අක්කා එනකල් ඉමුද?



2017-11-29-ent-132ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු අලුතින්ම ටෙලි නාට්‍යයක් හදන්න පටන් අරන්. හැබැයි ඒක අධ්‍යක්ෂණය කරන්නෙ එයා නෙවෙයි. එයාගේ නෝනා. නෝනා ඉතින් මීට කලින් රඟපාලාවත් අධ්‍යක්ෂණය කරලවත් නැති වුණාට මහත්තයගේ වැඩවලට උදවු කරගෙන හෙවනැල්ලක් වගේ අවුරුදු ගාණක් ඉඳලා තියෙනවා.

දැන් දර්ශන තලයේ වැඩ කරන්න ගියාම මේක හරිම අච්චාරුවක් වෙලා.

මහත්තයා තමයි හැම දෙයක්ම සීන්වලට අවශ්‍ය දේ හදන්නේ. නෝනට තියෙන්නෙ ඇවිල්ලා ඇක්ෂන්, කට් කියන එක විතරයි.

සමහර දවස්වලට හැමදේම ලෑස්තියි. ඒත් නොනා පේන්න නැහැල්ලු.

ඒ වෙලාවට ඉතින් අර ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා බොහෝම අහිංසක විදිහට කට්ටියගෙන් අහනවලු ‘අක්කා එනකල් ඉමු නේද? කියලා.

 

DESHAYA