සමිත් ගෙන් "ආදරෙයි පැලෙන්න"



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181228Samith-1

පතන්නේ නෑ ගීතයෙන් රටම හදුනාගත් සමිත් කේ සෙනරත්ගේ අලුත්ම ගීතය ‘ආදරෙයි පැලෙන්න‘ මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ. ලසිත ජයනෙත්ති ආරච්චි ගේ (Sa-one Entertenmant) විසින් නිෂ්පාදනය කළ සමිත්ගේ ආදරෙයි පැලෙන්න ගීතය ඩිල්ෂාන් එල් සිල්වා සංගීතවත් කළ අතර සජීක ජයසිංහ පද රචනය කර තිබේ.  

පතන්නේ නෑ, මැණිකක් වාගේ, බලා ඉන්නවානේ යන ගීත තුනක් කලින් සමිත් එළිදක්වා තිබුණි. ‘බලා ඉන්නවානේ‘ ගීතය එච්.ආර්.ජෝතිපාල මහතා ගැයු ගීතයක්වන අතර එය නිත්‍යානුකූල අවසර ඇතිව නව සංගීත සංයෝජනයකින් සමිත් විසින් ගායනය කරනු ලබයි. නොච්චියාගමින් සංගීතයට පිවිසෙන සමිත් ‘සාරවිට‘ සමග සිය අලුත් ගීතය ගැන පැවසුවේ මෙලෙසිනි.

‘‘මේ මාගේ සිවුවැනි ගීතය. ගීත හතරම නිකුත් කළේ දෙහිවල සාවන් ඉන්ටර්ටේට්මන්ට් ආයතනය හරහායි. ඔවුන් තමයි මගේ සංගීත කටයුතු වලට හයියක් වන්නේ.  මගේ මුල්ම ගීතය පද රචනා කළ සජීක ජයසිංහ අයියා තමා මේ ගීතයත් පද රචනා කළේ. ඩිල්ෂාන් එල් සිල්වා සංගීතවත් කළා ගීතය. මාස දෙකක්  වැනි කෙටි කාලයකදී ගීතය මේ වෙද්දී හිරු මියුසික් ඩවුන්ලෝඩ්වල ලක්ෂය ඉක්මවා ඩවුන්ලෝඩ් වී තිබෙනවා. සංගීත ප්‍රසංග වලදී වැඩියෙන්ම රසික ප්‍රතිචාර ලැබෙන්නේ මේ ගීතය ගායනා කරන්න කියලයි. ෆෙස්බුක් සමාජ ජාලයෙන් ඉහළ රසික ප්‍රතිචාරයක් මේ ගීතයට ලැබෙනවා යැයි‘‘ සමිත් පැවසීය.  

ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වෙරලියද්ද මහතාගේ හඩට වඩාත් සමීප හඩක් ඇති සමිත් මුල් කාලයේදී වෙරලියද්ද මහතාගේ ගීත ගයමින් යුටියුබ් හරහා ජනප්‍රියත්වයට පත්විය.

"යුටියුබ් එකට දැම්මා. ගොඩක් දෙනෙක් මාව හදුනගත්තේ ඒ හරහායි.  නමුත් මට මගේම ගීත කියලා අනන්්‍යතාවක් හදාගන්න ඕනේ වුණා. දැන් මට ප්‍රසංග වේදිකාවේ මගේම ගීත ගැයීමේ හැකියාව ලැබී තිබෙනවා. එයයි මා ලැබු භාග්‍යය"...
සමිත් ලබන වසරේදී තවත් ගීතයක් එළිදැක්වීමට මේ දිනවල සූදානම් වේ.

20181228Samith-2