Beauty Queen කෙනෙක්ගෙයි Model කෙනෙක්ගෙයි ලොකු වෙනසක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1580

ඇය නමින් චතුනි සේනානායක. නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කිරුළක් හිමි ඇය වෙළෙඳ දැන්වීම් ඔස්සේ ඇය ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇයගේ කලා කටයුතු සහ නිරූපණ ක්ෂේත්‍රය පිලිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ අපත් සමග ඇය මෙලෙස එක්විය.

 

මේ දවස් වල වැඩකටයුතු කොහොමද?2019-08-09-ent-1582

මම රැකියාව කරන්නේ Bank එකක. ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව චන්දිමාල් ජයසිංහගේ පැජන්ට් එකේ වැඩ කටයුතු වලට ටිකක් කාර්යය බහුල වෙලා හිටියා. මම නිරූපණය පැත්තෙන් ෆොටෝ ෂූට් සහ කොමර්ෂල් පමණයි කරන්නේ. ඇක්ටින් පැත්තට යන්නේ නැහැ.

 

ජයග්‍රහණය කරපු පැජන්ට් එක ගැන කතාකලොත්?

ඒකේ National Director මයුමි ශ්‍රීමාලි තමයි හිටියේ. ඊට පස්සේ Official choreographer රුක්මාල් සේනානායක. එයාගෙන් තමයි ලොකු සහයෝගයක් ලැබුණේ. පැජන්ට් එකේ භාගෙට භාගයක්ම සාර්ථක කර ගන්න පුළුවන් වුණේ සර් හින්දා. මගේ Win කරන්න තිබුණේ Miss Globe කියලා. ඒකේ ජයග්‍රහණය කලේ මමයි. Miss Sri Lanka for Miss Globe 2019 Title එක තමයි මට ලැබුණේ.

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?

මම නිරූපණයට එකතු වුණේ මීට අවුරුදු තුනකට කලින්.

 

රංගනයට එකතු වෙන්නේ නැද්ද?

මම රංගනයට එකතු වෙන්න අදහසක් නැහැ. මම හිතන විදිහ තමයි නිරූපිකාවක් විදිහට ආවොත් රංගනයට යන්නේ නැහැ කියන දේ. Actress කෙනෙක්ගෙන් Model කෙනෙක්ගෙයි ලොකු වෙනසක් තියෙනවා. හැමෝටම Actress කෙනෙක් වෙන්නත් බැහැ, හැමෝටම Model කෙනෙක් වෙන්නත් බැහැ. මම මිනිස්සු අතරට ගියේ ‍Model කෙනෙක් විදිහටනේ. මාත් ආසයි Icon එකක් විදිහට පවතින්න. ලංකාවේ Ramping කරනවා වගේම මම ආසයි පිටරට ගිහිල්ලා වෙනම Training එකක් අරගෙන ඉන්න තැන ඉඳන් ඉස්සරහට යනවා ඇරෙන්න රංගනයට යන්න ලොකු කැමැත්තක් නැහැ.

 

නිරූපිකාවක් වෙන්න තියෙන්න ඕනේ සුදුසුකම් මොනවාද?

Beauty Queen කෙනෙක්ගෙයි Model කෙනෙක්ගෙයි ලොකු වෙනසක් තියෙනවා. අනිවාර්යෙන්ම Height එක තියෙන්න ඕනේ. Figure එකේ හැඩයක් තියෙන්න ඕනා. සුදු කළු පාට ගැන නම් පිළිගන්නේ නැහැ. මොකද පිටරට පැජන්ට් වල ඕන තරම් කළු ජාතියන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ හින්දා සුදු කළු පාට නම් ගැටලුවක් වෙන්නේ නැහැ. සමහර Beauty Pageant තියෙනවා කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා හිටපු එකෙත් එහෙමයි. Ramp කරන්න කිව්වා, මෙතන ඉඳන් අතනට ඇවිදින්න කිව්වා එච්චරයි. Walk කරන Style එකේ නම Pose කරන එකේ නම, ඒ මුකුත් දැනගෙන හිටියේ නැහැ. නමුත් අපේ පැජන්ට් එකේදී හම්බුණ රුක්මාල් සේනානායක සර්ගෙන් තමයි හැමදෙයක්ම ඉගෙන ගත්තේ. බොහොම පොඩි කාලයෙන් ලොකු දැනුමක් ලබා දුන්නා. නිරූපණය කියන්නෙත් මොලෙන් වැඩ කරන්න ඕනේ දෙයක්. හැමදෙයක් පිළිබඳවම මතක තියා ගන්න ඕනේ.

