අයියෙ මගෙ නම අමතක වුණාද?



2017-08-03-ent-03එක්තරා තරැණ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් පසුගිය දවසක එයාගෙ අලුත්ම ටෙලිනාට්‍යයේ වැඩ ආරම්භ කළ බව ඔහුගේ මුහුණු පොත හරහා දැනුම් දීලා තිබුණා.

ඔන්න ඒ පොස්ට් එකේම ටෙලිනාට්‍ය රෑගතකිරීම් පටන් ගන්න කාල වකවානුව හා ඊට සම්බන්ධවන නළුනිළියන්ගේ නම් ගම්ද ඇතුළත් වෙලා තිබුණා. ඒ පොස්ට් එකට බොහෝ අය සුභ පතලා කොමෙන්ට්ස් කරල තිබුණා.

ඒ අතර එක්තරා නවක නළුවෙක් මෙහෙම කොමෙන්ට් එකක් දාලා තිබුණා.

“අයියෙ නළු නිළි ලැයිස්තුවෙ මගෙ නම දාන්න අමතක වුණා නේද?"

ඒකට අධ්‍යක්ෂවරයා පිළිතුරැ දීලා තිබුණෙ මෙහෙම.

“අමතක වුණේ නෑ මල්ලි. උඹ මේකෙ නැහැ. අර හිතන් හිටිය චරිතෙට උඹව ගැලපෙන්නෙ නැහැ කියලා පස්සෙ හිතුණා."

ඔන්න ඔහොමයි මල්ලි කෙනෙක් කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපුනේ.

 

DESHAYA