රට වෙනුවෙන් කතා කරන්න ගිහින් මගේ පේජ් එක අද අන්පබ්ලිෂ් වෙලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190430Kalhara-1

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වුණු කෙනෙක් තමයි කල්හාර. කල්හාරගේ නමින් බොහෝ දෙනෙක් හඳුනන්නේ නැති වුණාට "කස්සා" ෆේස්බුක් පිටුවේ අයිතිකාරයා කිව්වාම තමයි හැමෝම හඳුනන්නේ. කල්හාරගේ කස්සා පිටුවට පසුගිය දිනෙක අකරතැබ්බයක් සිදු වුණා. ඒ ගැන හොයලා බලන්න අපි කල්හාරව සාරවිටට කැඳවා ගත්තා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම කල්හාර නෙරංජන් බණ්ඩාර. මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක නෙට්වර්ක් ඉන්ජිනියරින් අංශයෙන් උසස් අධ්‍යාපනය උපාධියක් හදාරනවා. "කස්සා" ෆේස්බුක් පේජ් එක කරන්නේ මමයි. විනෝදාංශයක් විදිහට තමයි මම කස්සා පේජ් එක කරන්නේ.

කල්හාර කියන චරිතය සමාජයේ කතාබහට ලක්වෙන්නේ කොහොමද?

2018 Social Media Award සම්මාන උළලේදී Entertainment කාණ්ඩයෙන් හොඳම ෆේස්බුක් පේජ් එකට හිමි සම්මානය දිනාගන්නේ මගේ කස්සා පේජ් එකයි. ඒ සම්මානය හරහා තමයි ගොඩක් අය මාව හඳුනාගන්නේ.

කල්හාර මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන් කිහිපයක් කළා නේද?. ඒ ගැන කිව්වොත්?

ඔව්. මම මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් වන සංදේශ් බණ්ඩාරත් එක්ක මියුසික් වීඩියෝ පහක් පමණ නිර්මාණය කරලා තියෙනවා. සංදේශ් බණ්ඩාර ළඟ සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරා. ඊට අමතරව මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන් සහ මියුසික් වීඩියෝ ප්‍රමෝෂන් කැම්පේන් රැසක්ම මම කරලා තියෙනවා.

"කස්සා" පේජ් එකට මේ වෙද්දි මොකද්ද වෙලා තියෙන්නේ?

පහුගිය කාලේ ඇති වුණු කලබලකාරී තත්වයත් එක්ක කතෝලික ප්‍රජාව පිළිබඳව පේජ් එකට පෝස්ට් කිහිපයක්ම දැම්මා. මේ නිසා තවත් පිරිසක් පේජ් එක රිපෝට් කරලා අන්පබ්ලිෂ් වෙන තැනට වැඩ කටයුතු කළා. රට වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා මගේ පේජ් එක අද අන්පබ්ලිෂ් වෙලා තියෙනවා.

සමහරු කියනවා ඔබ පෞද්ගලික වාසිය වෙනුවෙන් පේජ් එක අන්පබ්ලිෂ් කළා කියලා. ඒ කතාව ඇත්තද?

මේ ෆේස්බුක් කලාවේම ඉන්න බොහෝ අය ප්‍රචාරයක් යවනවා මම පේජ් එක අන්පබ්ලිෂ් කරගත්තා කියලා. ඒකට ඇත්තටම හේතුව පොඩි පේජ් කරන අය විසින් එයාලාගේ පේජ් අන්පබ්ලිෂ් කරගෙන රීච් එක වැඩි කරගන්න කමෙන්ට් ඉල්ලලා පෝස්ට් දදා විහිළු වැඩ කරන නිසා. මේ පේජ් කලාව කියන්නේ තරඟයක්නේ. ඒ නිසා සමහරු චෝදනා කරනවා මම බොරුවක් කරනවා කියලා. ඇත්තටම ඒක වැරදියි.

ඒ කියන්නේ ඉදිරියේදී කස්සා පේජ් එක නැති වෙයිද?

දැනට මම අළුත් පේජ් එකක් හදලා තියෙනවා. පරණ පේජ් එක ලබාගන්න උත්සහ කරනවා. ප්‍රසිද්ධ අයත් උදව් කරනවා පේජ් එක නැවත ලබාගන්න. බැරි වුණොත් මේ අළුතෙන් හදපු කස්සා පේජ් එක පරණ එක තත්වයට ගේන්න කටයුතු කරනවා.

පේජ් එකේ රීච් කොච්චරක් තිබුණද?

පේජ් එක අන්පබ්ලිෂ් වෙද්දි මිලියන තුනක රීච් එකක් තිබුණා කස්සාට. මම අවසානයට දාපු පෝස්ට් එක පැයක් ඇතුළත දහසයදහසක් පමණ ෂෙයාර් වෙලා තිබුණා.

සෝෂල් මීඩියා එක පැත්තෙන් ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මගේ සෝෂල් මීඩියා කම්පැනියක් තියෙනවා. ඒකේ වැඩකටයුතු කරනවා. එතකොට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මම මෙහෙය වන යූ - ටියුබ් චැනල් කිහිපයක් තිබෙනවා. ඒවාගේ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

කැළුම් දේවින්ද 

20190430Kalhara-2 20190430Kalhara-3 20190430Kalhara-4 20190430Kalhara-5 20190430Kalhara-6