'ආලෝකෝ උදපාදි' මාධ්‍යය දැක්මදා



මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොලී ආක්‍රමණයත්, එකී සොලී ආක්‍රමණය හමුවේ එතෙක් සෞභාග්‍යයෙන් අනූනව පැවැති ශ්‍රී ලංකා ද්වීපය ක්‍රමයෙන් විනාශය කරා ගෙනයාමත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ජනීජනයා දැඩි පීඩාවට පත් කරමින් රට අරාජිකත්වය කරා ගෙනයමින් සිටි සමයක වළගම්බා රජු යළිත් භික්ෂූන් වහන්සලාගේ අනුග්‍රහය යටතේ සංවිධානය වී සොලීන් පළවා හැර රට ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන සිංහාසනාරූඪ වීමත්, අනතුරුව භික්ෂූන් වහන්සෙලා විසින් බුදු දහමේ හරය ග්‍රන්ථාරූඪ කිරීමත් පාදක කොටගෙන කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යෂණය කරන ලද 'ආලෝකෝ උදපාදි' සිනමා නිර්මාණයේ මාධ්‍ය දැක්ම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

'ආලෝකෝ උදපාදි' තිර රචනයෙන් සමන් වීරමන්, සම අධ්‍යෂණයෙන් භාරත හෙට්ටිආරච්චි, කැමරා අධ්‍යෂණයෙන් ප්‍රභාත් රෝෂණ, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සංස්කරණයෙන් ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න සහ අංග රචනයෙන් ජයන්ත රණවක මීට සිය දායකත්වය ලබාදී ඇති අතර, රංගනයෙන් උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, නිරෝෂා තලගල, රොෂාන් රවීන්ද්‍ර, මේනකා පීරිස්, දර්ශන් ධර්මරාජ්, බුද්ධදාස විතානාච්චි, නිහාල් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, දිනෙත්ද සිල්වා, රාජසිංහ ලෝලුවාගොඩ ආදීහු මීට දායක වෙති.

'ආලෝකෝ උදපාදි' එළඹෙන 20වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ.

නිරෝෂාන් ප්‍රේමරත්න/ ඡායාරූප- ක්‍රිෂාන් රණිසිංහ

_KSR8542 _KSR8547 _KSR8548 _KSR8549 _KSR8550 _KSR8551 _KSR8552 _KSR8553 _KSR8554 _KSR8555 _KSR8556 _KSR8557 _KSR8561 _KSR8563_KSR8566_KSR8568_KSR8570 _KSR8572 _KSR8576_KSR8580 _KSR8588 _KSR8594_KSR8596_KSR8599_KSR8603 _KSR8606 _KSR8610 _KSR8616 _KSR8620 _KSR8622 _KSR8629 _KSR8633 _KSR8636 _KSR8639 _KSR8642