කෝච්චි ගිලපු එකාට සිල්බර කොටෙත් කජ්ජක්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෝච්චි ගිලපු එකාට සිල්බරන් කොටෙත් කජ්ජක්ද කියලා ඇහුවලූ. උඹේ තවත් ඉතුරු වෙයිද බං මේ ගෙවල් වල ජනෙල් උළුඅහුත් ගහගෙන ගිහින් තියෙද්දි. ඇය දුටු විගසම මනස දිවගියේ කැළණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතයටය.

1978 ඉඳලා අද දක්වාම ප‍්‍රධාන භූමිකාව තාමත් මම රඟපානවා. කැළණි පාලම වේදිකා නාට්‍යයේ ස්වර්ණපාලගේ අම්මා චරිතය (මැටිල්ඩා* මුලින්ම කරද්දි මට අවුරුදු 25 යි. දැන් මට 69 ක් වෙනවා. දැන් තමයි මැටිල්ඩගේ චරිතයට මගේ නියම වයස ඇවිල්ලා තියෙන්නේ...’’ ඇය හඬනගා සිනාසුනාය. එදා ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක්, හඬකැවීම් ශිල්පිණියක් ලෙස පේ‍්‍රක්‍ෂක ආදරය අපමණව දිනාගත්තේ රුවට වඩා හඬ නිසාය.

ඇයගේ ඊළග නවාතැන වුයේ පුංචි තිරය සහ වේදිකාවයි. පළිගු මැනිකේ කන්දෙගෙදර වැනි ටෙලිනාට්‍ය වගේම රළුපරලූ වේදිකාවේ ලෑලි අතුරින් පේ‍්‍රක්‍ෂක හදවතට කිදා බැස ගත් ඇය රම්‍යා වනිගසේකරය.

මම ආච්චි අම්මා කෙනෙක් වුනේ කසාද බදින්නත් ඉස්සරවෙලා වේදිකාවේ පුංචිතිරයේ මට දරුවෝ ගොඩක් ඉන්නවා. කලා ගමන පටන් ගත්තෙත් අම්මා කෙනෙකුගේ චරිතයකින් ජිවිතේ වැඩිපුරම රඟපාලා තියෙන්නේ අම්මා සහ අත්තම්මාගේ චරිත තමයි. ඔය ආදර දෙබස් කියන ඒවා මට කවුරුත් දෙන්නේ නෑනේ

ඇය මහ හඬින් සිනාසිණ

 

ඉතින් කොහොමද?

ලොකු වැඩකටුයුත්තකට අතගහලා ඉන්නේ ආර්.ආර්. සමරකොන් මහත්තයාගේ කලා දිවියට වසර 50 සපිරෙනවා වගේම එතුමාගේ කැළණි පාලම වේදිකා නාට්‍යයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් සංවිධානය කරනවා. ඒ වගේම අනෙක් කාරණය තමයි මගේ කලා ජීවිතේටත් වසර 45 ක් වෙනවා. මේ ත‍්‍රිත්වයම එකතු කරලා සමරකෝන් මහත්තයාගේ කලා ජිවිතේ අලලා කරපු ශාස්ත‍්‍රිය සංග‍්‍රහයකුත් එදාට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. විද්වත් දේශණ කිහිපයක් වගේම සමරකෝන් මහත්තයාගේ වේදිකා නාට්‍ය වල කොටස් කිහිපයකුත් එදින සජීවීව ගෙන එන්නත් සූදානම් වෙනවා.

වැඬේ තියෙන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලිය පණිභාරත ශාලාවේ. හරියටම ඔක්තෝබර් 26 සෙනසුරාදා සවස 3.30 ට. හැමෝටම ආරාධනා කරනවා එදාට එන්න කියලා.

 

20191017Ramya-1ඇත්තටම සමරකෝන් මහත්මයාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ නාට්‍ය වලට මොකද වුණේ?

සමරකෝන් අපි අතරින් නික්ම ගිහින් දැන් අවුරුදු 9 ක් වෙනවා. එතුමා කරපු නාට්‍ය දැන් මගේ අතට අරගෙන කරගෙන යනවා. එතුමාට උපහාරයක් විදිහට මේ වගේ උත්සවයක් පවත්වන්න මම අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා. එත් යම් යම් හේතු නිසා ඒක මට කරගන්න බැරි වුණා. කැළණි පාලම වේදිකා නාට්‍යයේ මුලින්ම ඉදපු අය දැන් ගොඩක්ම අඩුයි. අලූත් අය ඒ වෙනුවට ආදේශ වෙලා තියෙනවා. නමුත් කැළණි පාලම මම මැරෙන තුරු නවතින්නේ නෑ. මම ඒක දිගටම කරගෙන යනවා.

