රඟපාන්න චරිත ඕන තරම් තියෙනවලු



2017-10-06-ent-49ළඟදී ආරම්භ වැඩ කරපු අලුත්ම චිත්‍රපටයකට තේමාව වෙන්නෙ යෝධයින්ගෙ කතාවක්. චිත්‍රපට දෙක තුනක් කළින් නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයෙක් තමයි වැඩේට අත ගහලා තියෙන්නෙ. ඔන්න දැන් අවුරැදු ගාණක ඉඳලා චිත්‍රපටවල රඟපාන්න අවස්ථා ඉල්ල ඉල්ලා කරදර කරපු කට්ටියට අධ්‍යක්ෂකවරයා මේ දවස්වල කෝල් කරනවා.

“ඇක්ට් කරන්න කැමතියි කියපු නිසයි කතා කරන්නෙ, අපේ AD එක්ක කතා කරලා දිග ටික බලාගන්න.* අධ්‍යක්ෂක කියනවලු. සහාය අධ්‍යක්ෂකට වැලනොකැඩී කෝල් එනවලු විස්තර දැනගන්න.

මොන වගේ ඇඳුම්ද ලෑස්ති කරන්න ඕනෙ. ටයි එහෙම අවශ්‍යද? මොන වගේ සීන් එකක්ද? රුවුල වවන්න ඕනෙද? කපන්න ඕනෙද? වගේ විස්තර තමයි අහන්නෙ. සහාය අධ්‍යක්ෂට මේක දැන් හිසරදයක් වෙලාලු. ඒ හැමෝටම ඔහු මේ වගේ SMS පණිවිඩ යැව්වලු.

“චරිතය ගැන වැඩිය හිතන්නෙපා. ඇඳුම් ගැන, කොණ්ඩෙ ගැන, රුවුල ගැන හිතන්නත් එපා. මේකෙ ඕගොල්ලන්ට තියෙන්නෙ යෝධයින්ගෙන් ගුටි කන චරිත."

 

DESHAYA