වර්ල්ඩ් එක මාරැවෙලා



2017-06-01-ent-123පහුගිය දවසක මරදානෙ එක්සල් වර්ල්ඩ් පරිශ්‍රයේදී අලුත් චිත්‍රපටයක මුහුරත් උළෙලක් පැවැත්වුණාලු. එය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් රුසක් සහභාගි වුණේ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින්.

එක්තරා කලා පුවත්පතක් නියෝජනය කළ කැමරා ශිල්පියෙක් තම ආයතනයේ වෑන් රියකින් එතැනට ඇවිත් ආපහු වාහනේ කාර්යාලයට යැව්වලු. වැඩේ ඉවර වුණේ පැය තුනකට පස්සෙලු. අර කැමරා ශිල්පියා කාර්යාලයේ ප්‍රවාහන අංශයට දුරකතනයෙන් කතා කරලා  "මේ වැඩේ ඉවරයි, පුළුවන් ඉක්මනින් ලෙෂර් වර්ල්ඩ් එකට වාහනයක් එවන්න" කියලා තියෙනවා.

පැය භාගයක් ගිහිනුත් වාහනේ නැහැ. කැමරා ශිල්පියා ආයෙත් කතා කළාලු.

"අයියෝ මහත්තයා වෑන් එකක් එවන්නෙ ලෙෂර් වර්ල්ඩ් එකට. ටිකක් වෙලා යයි, කිතුල්ගල නේද?"

"අනේ අනේ සොරි මට වැරදීමක් වුණා. මම ඉන්නෙ එක්සල් වර්ල්ඩ් එකේ. ලෙෂර් වර්ල්ඩ් නෙවෙයි" ඔහු කිව්වලු.

 

DESHAYA