බස් දෙබස් හීනය හබක්!



2017-06-15-ent-111පහුගිය දවසක තරමක් අවිවේකී මැදිවියේ රංගන ශිල්පියෙකුට තංගල්ල පැත්තෙ ටෙලිනාට්‍යයක රෑපගත කිරීමක් තිබුණා.

කොළඹින් ඔහුට විතරක් වාහනයක් යවන එක තේරැමක් නැති නිසා ඔහුත් පාන්දර ෂූට් එකට කලින් දවසෙ රූ ඒ.සී. බස් එකක නැගලා එන්න එකඟ වුණා. ඒ දිනවල තිබුණු අවිවේකීකම නිසාම අලුත් ටෙලි නාට්‍යයේ පිටපත කියවන්නටවත්, ඔහුගේ දෙබස් ටික බලාගන්නවත් කාල වේලාවක් සොයාගන්න බැරිවෙලා.

රූ එළිවෙනකං බස් එකේ යන ගමන් ස්ක්‍රිප්ට් එක කියවන්නයි, දෙබස් ටික බලාගන්නයි ඔහු හිතාගෙන බස් එකට නැග්ගලු රූ 11ට විතර.

ඔන්න සීට් එකේ වාඩිවෙලා ස්ක්‍රිප්ට් එක අතට ගත්තා විතරයි බස් එක ඇතුළෙ ලයිට් ටික නිව්වලු. ඔහු කොන්දොස්තරගෙන් ඒ ගැන ඇහුවම පිළිතුරැ ලැබුණෙ මෙහෙමලු.

"මහත්තයට පේනවනෙ බස් එකේ හිටගෙනත් කට්ටිය යනවනෙ. ඉතිං ඇතුළෙ ලයිට් දාල ගියොත් අනිවාර්යයෙන් පොලීසියට අහුවෙනවා. ඉතින් මහත්තයා පාඩුවේ නින්දක් දාගෙන එන්නකො."

 

DESHAYA