ඔයාගෙ ගෙදර එන්නද?



2017-11-23-ent-11ඔන්න ළඟදි දවසක අපේ දන්න කියන රංගන ශිල්පියෙක් ඔහුගේ පුතාව ගන්න ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගියාලු. එදා වාහනේ සර්විස් එකට දාලා තිබුණ නිසා පුතාව ගෙදර ගේන්න හිටියෙ ත්‍රීවිල් එකකින්. ඒත් ඒ දවස්වල තිබුණ තෙල් අර්බුදයත් එක්ක එයා නවත්තන හැම ත්‍රීවිල් රියැදුරෙක්ම කියන්නෙ එයා යන පැත්තට යන්නෙ නැහැ කියලලු.

ඒ වගේ ත්‍රීවිල් පහ හයක්ම මෙයාව මඟඇරලා ගියාම මෙයාට මළ පැන්නලු.

ඊළඟට ආපු ත්‍රීවිල් රියැදුරාත් කිව්වෙ එහෙම කතාවක්ලු.

‘මල්ලි එහෙනම් ඔයා කියන්නෙ මට කොයි පැත්තට යන්න කියලද? ඕගොල්ලන්ගෙ ගෙදරටද මට යන්න කියන්නෙ.’ ඔහු කේන්තියෙන් කිව්වලු.

 

DESHAYA