බල්ලා මැරිලද?



2017-06-15-ent-108විශ්‍රාම ගිය රජයේ සේවකයෙක් දැන් ඉඳල හිටලා ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපානවලු.

මාසෙට ලැබෙන පෙන්ෂන් එකයි මේ අමතර ආදායමත් එක්ක ඔහුට යාන්තම් ගෙදර දොර් වියහියදම් ටික ෂේප් කරගන්න පුළුවන්ලු.

ඔන්න දවසක් ෂූටිං ඉවරවෙලා ටිකක් රූ වෙලා ගෙදර එන ගමන් අහල පහල ගෙදරක බල්ලෙක් වත්තෙන් එළියට පැනලා මෙයාගෙ කකුල හපා කෑවලු. ඒ වෙලේම ඉස්පිරිතාලෙට ගිහින් ප්‍රතිකාර අරගෙන ආවෙ අර බල්ලා ඉන්න ගෙදර අයිතිකරැවෙක්ගෙ වාහනයක.

පහුවදා ඉඳලා මේ මනුස්සයා හැමදාම උදේ හවස අර බල්ලා ඉන්න ගෙදර ගේට්ටුවට ගහලා අහනවලු "ඕගොල්ලන්ගෙ බල්ලා මැරිලද?" කියලා. හැමදාම උදේ හවස අහන නිසා අර ගෙදර කට්ටිය ඇහුවලු එහෙම අහන්නෙ ඇයි කියලා.

"මට දොස්තර කියලා තියෙන්නෙ මාව කාපු බල්ලා දවස් 7ක් ඇතුළත මැරැණොත් එයාට ඇවිත් කියන්න කියලා. ඒකයි උදේ හවස අහන්නෙ..." ඔහු කිව්වලු.

 

DESHAYA