 

Beauty Queen කිරූළක තියෙන වටිනාකම සහ වගකීම මොකක්ද?

දැන් නිරූපිකාවක් කියලා කිව්වොත් මිනිස්සු හිතන්නේ වැරදි විදිහටනේ. ලංකාවේ පැජන්ට් ඕන තරම් තියෙනවා. ගොඩක් අය හිතන්නේ illegal විදිහටයි පැජන්ට් එකක Win කරන්න හම්බ වෙන්නේ කියලා. ඒ තත්ත්වයට වැටිලා තියෙන්නේ නිරූපණය අනවශ්‍ය විදිහට භාවිතා කරන අය නිසයි. අපි හොඳ විදිහට කිසිම කෙනෙක් ඒ දේ ගණන් ගන්නේ නැහැ. හැමෝටම එල්ල වන චෝදනාවට අපිටත් එල්ල වෙනවා. ඒ ප්‍රශ්න නිසා ඉස්සර තිබුණ විදිහට මේ ක්ෂේත්‍රයට පිළිගැනීමක් නැහැ. රොසෑන් ඩයස්, සංගීතා ඒ අය කලා වගේ නෙමෙයි නිරූපණ ක්ෂේත්‍රය පහළට වැටිලා තියෙන්නේ. මෙලෝ දෙයක් දන්නේ නැති, ලොකු ඇඟවල් තියෙන අය මොඩලින් කරනවා. අර මිනිස්සු කියන්නේ ‘හාල් කෑලි ෆෝම් කරන්න එපා’ කියලා. අන්න ඒ තත්ත්වෙටම වැටිලා තියෙන්නේ. සමහර මිනිස්සු තමන්ගේ Character එකටවත්, ඇඟේ විදිහටවත් ගැලපෙන්නේ නැති විදිහට එන හැම Shoot කරනවා. තමන්ට ආවේනික වෙච්ච ශෛල්‍යයකින් ඉස්සරහට යන එක හොඳයි කියලා තමයි මම හිතන්නේ.

 

සමාජ මාධ්‍ය නිසා නිරූපිකාවක් කියන චරිතයට සිදුවන විශාල හානිය ගැන දකින්නේ කොහොමද?

ෆේස්බුක් එක හරි විදිහට භාවිතා කලොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ලෝකයෙන් භාගෙට භාගයක්ම මේ ෆේස්බුක් භාවිතා කරනවා කියලා මම හිතනවා. ඒ නිසා මේ මාධ්‍ය තුළින් හොඳ විදිහට උදව් ලබාගෙන ගමනක් යන්න පුළුවන්. නමුත් ඒ ගමන හිමින් තමයි යන්න වෙන්නේ. සමාජ ජාල අනවශ්‍ය විදිහට භාවිතා කරගෙන, Nude Shoot එකක් කරලා, එක්කේ කවුරුහරි එක්ක ශූට් එකක් කරලා, එහෙමත් නැත්නම් වීඩියෝවක් ලීක් කරගෙන යන ගමන ඉක්මනට යන්න පුළුවන්. නමුත් සමාජය පිළිගැනීමක් සහ ඉස්සරහට යන්න පුළුවන් කාලය අඩුයි. රැල්ලට යයි නමුත් ටික දවසකින් ඒ උණුසුම අඩු වෙනවා. සමාජමාධ්‍ය හරි විදිහට භාවිතා කලොත් ලොකු ගමනක් යන්න පුළුවන්.

 

ලංකාවේ තියෙන පැජන්ට් වලට ප්‍රමිතියක් තියෙනවාද?

