දුෂ්‍යන්ත් අසරණ පවුල් වලට පිහිට වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරොනා වසංගතය හේතුවෙන් මේ වෙද්දි අපේ රට ඇඳිරි නීතිය යටතේයි පාලනය වන්නේ. එම නිසා රටේ බොහෝ පවුල් ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී තිබෙනවා. බොහෝ සමාජ සේවා ආයතන, ජනප්‍රිය පුද්ගලයින්, සමිති, කණ්ඩායම් බොහෝමයක් මේ වනවිට එම අසරණ වූ ජනතාව වෙත ආහාර, ඇතුළු අත්‍යාවශ්‍ය සේවා ලබා දෙමින් සිටිනවා. ජනප්‍රිය ගායකයෙකු වන දුෂ්‍යන්ත් වීරමනුත් එවැනි සමාජ සත්කාරයකට සම්බන්ධ වුණා. 

ඒ ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස සටහනක් එක් කොට තිබුණා. 

"පොල් ගත්තා, හාල් ගත්තා, පරිප්පු ගත්තා, සෝයා මීට් ගත්තා, තේ කොල ගත්තා, ලූනු ගත්තා සහ පොලිතින් බෑග් ගත්තා. ඊට පස්සේ බෑග් වලට ඇසුරුවා. හෙට අසරන පවුල් වලට බෙදනවා. දැං මහන්සි. මේ සියල්ල තනියම නෙමයි කලේ. අත් උදව්වට සහ මුදල් වලින් උපකාර කරපු ඉතාම පින්වන්ත පිරිසක් සමගයි මේ සියලු දේ සිදුවුනේ. ඉදිරියටත් මේ දෙවල් කර ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අසරන වෙච්ච අයට උදව් කරන්න කැමති අය inbox එකට message කරන්න"

කැළුම් දේවින්ද 

20200406Dushyanth-120200406Dushyanth-220200406Dushyanth-3 20200406Dushyanth-4 20200406Dushyanth-5 20200406Dushyanth-6 20200406Dushyanth-7 20200406Dushyanth-8 20200406Dushyanth-9 20200406Dushyanth-10