ඔයා ඇක්ට්‍රස් කෙනෙක්ද?



2017-08-03-ent-01ළඟදි රෑගතකිරීම් ආරම්භ කළ ටෙලි නාට්‍යයක ෂූටිං ගොඩාක්ම තිබුණෙ බණ්ඩාරගම පැත්තෙ.

ඒකෙ ප්‍රවීණ නළු නිළියො වගේම නවක කට්ටියත් හිටියා. වැඩ පටන් අරන් තුන්වෙනි දවසෙ සෙට් එකට අලුත් නවක නිළියෙකුත් සම්බන්ධ වුණා.

එදාම රාත්‍රී කෑම කන අතරතුර එයා ළඟම ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

“ඔයා මොනවද අක්කෙ මේකෙ කරන්නෙ?* අර නවක නිළිය ප්‍රවීණ ශිල්පිනියගෙන් ඇහුවලු.

“මම මේකෙ රඟපානවා."

"ඔහ් රඟපානවද? ඔයා ඇක්ට්‍රස් කෙනෙක්ද? එහෙම පේන්නෙනම් නෑ හැබැයි.."

ප්‍රවීණ නිළිය දත්මිටි කාගෙන ඉවසගෙන හිටියලු.

ඔන්න දැන් ඉන්න නවකයින්ගෙ තරම. තමන්ගෙ ක්ෂේත්‍රයේ ඉන්න අයවත් අඳුරන්නෙ නැහැ.

 

DESHAYA