කැළණි පාලම වේදිකා නාට්‍ය දර්ශණ වාර 5000 විතර දැන් කරලා තියෙනවා. උපහාර උත්සවය දවසට කැළණි පාලම මුල් නිෂ්පාදනයේ ඉඳපු ශිල්පින් ශිල්පිනියන් ඇතුළු කැළණි පාලම වේදිකාවට ගේන්න දාඩිය හෙළපු හැමෝටම සම්මානයකින් උපහාර දක්වන්න බලාපොරොත්තු වෙනවා. දැනට කැළණි පාලමේ පරණම දෙන්නෙකුට ඉන්නේ මමයි ගීතා කාන්තියි විතරයි. එතුමා නැති වුණාට පස්සේ මම ඒ හැමදේම අතහැරලා දැම්මනම් ඒ නාට්‍ය එහෙමම වැළලිලා යනවා.

සමරකෝන් මහත්තයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි ඔහුගෙ නාට්‍ය මට පුළුවන් කල් පවත්වාගෙන යන එක.

2010 දී අසනීප තත්ත්වයෙන් ඉදලා සමරකෝන් නැති වෙද්දි මම දුවත් එක්ක තනි වුණා වගේම මවක් බිරිඳක් විදිහට එදා මට විශාල අභියෝගයකට මුණ දෙන්න වුණා. එතුමා අසනීප තත්ත්වයේ ඉන්න කාලේදීම ජිවිතේට තනියම මුණ දෙන්න මම හිතට ධෛර්ය ගත්තා. එතුමා නැති වෙනකොට දුවට අවුරුදු 17 යි. එදා සමරකෝන් එක්ක ඉඳපු මගේ නළුනිළි කැල මට ලොකු සහයෝගයක් දුන්නා. අලූත් අයත් එහෙමයි. ඒ ශක්තිය මට අදටත් ඒ අයගෙන් ලැබෙනවා.

 

1978 වර්ෂයට අපි ඔබතුමියගේ මතකය අරගෙන ගියොත්?

මගේ ජීවිතේ වගේම නාට්‍ය ජිවිතෙත් ස්වර්ණමය වසර තමයි 78 කියන්නේ. 78 දි චූලා කාරියවසම්ගේ මන රංජන වැඩ වර්ජන කියන නාට්‍යයේ තමයි ජිවිතේ පළමු වතාවට ප‍්‍රධාන චරිතයක් කළේ. ඒ තමයි ගුණවතීගේ චරිතය. ඒ වසරේම හෙන්රි ජයසේනගේ සිරිසඟබෝ සහ රංජිත් ධර්මකිර්තිගේ අංගාරා ගඟ ගලා බසී. සමරකෝන් මහත්තයාගේ කැළණි පාලම මේ සියල්ලම මට ලැබුණේ 78 වසරේදී.

 

එතකොට සමරකෝන් මහත්තයාගේ මුණ ගැහීම කොහොමද සිද්ධවෙන්නේ ?

හේන්රි  ජයසේනගේ මනරංජන වැඩවර්ජන වේදිකා නාට්‍යයේ මංගල දර්ශණයට එදා සමරකෝන් මහත්තයාත් ඇවිල්ලා ඉඳලා තියෙනවා. නාට්‍යය ඉවරවුණාම සමරකෝන් වේදිකාවට ඇවිල්ලා මට සුබ පතලා ගියා. එතකොට ඒ සමරකෝන් මහත්තයා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ක්ෂේත‍්‍රයේ අය සමරකෝන්ට කතා කළේ සෑම් කියලා. දවසක් ධර්මකීර්ති මහත්තයාගේ අංගාරා ගඟ ගලාබසී නාට්‍යයේ පුහුණුවීම අතරතුර එල්සන් දිවිතුරගම ඇවිල්ලා කිව්වා ‘‘අන්න සෑම් ඇවිල්ලා ඉන්නවා රම්‍යාව හම්බවෙන්න කියලා.

මගේ නාට්‍යයේ චරිතයක් තියෙනවා. විවේක තියෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ඇහුව්වා විතරයි මමත් පැනලා හා කිව්වා. අපි අලූත් අයනේ. එතකොට සමරකෝන් වගේ කෙනෙකුගේ නාට්‍යකට කතාකරාම ඒක හරියට රජකමක් ලැබුණා වගේ ලොකු දෙයක්.

 

කැළණි පාලම වේදිකාවට ගේන්න එදා එතුමා අලූත් අය තෝරාගත්තේ ඇයි?

