරිම නරකයි.

 

ඉදිරි කටයුතු?

හොඳ දේවල් ආවොත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මියුසික් වීඩියෝ පැත්තෙන් ඈත් වෙලා ඉන්නේ. දැනට මම මියුසික් වීඩියෝ ගොඩක් කරලා තියෙන නිසා. මටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරගෙන යනවා. මේ දවස් ටිකේ ඒ සඳහා ටිකක් වෙහෙසෙනවා. ඉතිං කලා කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඒ දේවලුත් කරගන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ආදරණීය රසිකයන් වෙනුවෙන්?

ඇත්තටම ඒ අයට ගොඩක් ආදරෙයි. ඒ රසිකයන් නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. ඉතිං මං කියනවා ඒ අය වෙනුවෙන් ඉස්සරහට හොඳ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය මට ආදරේ කරන්නේ මගේ හොඳ දේවල් දැකලා. ඉතිං ඒ අය වෙනුවෙන් දෙයක් කලත් මම නරක දේවල් කරන්නේ නැහැ. ඒ නිසා ඒ හැමෝටම ස්තූතියි කියනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

 

Instagrame Youtubejhj-New Facebook Twitter

 

2018-10-08-ent-101  2018-10-08-ent-103