“සුනාමි” දෙසැම්බර් 26 එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, සරිගම ආදී චිත්‍රපට මෙරට සිනමාවට දායාද කළ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “සුනාමි” එළඹෙන දෙසැම්බරයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කරන බව වාර්තා වේ.

ඒ අනුව දෙසැම්බර් 26 වැනිදා සිට EAP, සැවෝයි මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලා රැසක මෙම සිනමාපටය තිරගත කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කර ඇත.

2004 වසරේ දී මෙරටට බලපෑ සුනාමි ඛේදවාචකයේ එක් සත්‍ය සිදුවිමක් පාදක කරගනිමින් තිරරචනා වුණු “සුනාමි” සඳහා නෙරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග(ළමා), ස්වේතනි(ළමා) ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය ලබා දී තිබේ.

ඉහල පිරිවැයක් දරා නිර්මාණය කරන ලද මෙම සිනමාපටය සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කිරීම විශේෂත්වය කි.    

20191204Tsunami-1