මගේ පෞද්ගලික අදහස නම් වත්මන් ගුවන් විදුලි නාලිකා ක්ෂේත‍්‍රය ගත්තම සියයට 80ක්, 90ක්ම වැඩේ අවුල් කරගෙන තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සිත’ගුවන් විදුලියේවැඩසටහන් කළමනාකරු චතුරංග තේනුවර

20200218Sitha-2‘ස්කයි’ මාධ්‍ය ජාලය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන‘‘‘සිත’එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව සිය සිව්වන සංවත්සරය පසුගියදා(13දා) සැමරුවේය. 2016 වසරේ‘‘තුන් කලට ‘තුන් සිත’යන තේමාව යටතේ ඇරඹි‘‘‘සිත’ගුවන් විදුලියේ මේ වර්ෂයේ තේමාව ‘‘‘සිව්හෙළේ සිත’නමින් නම් කර තිබේ.‘‘සිත’ගුවන්විදුලියේ සංවත්සරය හාඉදිරි වැඩකටයුතු සම්බන්ධව එහි වැඩසටහන් කළමණාකරු චතුරංග තේනුවර මහතා සමග කළ සංවාද සටහනකි මේ.

‘සිත’ගුවන් විදුලිනාලිකාවට වසර හතරක් සපිරෙන මොහොතේ මොකද හිතෙන්නේ?

‘‘‘සිත’එෆ් එම් නාලිකාව ලංකාවේ වෙනස්ම මානයක් ස්පර්ශ කළ ගුවන්විදුලි නාලිකාවක්.2016 වර්ෂයේ පෙබරවාරි 13 වැනිදා තමයි අපේ නාලිකාව ආරමිභ කරන්නේ. ඒ ‘‘තුන් කලට ‘තුන් සිත’ කියන තේමාව යටතේ. මෙවර අපි සිව්වන සංවත්සරය සමරන්නේ ‘‘‘සිව්හෙළේ සිත’කියන තේමාව පෙරදැරිව. ඒ යටතේ ගුණාත්මක ගීත, ගුණාත්මක වැඩසටහන් ලබාදීම තමයි අපේ අරමුණ වුණේ. වසරක් පාසා අපේ තේමාව වෙනස් වුණාට ‘මියුසික් ෆෝමැට්’ එක වෙනස් කරන්නෙ නැහැ. ‘‘‘සිත ඔබ ළඟමයි’කියන ටැග් ලයින් එක යටතේ තමයි අපේ නාලිකාව දුවන්නේ.

‘‘‘සිත’නාලිකාවේ ප‍්‍රචාරය වන ගීත අනිත් නාලිකාවල ප‍්‍රචාරයවන ගීතවලට වඩා වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද?

අපි 60, 70, 80 සහ 90 කියන දශකවල වඩාත් සීරු මාරුවට තෝරාගත් ගීත කුලකයක් තියෙනවා. එය අපි මාස හයෙන් හයට සමීක්ෂණයක් කරලා වෙනස් කරනවා. ඒ වෙනස ඇතුළේ අරුත්සුන් ගීත ප‍්‍රචාරය කරන්නෙ නැහැ. ඒක තමයි අපේ නාලිකාව අනිත් නාලිකා එක්ක ගත්තම තියෙන වෙනස.

වත්මන් ගුවන්විදුලි ක්ෂේත‍්‍රය ඔබ දකින්නෙ කොයි ආකාරයෙන්ද?