ලෝකේ පිළිගන්න පැජන්ට් කිහිපයි තියෙන්නේ. මගේ Title එක වුණත් Miss Sri Lanka for Miss Globe. මම Miss Sri Lanka කෙනෙක් විතරයි. ඒ වගේ ආවේනික වෙච්ච Title තියෙනවා. Miss Sri Lanka, Mrs World, Miss Universe, Mrs Universe යන ඒවා තමයි ප්‍රමිතිසහතිකව ඇත්තටම කරන්නේ. ඊට අමතරව සමාන්‍ය පැජන්ට්ස් තියෙනවා. ඒ වලින් අලුත් මුහුණු එළියට එනවා. ඒ අය අනාගතයේදී හොඳ දෙයක් කරනවා නම් Pageant Industry එක ලොකු තැනකට යන්න පුළුවන්. අපි අතරේ National Directors ගොඩක් දෙනෙක් ඉන්නවානේ. ඔක්කෝම එකතු වෙලා Pageant එක්ක කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් වෙයි. චන්දිමාල්ගේ Pageant එක තියෙනවා. ඒකේ Audition වලටත් ගියා හරි Quality Pageant එකක්. ඒකට ක්ෂේත්‍රයේ හොඳම කට්ටියක් වන නිල්මිණි තෙන්නකෝන්, තරිඳු ලක්ෂාන් වැනි අය සහයෝගය ලබා දෙනවා. ඒ වගේ Quality Pageant කරා නම් ලංකාවේ නමක් තියෙනවා. එතකොට අලුතින් එන අයට නමක් හදා ගන්න පුළුවන් කමක් ඒ තුළින් ලැබෙයි.

 

නිරූපණ ක්ෂේත්‍රය තුළ බෙදීම් තියෙනවා නේද?

ඇත්තටම තියෙනවා. ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකක් තුනක් වුණාට ඒක මහ ලොකු කාලයක් නෙමෙයි. කැපිලි කෙටිලි තියෙනවා. අපිත් එක්ක ඉන්න පුද්ගලයා ක්ෂේත්‍රයේ කෙනෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුළුන් නමුත්, අපි ගැන වැරදි දෙයක් කියන්න පුළුවන්. එහෙම නැතත් මෙයා හරි නැහැ, මෙයාව වැඩ වලට ගන්න එපා කියලා කියන්න පුළුවන්. ගොඩක් මිනිස්සු සල්ලි තියෙන කෙනෙක් එක්ක හරි, ප්‍රසිද්ධ කෙනෙක් එක්ක හරි ඉන්නේ තමන්ට ප්‍රසිද්ධියක් තියා ගන්න මිසක් අවංකත්වයට නෙමෙයි. ගොඩක් වෙලාවට වාසියට මිනිස්සු ආශ්‍රය කරන කට්ටිය ඉන්නවා. ඉතිං ඒ මිනිස්සුව ජීවිතයෙන් අයින් කරන තමයි හොඳම දේ. අපිට කාත් එක්කවත් තරහ වෙලා ඉන්න බැහැ. නමුත් කැපිලි කෙටිලි තියෙනවා. මම පෞද්ගලිකව රැකියාවක් කරන කෙනෙක්. නමුත් ඒ තැන්වලත් තියෙනවා. ඕනෙම ක්ෂේත්‍රය ඔය දේවල් තියෙනවා. ඒක හැටියක්.

 

නිරූපණ ක්ෂේත්‍රය තුළ ‘මෙහෙම දෙයක් වුණා නම්’ හොඳයි කියලා හිතිලා නැද්ද?

ඇත්තටම හිතිලා තියෙනවා. ලංකාවේ National Director ලා ගොඩක් ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා ලංකාවේ ලොකු පැජන්ට් එකක් කරන්න පුළුවන් නම් කියලා හිතනවා. ලංකාවෙන්ම ජාත්‍යන්තර පැජන්ට් එකක් තියන්න පුළුවන් නම් හොඳයි කියන දේ මගේ හිතේ තියෙනවා. ඒක මාර ලොකු දෙයක් වෙයි. ලංකාවේ අද වෙනකම් එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම දෙයක් වෙනවා නම් මම ආසයි. ඒ වගේම තමයි දක්ෂතාවක් තියෙනවා නම් පමණක් ක්ෂේත්‍රය එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙම දෙයක් වුණොත් තමයි ලංකාවේ නිරූපණයට හොඳ තැනක් හිමිවෙන්නේ කියලා මම හිතනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2019-08-09-ent-1579  2019-08-09-ent-1581