“සුපර්ණා” යුරෝපා මංගල දැක්ම ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුජීව ප්‍රියාල් යද්දෙහිගේ අධ්‍යක්ෂණයක් වන “සුපර්ණා” යුරෝපා මංගල දැක්ම එස්තෝනියාවේ පැවැත්වෙන “2019 ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ දී” සිදු කිරීමට නියමිත ය.

ඒ අනුව සිනමා උලෙළේ තරග කිරීම සඳහා සුදුසුකම් ලැබූ චිත්‍රපටය නොවැම්බර් 24 වැනිදා රාත්‍රී 9.45 කොකාකෝලා ප්ලාසා හිදීත් නොවැම්බර් 28 වැනිදා රාත්‍රී 9.15 ටත් කිනෝ ආටිස් හිදීත් ප්‍රදර්ශනය කෙරේ. එම අවස්ථාවට “සුපර්ණා” අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන රංගන ශිල්පිනිය වන දුලීකා මාරපන එක්වනු ඇත.

වාර්ෂිකව සංවිධාන කරන ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළ පළමු වරට පැවැත්වුයේ 1997 දී ය. මෙවර උලෙළ නොවැම්බර් 15 වැනිදා ආරම්භ කරන අතර දෙසැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.

“සුපර්ණා”

සොබාදහම, සංස්කෘතිය, පාරම්පරික කලාශිල්ප, ආදරය, ජන විශ්වාසයන් හා විද්‍යාව කැටි කොටගත් “සුපර්ණා” හි තිර රචනය හා අධ්‍යක්ෂණය සුජීව ප්‍රියාල් යද්දෙහිගේ විසිනි.

දුලීකා මාරපන, අශාන් ඩයස්, ධර්ශන් ධර්මරාජ්, සංජීව උපෙන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, විණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කළණ ගුණසේකර, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන් “සුපර්ණා” වෙනුවෙන් රංගන දායකත්වය සපයා තිබේ.

කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලක, සංස්කරණය සහ ශබ්ද මිශ්‍රණය ප්‍රවීන් ජයරත්න, නිෂ්පාදන සැලසුම්කරනය ලාල් හරීන්ද්‍රනාත්, සංගීත අධ්‍යක්ෂණය පබලු විජේගුණවර්ධන, අංග රචනය හර්ෂ මංජුල, නිෂ්පාදනය කල්යාණි රණවක විසිනි.

20191114Suparna-1