ඉරාජ්, තාත්තා එක්ක එකතු වෙලා චිත්‍රපටයක් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. කතාබහට ලක්වන ඉරාජ් ගැන චිත්‍රපටයක් නිර්මාණ කරලා තිබෙනවා. 

නමින් 'තිත්ත ඇත්ත' කියලා තමයි මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ. මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ ඔහුගේ පියා වන ප්‍රීතිරාජ් වීරරත්නයි. 

දේශපාලන ප්‍රහසනයක් වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රීතිරාජ්ගේ පුත් ඉරාජ් වීරරත්න විසින්. එසේම ඉරාජ් කලකට පෙර නිර්මාණය කළ කාඩරජා, විසේකුරුට්ටා සහ හිතුවක්කාරී ගීත තුන ද චිත්‍රපටයට ඇතුලත් කර ඇති බවට පැවසෙනවා.

“තිත්ත ඇත්ත” ප්‍රධාන චරිතයට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ පණ පොවා ඇති අතර සනත් ගුණතිලක, විල්සන් කරු, දොන් ගයි, රජිත හිරාන් චාමිකර, සුසිලා කෝට්ටගේ, චතුර පෙරේරා, නිල්මිණි කෝට්ටේගොඩ, උදය කුමාරි, ඩී. බී. ගංගොඩතැන්න, සැන්ඩෝ හැරිස්, කිරන් ඩී. සොයිසා, චතු චතුරංගනී, රවී උඩත්තාව, දිල්කි මිහිරාජ්, මධු ශානි ප්‍රදීපා වික්‍රමසිංහ, රහුල් රිෂික සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සෙසු චරිතවලට පණ පොවා තිබේ.

“තිත්ත ඇත්ත” කතාව, දෙබස්, තිරපිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ප්‍රීතිරාජ් වීරරත්න විසිනි.

20190107iraj-1