පරිසරය රැකුණොත් රටම රැකෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200123Duleeka-3චිත‍්‍රපටයක් තිරගත වීමට පෙර බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේ නම්, එම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම ලැබූ ජයග‍්‍රහණයකි. සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ අධ්‍යක්ෂණය කළ ”සුපර්ණා” එලෙසින් බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ නිර්මාණයකි. එය මෙම මස අවසන සිට තිරගත වීමට නියමිතය. එසේ තිබියදී අප මේ සූදානම් වන්නේ එහි  සුවිශේෂි වූ චරිත රංගනයක යෙදෙන සම්මානනීය රංගන ශිල්පිනී දුලීකා මාරපන සමග පිළිසඳරක යෙදීමටය.  සුපර්ණා කියන්නේ කවුද?

 

දුලීකා මේ සුපර්ණා කියන නාමයෙහි තේරුම?

අමුතු විදියක, වෙනස් හැඩයක කාන්තාවක්. වෙනස් විදියක හැකියාවන් සතු වෙනස් විදියේ උත්පත්තියක්. භීම නමැති ග‍්‍රහ ලෝකයේ මිනිසෙකුට දාව පෘථිවියේ කාන්තාවක ජනිත කරවන දරුවෙක්.

 

හරි අපි, ඒ ගැන කතා කරමු. ඊට පෙර මේ දිනවල දුලීකාගේ වැඩ කටයුතු මොන වගේද කිව්වොත් ?

මේ දිනවල කතා කළොත් වසර දෙකකට පසුව ෂඔභ නාළිකාව වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන ටෙලි නාට්‍යයකට සම්බන්ධව සිටිනවා. පසුගිය වසර දෙකක කාලයක සිට රඟපෑමෙන් ටිකක් ඈත් වෙලයි හිටියේ. එම ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට අමතරව මේ දිනවල නම්, වෙහෙසෙන්නේ සුපර්ණා චිත‍්‍රපටය ජනගත කිරීම සඳහා වූ පූර්ව සංවිධාන කටයුතු වෙනුවෙන්. ඒ කටයුත්ත තමයි ප‍්‍රධානව අද මගේ හිස මත පැටවිලා තියෙන්නේ. 

 

ඒ නිසාමද හිසට අලූත් වෙනසක් දුන්නේ? මොකද මේ ලස්සනට රෙද්දක් ඔළුවෙ ගැටගහගෙන?

ඒක ඇත්තටම සුපර්ණා නිසා වෙච්ච දෙයක්. භීම සහ පෘථිවි සම්භවය ඇති සුපර්ණා නිසා කොණ්ඩය සම්පූර්ණයෙන් කපා දාන්න සිදු වුණා. ඉන් පසුව කොණ්ඩය ආවා, හැබැයි ඊට පොඩි වෙනසක් කළොත් හොඳයි කියලා මම හිතුවා. අද කාලයේ කොණ්ඩය අඩු වන අයට ඒක ලොකු ප‍්‍රශ්නයක්නේ. ඒත් මම ඒක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ වෙනුවට සරල ක‍්‍රමයක් හඳුන්වලා දුන්නා. කවුරුත් අහන්නේ ඇයි කොණ්ඩෙ අඩුවෙලා කියලා නම්? මගේ පැත්තෙන් කාන්තාවන් වෙනුවෙන් මම දීලා තියෙන්නේ හොඳ විකල්ප උත්තරයක්. මේ වෙනුවෙන් මට ලොකු වියදමක් ගියේ නැහැ. මොස්තර දැමූ ප‍්‍රින්ටඞ් රෙද්දක් ගන්න සිද්ධ වුණා. එච්චරයි හැබැයි මම පුද්ගලිකව හිතන විදියට ලස්සන වෙන්න  ඕනෑ. ඔළුවට ගැටගහන ලස්සන රෙද්දවත් කොණ්ඩා මෝස්තරය හෝ බාහිර ස්වරූපය නොවෙයි. මූණ සුදුද කළුද කියන එකවත් නොවෙයි. ගතිගුණ ලස්සන වෙන්න  ඕනෑ. අද කාලයේ ඒවා අහිමිව යන ස්වභාවයක් තියෙන්නේ. කොහොම වුණත් ගතිගුණ හොඳ කර ගන්න ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ අතරේ මේ විදියට කොණ්ඩය අඩු වුණාම කාන්තාවක් හැටියට කුමක් කළ යුතුද කියන විකල්පයට මම ඉතා සරල ක‍්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. එච්චරයි.

