අවුරුදු දහයකින් ටෙලියක රඟපාලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200601Prageeth-1හෙළයේ මහ ගත්කරු  මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නව කතා තුළ පාඨකයන් දුටු චරිත ටෙලි නාට්‍ය හෝ සිනමාව තුළින් දකින්නට වරම් ලැබු නිර්මාණ  අතර ඒ මහා ගත්කරුවගේ කරුවල  ගෙදර ටෙලිනාට්‍ය මීට වසර 12කට පෙර පුංචි තිරයට දායාද වුණු  විශිෂ්ඨ වූ ටෙලිනාට්‍යයකි.

මහාගත්කරුවාණන්ගේ නවකතාවේ අකුරු තුළ ප්‍රේක්ෂකයන්  ​ෙපම් බැඳි ඒ බොහෝ චරිත නැවතත් වසර ගණනකට පසු පුංචි තිරයට එකතු වීම විශේෂත්වයක් ගෙන දෙන්නකි. සුගත්  රෝහණයන්ගේ විශිෂ්ඨ  වූ අධ්‍යක්ෂණයෙන් සහ ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂවරයාගේ කලා අධ්‍යක්ෂණයෙන් අති විශිෂ්ඨ රංග මඩුල්ලකින් ප්‍රේක්ෂක ඇස් ඇද බැදගත් ‘‘ කරුවල ගෙදර’’ ටෙලි සිත්තමේ එදා වගේම අදටත් ඔබ ආදරය කරන චරිතයක් මෙවර කතාබහ තුළින් අපි එකතු කරගන්නට සිතුවා එදා කරුවල ගෙදර ‘‘නිමල්’’ ගැන අද ප්‍රගීත් රත්නායක සිය මතකය අවදි කළේ මෙලෙසින්.

 

 වසර 12කට පසු නැවතත් කරුවල ගෙදර විකාශණය වෙනවා එදා රංගනය ගැන අද මොකද හිතෙන්නේ?

2008 වසරේ තමයි කරුවල  ගෙදර විකාශනය වුයේ වසර 12කට පස්සේ කළුවර ගෙදර නැවත විකාශනය වෙනවා දැකකම පුදුමාකාර සතුටක් දැණුනා. සුදත් රෝහණගේ ටෙලිනාට්‍යවල මම ඊට පෙර රඟපාලා තිබුණා. ආචාර්ය සොලමන් පොන්සේකා  මහත්මයාගේ ‘‘අහිමි ජීවිත’’ නාට්‍ය බලලා තමයි මුලින්ම සුදත් රෝහණ අයියා මාව අඹු දරුවෝ ටෙලිනාට්‍යයට තෝර ගත්තේ. ඊට පස්සේ සුදත් අයියා කරපු නිර්මාණවල කුමක් හෝ චරිතයකට ඔහු මට අවස්ථාව දුන්නා.

ඔය කාලේදී සුදත් අයියාගේ කරුවල ගෙදර ‘‘ නිමල්’’ කියන චරිතය මට ලැබුණ  විශිෂ්ඨම චරිතයක් කිව්වොත් නිවැරදියි. කරුවල ගෙදර චරිතය අස්සේ නිමල්ට තිබුණේ වෙනම  පාටක්.නිමල් ගම දාලා කවදාවත් කොළඹට ගියේ නැහැ. ඉපදුන දවසේ ඉඳලා කොළඹ ජීවත් වුණ මට නිමල් වගේ හද්ද පිටිසර ගමක තරුණයෙකුගේ චරිතයක් කරන්න ලැබීම වැදගත් වෙන්නේ ඒක මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් මවපු චරිතයක් නිසා.

 

 නිමල් ගැන මතකය කොහොමද?

නළුවෙක් පෝෂණය වෙන්නෙ තමන් රඟපාන චරිතය හරහමයි එදා මම නිමල් කියන චරිතයට පණ දුන්නේ හොඳ හැදැරීමක් ඇතුව නිමල්ට මම උපරිම සාධාරණයක් ඉටු කළා. කියන විශ්වාසය මට තියෙනවා. ඒ වසරේ ocic සම්මානය උළෙලේ සහ ටෙලි සිනමා සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මාන ද්විත්වයට මට හිමි වුණා.

 නිමල් කියන්නේ ගමත් එක්ක ජීවත් වුණු හරිම අවංක, ඕනම දෙයක් කෙළින් කතා කරන විනිවිද පේන චරිතයක්. මාර්ටින් වික්‍රමසිංහයන් අකුරු අස්සේ හංගපු ඒ චරිත තිස්ස අබේසේකරයන් හරි අපූරුවට උලුප්පවා ගත්තා. සුදත් රෝහණ විශිෂ්ඨ ලෙස එය ග්‍රහණය කර ගත්තා. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් ඒ චරිත නිරූපණය කරන්න අපට ගොඩක් පහසු වුණා.

 

 වර්තමානයේ නාට්‍ය කලාවක් ඉතිරි වෙලා තියෙනවාද?