මගේ පෞද්ගලික අදහස නම් වත්මන් ගුවන් විදුලි නාලිකා ක්ෂේත‍්‍රය ගත්තම සියයට 80ක්, 90ක්ම වැඩේ අවුල් කරගෙන තියෙන්නේ. මොකද උසස් රසවින්දනයක් උදෙසා නිර්මාණය වෙච්ච එෆ්.එම් නාලිකා දැන් නිවේදක නිවේදිකාවන්ගෙන් බැහැර වෙන්න පටන් අරගෙන තියෙනවා. එය හොඳ ප‍්‍රවණතාවයක් ලෙසින් මම දකින්නෙ නැහැ. අපිට පෙර පරම්පරා ගත්තම හඬට තමයි රසිකයන් පෙම් බැන්ඳේ නමුත් අද වෙද්දි විවිධ තරු නිවේදක නිවේදිකාවන් වෙන්න ගියාම ඒ වෘත්තිය කරපු කෙනාට වෙලාව කියන්න විතරක් වෙලා තියෙන්නේ. මම කියන්නෙ එය වියයුතු නැහැ.මේක තමයි අපේ වෘත්තිය. මම වසර 18ක් දැන් මේ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන නිසා යන ගමන පේනවා. නිවේදක නිවේදිකාවන්ට නිසි තැන අහිමි වී යන තත්ත්වයක් අද තියෙන්නේ. මම ඒකට විරුද්ධයි. ඒ වගේම අරුත්සුන් ගීත ලාභ ප‍්‍රයෝජනය තකා සමහර නාලිකා ප‍්‍රචාරය කරනවා. එයත් මම අනුමත කරන්නෙ නැහැ. එවැනි තත්ත්වයක් මම දකින්නේ.

මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ ගුවන් විදුලි නාලිකා අතර තිබෙන තරගකාරිත්වය නිසාද?

ඔව්. ප‍්‍රධානම දේ තරගකාරිත්වය. උදාහරණයකට යම් කිසි තරුවක් උඩට එනවා.ඒ තරුව නැතිවම බැරි කෙනෙක් වෙනවා. අන්න එතනදි නාලිකා බලන්නෙ එම නාලිකා ජනපි‍්‍රය කරගන්න. අර තරුව ගේනවා වැඩසටහන්වලට, හැබැයි ඒ වැඩසටහන කරගෙන හිටියා කෙනාට මොකද වෙන්නේ.ඒක ලොකු ප‍්‍රශ්නයක්.මම කියන්නෙ ඒකයි. වෘත්තිය ගරුත්වය තිබිය යුතුයි. මේ අවුල සමස්ත පද්ධතියේම තියෙනවා. නළු නිළියන්, කි‍්‍රකට් ක්‍රීඩක කි‍්‍රඩිකාවන්, ගායක ගායිකාවන් තමන්ගේ රස්සාව නොකර වෙනස් රස්සා කරන්න යනවා. මම දකින්නේ ඒකයි අවුල. දවසක රේඩියෝ නැති කරන්නෙත් මේරේඩියෝ ඇතුළේ ඉන්න අය විසින්ම තමයි.

සමීක්ෂණ වාර්තා සමිබන්ධ විවිධ නාලිකා විවිධ මත ඉදිරිපත් කරනවා. ‘‘‘සිත’සිටින්නේ ඉන් කොතනද?

මම දන්න විදියට සමීක්ෂණ වාර්තා ගන්නේ නැති නාලිකා කීපයක් දැන් තියෙනවා. මොකද ඒ අයම පිළිඅරගෙන තියෙනවා රේටින් කියන්නෙ සමස්තය නෙමෙයි කියලා.ලාංකේය ජනතාවගේම පිළිගැනීම නෙමෙයි කියලා. එතන අපිත් යම්තාක් දුරකට ඉන්නවා. රේටින් කියන දේ ඕන වෙන්නේ මාකටින්වලදි, රේටින් කියන දේ ජනතාවට අවශ්‍ය නැහැ. ජනතාව අංක එකේ නාලිකාව අහන්න පෙළඹෙන ගතියක් නැහැ. මේ ඔක්කොම මාකටින් ප්ලැන් එකක්. ඉරි ගහලා, කොටු ඇඳලා, වගු ගහලා අපිට කියන්න බැහැ අපි අංක එකේ නාලිකාව කියලා. සමහරවිට අංක එකේ කියා ගන්නා නාලිකාවලට වඩා වැඩිවාර ගාණක් අහන නාලිකාව අංක 10 තියෙන්න පුළුවන්.

20200218Sitha-1

මුදල් දීලා නාලිකා අස්සවන තැනට අද මේ ක්ෂේත‍්‍රය පත්ව තිබෙන්නේ ඇයි?