 

සුපර්ණා ගැන කතා කරමු?

සුපර්ණා මේ 31 වැනිදා සිට තිරගත වෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම අද සිනමාවට ලබැඳි තාරුණ්‍යය මේ නිර්මාණය තිරගත වෙන තෙක් බලා සිටියා. බොහෝ වෙලාවට අපේ තාරුණ්‍යය හොලිවුඞ් බොලිවුඞ් චිත‍්‍රපට නරඹලා ඒවායෙහි තියෙන තාක්ෂණය, නිර්මාණාත්මක බව ආදී උසස් ගුණාංග එක්ක ඔවුන් නරඹන්නෙ හොඳ නිර්මාණයක්. ඒ නිසා ඔවුනට බොරු කරන්න බැහැ. අලූත් සිනමාකරුවන්ගේ නිර්මාණ ගැනත් ඔවුනට හොඳ ඉවක් තියෙන්නේ. මේ චිත‍්‍රපටය තවත් කොපියක් නොවෙයි. රටේ අනාගතය ගැන හිතලා කරපු අපේම රටේ පිටපතකට අපේම රටේ නිර්මාණයක්. අපේ වර්තමාන පේ‍්‍රක්ෂකාගාරය බලාපොරොත්තු වන නැවුම් සිනමා නිර්මාණයක්. අපට අනන්‍ය වෙච්ච චිත‍්‍රපටයට අපි ඇමරිකාව වගේ රටකින් උසස් තාක්ෂණය විතරක් මුසු කරලා තියෙනවා.

20200123Duleeka-1

මොන විදියේ කතාවක්ද සුපර්ණා?

පරිසර විනාශයකට මෙන්ම ජාන මංකොල්ලයකට අපේ රට ගොදුරු වෙලා. මේ නිසා කෘෂිකර්මාන්තය, පරිසරය, ශාක, සත්ව කොටස් අහිමි වීම යන කාරණයට අපි ගොදුරු වෙලා. තමන් උපන්න රටට මේ අපේ රට කියලා මනසින් විතරක් ප‍්‍රකාශ කරලා. මනසින් විතරක් පෙනී ඉඳලා වැඩක් නැහැ. වචනයෙන් කියනවාට වඩා හැඟීමකින් සහ ක‍්‍රියාවෙන් අපි එය ඔප්පු කර පෙන්වන්න  ඕනෑ. සුපර්ණා වෙතින් එවැනි මිනිසුන් පිරිසකගේ ප‍්‍රකාශනය, කියැවෙනවා. පරිසරය රැුකුණොත් තමයි අපි ඔක්කොම රැුකෙන්නේ.

 

සුපර්ණා අධ්‍යක්ෂවරයා ඔබගේ සැමියා සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑම ඔබට ගෙන දුන්නේ මොන වගේ අත්දැකීමක්ද?