පැරණි අයත් හිටියා ඒත් මම, නිල් අලස්, පද්මිනි දිවිතුරගම, මැණිකේ අත්තනායක, සරණපාල ජයසුරිය, ගීතා කාන්ති, එච්.ජේ. ජයවර්ධන අපි ඔක්කොම සමරකෝන්ට අලූත් අය.

ඒ වෙනකොට සමරකෝන් මහත්තයාගේ සියලූම නාට්‍යවල ප‍්‍රධාන චරිතය රඟපාලා තිබුණේ චන්ද්‍රා කළුආරච්චි මහත්මිය.

කැළණි පාලම වේදිකා නාට්‍යයෙත් මැටිල්ඩගේ චරිතය කරන්න ඉඳලා තිබුණේ චන්ද්‍රා මහත්මිය.

 ඔය අතරේ චන්ද්‍රා මහත්මියට අමා ලැබෙන්න හිටපු නිසා සමරකෝන් ලොකු ප‍්‍රශ්නයකට මුණ දිලා ඉඳලා තියෙන්නේ. ඒකට විසඳුමක් විදියට තමයි මැටිල්ඩගේ චරිතයට මාව තෝරගෙන තියෙන්නේ.

සමරේලා චන්ද්‍රලා හරිම ගජ යාළුවෝ චන්ද්‍රා කිව්වාලූ

අනේ හිටපං බං මම ළමයා හම්බවෙලා එනකම්  ඕක කරන්න කියලා සමරකෝනුත් කිව්වලූ මම විලිරුදාවෙන් බං ඉන්නේ මගේ දරුවා ලැබෙනකම් කියලා.

20191017Ramya-3

ඊට පස්සේ ?

1978 ඔක්තෝබර් 25 ඉස්සෙල්ලාම ලූම්බිණියේදි පෙන්නපු කැළනි පාලම එදා වෙඩිල්ලක් වගේ පත්තු වුණා.

ඔය කාලෙම තමයි රංජිත්ගේ අංගාරා ගඟ ගලාබහි නාට්‍යයක් වේදිකාවට ආවේ. කැළණි පාලමේ හිටපු අපි 4 ක් අංගාරා නාට්‍යයේ හිටියා. අංගාරා නාට්‍ය හොඳ ප‍්‍රවේශයක් ගත්තත් රංජිත්ගේ අවාසනාවකට කැලණි පාලමත් ඒ දවස් වලම වේදිකාවට ආවා. කැළණි පාලම හිතාගන්න බැරි විදියට පේ‍්‍රක්‍ෂක අවධානය දිනා ගත්තා. අන්තිමේදී අංගාරා යට ගිහිල්ලා කැළණි පාලම උඩට ආවා. ඒ කාලේ කැළණි පාලමට උඩින් කපුටෙක් වත් පියෑඹුවේ නෑ.

 

කැළණි පාලමේ රසබර සිද්ධි ඇති  ඕන තරම් නේද?

අම්මෝ පොතක් ලියන්න පුළුවන් සමරකෝන්ගේ බැනුම් අහපු ඒවා නම් මට ජිවිතේට අමතක වෙන්නේ නෑ. දවසක් තීර කොටුවේ ලයිසගේ චරිතේ කරන පද්මිණිට එක දර්ශනයක් තිබුණා පන් මල්ලක් ඔළුවේ තියාගෙන වේදිකාවට එන්න.

එදා පන් මල්ල හොයාගන්න බැරුව මගේ හෑන්ඞ්බෑග් එක ඔළුවට තියාගෙන වේදිකාවට ආවම මට බකස් ගාලා හිනා ගියා. සමරකෝන් එදා අපිට බැන්න බැනිල්ලක්, ඒ තරම් සැර මූණක් මම මීට පෙර ජීවිතේට දැකලා නැහැ.

එදා වේදීකාව උඩ සුන්දර මතකය තමයි අදටත් මාව ජිවත් කරවන්නේ. සමරකෝන්ගේ නික්ම යෑම ඒ පාළුව තනිය මම මැරෙන තුරාවට මගේ හිතේ තියෙනවා. මා දැක්ක සුන්දරම කලාවේදියා ඔහුයි.

 

දැන් අලූත් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

 

වේදිකා නිර්මාණවලට දැන් මට කතා කරන්නේ නෑ. වේදිකාවට දැන් මාව හොඳ නැද්ද දන්නේ නැහැනේ. ටෙලි නාට්‍ය කිහිපයකටම මම මේ දවස්වල දායක වෙලා ඉන්නවා.

 

නදීශා අතුකෝරළ

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

20191017Ramya-2 20191017Ramya-4