ඒකත් ව්‍යාපාරික අරමුණු හින්දා වෙච්ච දෙයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ තරමි මුදල් බෙදන්නේ මේ නාලිකා පුදුම සමාජ සේවයක්නේ කරන්නෙ කියලා. ඒක බොරුවක්. යම් කිසි දෙයක් සිස්ටම් එකට යනකොට ඒක සම්පූර්ණයෙන් කුඩු කරලා තමන්ට ඕන සිස්ටම් එකක් හදන්න තමයි මේ දේ කරන්නේ. වෙන විදියකින් කිව්වොත් රේටින්වලට බලපෑමක් තමයි කරන්නේ. මොකද අංක එක, දෙක, තුන කියන ඒවට තමයි ගනුදෙනුකාරයෝ තමන්ගේ දැන්වීම් ලබාදෙන්නෙ.මෙයයි හේතුව ඉදිරියෙන් ඉන්නවා කියන්න. හැබැයි ටික කාලයක් යනකොට බොරුව එළිවෙනවා. දැන් ජනතාවට තේරිලා තියෙනවා මේක බොරුවක් මවෑපැමක් විතරයි කියලා. නහය ළඟට 5000 කොළයක් දිග් කරලා තමන්ගේ නාලිකාවේරේටින් ඉහළ නග්ග ගන්න උත්සහ කරන එකට අපි කැමති නැහැ. ‘සිත එෆ් එම්’ එතන නැහැ. අපි ඉන්නෙ වැදගත් ස්ථානයක. ඒ නිසා තමයි අපි සල්ලි දෙන්නෙ නැත්තෙ රසිකයන්ට.

‘‘‘සිත’’ප‍්‍රවෘත්ති පිළිබඳවත් මතක් කළෝතින්?

‘සිත නිව්ස් 24’ කියලා තමයියන්නේ. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති උදැසන 7ට, දහවල් 12ට සහ සවස 6.30ට විකාශය වෙනවා. ඒ අතර සෑම පැයකම ප‍්‍රවෘත්ති විකාශය කරනවා. අපේ නිව්ස් 24 වෙබි අඩවිය ඔස්සෙත් අපි නිව්ස් ප‍්‍රචාරය කරනවා.

අද බොහොමයක් අපේ රටේ ගුවන් විදුලි නාලිකා පක්ෂාග‍්‍රාහි වෙලා තියෙනවා.‘‘‘සිත’’නාලිකාවට දේශපානයක් තිබෙනවාද?

ඕක හුඟ දෙනෙක් අපෙන් අහන දෙයක්. අපිට පක්ෂ පාට භේද මුකුත් නැහැ. අපි කිසිම දේශපාලන පක්ෂයකටවත්, දේශපාඥයෙකුටවත්, කිසිම ආණ්ඩුවකටවත් කඩේ යන නාලිකාවක් නෙමෙයි. දේශපාලනය කියන එක එන්නෙ කොහොමත් ප‍්‍රවෘත්ති හරහානේ.අපේ නිව්ස් එක මධ්‍යස්ථයි කියලා වගකීමෙන් මම ප‍්‍රකාශ කරනවා.

අවසන් අවශයෙන් රසිකයන්ට මොකද කියන්න තියෙන්නේ?

අපේ නාලිකාව දැනුම විනෝදය සහ රසවින්දනය කැටිවුන නාලිකාවක්.අපේ අසන්නන් ගත්තම ප‍්‍රශස්ථ රසික පිරිසක් ඉන්නවා. ඉතින් වසර හතරක් හිටියා වගේම ඉදිරියටත් අපි සමග ඉන්න, ඊළඟ වසර මීට වඩා හොඳ වෙයි. ඒ වගේම මේ ගමනේදි අප නාලිකාවේ සභපති නිරංග හෙට්ටිආරච්චි මැතිතුමා අපට ලබාදෙන සහයෝගය අතිමහත්, අපේ ප‍්‍රධාන මෙහෙයුමි නිලධාරි අසංක අලහකෝන් මහතා ඇතුළු ආරම්භයේ සිට අද දක්වා අප නාලිකාවේ සාමාජිකයින් ආදරෙන් මතක් කරනවා. ඒ අය නිසයි මේ ගමන ඉහළ මට්ටමකින් එන්න ලැබුණේ. ඒ වගේම අපේ ආදර රසිකයන්වත් මතක් කරන්න ඕන. ලේ කියන්නේ ගීත නම් ගීත පම්ප් කරන හදවත තමයි අපේ ආදරණීය රසිකයන්. ඒ නිසාවසර හතරක් සිටි සැමට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා.

ඡායාරූප සහ සටහන මහේෂ් මලවරආරච්චි