මේ එයාගේ පළමු නිර්මාණය නෙවෙයි. ලෝරන්ස්ගේ මනමාලි වේදිකාවට ගෙනාවෙ එයා. එයාගේ අධ්‍යක්ෂණය යටතේ මම එහි රඟපෑවා. අධ්‍යක්ෂවරයා යන භූමිකාවේදී එයා, එයාට අවශ්‍ය දේ මිරිකලා අඹරලා කොහොම හරි ලබා ගන්නවා. එයා එයාගේ නිර්මාණය කරන්නේ ඒ විදියටයි. දුලීකා කියන මාව පැත්තක තියලා ඔහුගේ නිර්මාණයකට දායක වන කෙනෙක් කියලා ගනිමු. ඔහු එක්ක වැඩ කිරීම ඉතාම පහසුයි. අශාන් ඩයස් මෙහි රඟපාන්නේ පහතරට සාම්ප‍්‍රදායික නර්තන ගුරුන්නාන්සේ කෙනෙකු ලෙසයි. ඔහු වෙනුවෙන් රසික කොතලාවල ගෙනැල්ලා මාස 03 ක් යනකල් දෛනික පුහුණුවීම් ඔහු ලවා අශාන්ට පුරුදු කෙරෙව්වා. දෛනිකව ඒ දේ කළා. ඒ වගේම රූගත කරන්නේ හෙට නම් අද මම කොණ්ඩය කපා දැමුවෙ නැහැ. මාසයකට පෙර කොණ්ඩය කපා දාලා ඊට විය යුතු ආභාෂයට ඉඩ දුන්නා. මම වැඩ කළේ මාසයක් විතර මුඩු හිසක් එක්ක. අශ්වයින් පිට යන්න, මෝටර් බයිසිකල් පදින්න මට තිබුණා. ඒ සියල්ල පුරුදු පුහුණු වුණා. එහෙම නැතුව එක්වරම අවතීර්ණ වෙලා කරපු දෙයක් නොවෙයි. ජනක් පේ‍්‍රමලාල් රංග ශිල්පියා රඟපාන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් ලෙසයි. එයාටත් යන්ත‍්‍ර මන්ත‍්‍ර හුරු වෙන්න කාලයක් ඉඩ දුන්නා. මෙන්න මේ විදියට පෙර සූදානමක් ඇතිව තමයි පසුතලයට ගියේ. පෙර සූදානම කියන දේ සුජීව හොඳින් පුහුණු කළ දෙයක්.

 

අද වෙන විට සුපර්ණාව ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී අගැයීමටත් ලක් වෙලා? ඒ ගැනත් කියමු?

අපි මේ චිත‍්‍රපටය නිර්මාණය කළේ වාණිජ සිනමා නිර්මාණයක් ලෙසයි. කලාත්මක කියන නිර්මාණයකට වඩා අපි හිතුවෙ එහෙමයි. ඒත් ධනුෂ්ක ගුණතිලක සහ ඈෂ්ලි රත්නවිභූෂණ අපට මේ මාවත ගැන කියා දුන්නා. ඒ අනුව තමයි ඩකා සිනමා උළෙල, ඒෂියා පැසිපික් උළෙල නියෝජනය කළේ. ඊට අමතරව  ජාත්‍යන්තර සිනමා උළෙල අතරේ ඒ ශ්‍රේණියේ උළෙලක් වන එස්තෝනියාවේ පැවැත්වෙන බ්ලැක් නයිට් උළෙලට ඉදිරිපත් වී ලෝකයේ චිත‍්‍රපට 270 ක් අතරින් තරගකාරී වටයට තේරෙන්නේ නිර්මාණ 3 යි. එළෙසින් ඇගැයීමට ලක්වීමට හේතුව වෙන කිසිවක් නොවෙයි. මේ සුපර්ණා වෙතින් අප කතා කරන්නේ ලෝකයටම පොදු වූ ලෝකයටම අවශ්‍ය වූ මාතෘකාවක් නිසයි. සොබාදහම, ගහකොළ විනාශ කිරීම නිසා ලෝකය මුහුණ දෙන විනාශය බොහෝයි. එසේ නොවන්න සහ නොවමු කියන පණිවුඩයත් සුපර්ණා හරහා ප‍්‍රකාශ වෙනවා.

 

සඳුන් ගමගේ

20200123Duleeka-2