ඇත්තටම මේ ටෙලිනා නාට්‍ය නැවත දැක්කම අද හැදෙන ටෙලිනාට්‍යය මොනවද කියලා හිතෙනවා. එදා අපි මේ එක දර්ශනයක් කරන්න පුදුමාකාර විදිහට මහන්සි වුණා. දවසටම කරේ දර්ශනයයි දෙකයි. තුනයි සුදත් රෝහණලා කියන්නේ කවදාවත් කඩදාසි ලිපේ දාලා ඇවිල්ලා වගේ ශිල්පින්ව මහන්සි කරවලා මරවලා වැඩ වගත් අධ්‍යක්ෂවරු නෙමෙයි. ඇත්තටම මේවා භාවනාවකට සම ඇදිලා වගේ කරපු නිර්මාණ අද සමහර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු පිටපත ලියන්නේ ක්ෂණිකව ඒවෙලාවට නළු නිළියන්ට තිර පරීක්ෂණ නැහැ හෙට එන්න කියලා චරිත  දෙන අධ්‍යක්ෂවරු දැන් ඉන්නේ. එදා ටෙලි නාට්‍යයක කතාවක මුල මැද අගක් තිබුණා. ඒවා බලනකොට ප්‍රේක්ෂකයෝ චරිත තුල ජීවත් වුණා. දැන් හැදෙන නිර්මාණ හරිම සුන්.නිදාගන්නේ මේකප් දාගෙන, නැගිටින්නේ මේකප් දාගෙන. පාරවල් වල විනාඩි  පහ, දහය කතා කරන දර්ශන මේවා ටෙලිනාට්‍ය නෙමෙයි. ඒවාට නිර්මාණ කියන්න බැහැ. එදා හොඳ රසවින්දනයක් තිබුණා. අදටත් ඒ නිර්මාණ යද්දී ඒ  චරිතවලට පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා.

 

අමතක නොවන මතක.?

කරුවල ගෙදරින්  අපි දකුණට ආදරේ කරන්න පටන් ගත්තා. ඒ භාෂාව කෑම බීම හරිම සුන්දර මතකයක් මට ගාල්ලේ භාෂාව ලොකුවට පුරුදු පුහුණු වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ අම්මා මාතර නිසා චරිතය කරද්දී අම්මාගේ පැත්තෙන් තිබුණ ඥාතිකම සෑහෙන පිටිවහලක් වුණා. දකුණේ අලුත් මාළු ඇඹුල් තියල් මාළු රස තාමත් මතක් වෙනවා.

 තිරික්කලේ පැදීම තමයි ජීවිතේ අමතක නොවන එකම මතකය. තිරික්කල් කරුවෙක්ව ගෙනල්ලා මාසයක් පමණ මට තිරික්කලේ පුහුණු  කරන දර්ශන ගන්න තිබුණ වෙලාවේ මට ඒක කරගන්න බැරි වුණා.  හරියටම සුදත් අයියට අවශ්‍ය දර්ශනය ගන්න පැය 3ක් 4ක් විතර  ගියා. සියවතාවක් විතර කරලා තමයි තිරික්කලය නියම තැන නතර කරගත්තේ ඒවා රස කර කර මතක් කරන්න පුළුවන් සුන්දර අද්දැකීම්  ​ෙසක්කුවක් දැක්කේ කලුවර  ගෙදර රූගත කිරීම්වලට ගියාට පස්සේ දර්ශණ කලයේ විවේකිව ඉන්න වෙලාවට අපි​ ​ෙසක්කුව පදිනවා. ඡායාරූප ගන්නවා අද ඒවායේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

 ඒකාලේ වසර 12කට  පෙර ටෙලිනාට්‍යයේ  ගෙවල් දෙකම හදන්න සුදත් අයියාට ලක්ෂ 25ක් පමණ වැය වෙලා තිබුණා. රූගත කිරීම් අවසන් කරලා ඒ ගෙවල් දෙකම කඩලා දාලා තමයි අපි නැවත කොළඹ ආවේ කරුවල ගෙදර කියන්නේ ජීවිතේ කියා දුන්නා අපූරු වූ පාඩමක්.

 

 ස්වයංජාත ටෙලි නිර්මාණයෙන් පස්සේ ප්‍රගීත්ට ඇත්තටම මොකද වුණේ?

එතැනින් පස්සේ මම ටිකක් ටෙලි නාට්‍ය වලින් ඇත් වුණා. ඇත්තටම ටික කාලයක් ලංකාවේ හිටියෙත් නැහැ. ඊට පස්සේ රැල්ලට බිහි වුණ ටෙලි කලාව මම එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. මම ආපු ගමන ගැන මට සතුටු වෙන්න පුළුවන්. මම රංගනයට ආවේ ආචාර්ය සොලොමන්  ​පොන්සේකා මහතාගෙන් රංගනය හදාරලා ඊට පස්සේ 1966  මදර් තෙරේසා චිත්‍රපටයේ ඉස්සෙල්ලාම කැමරාවක් ඉදිරියේ රඟපෑවා. ඊට පස්සේ ටෙලිනාට්‍ය වලට එන්න අවස්ථාව ලැබුණා. වෘත්තිමය නළුවෙක් වුනේ එම ටෙලිනාට්‍යයෙන් ඒ වගේම වේදිකාව අමතක කරන්න බැහැ. මගේ  රංගන ජීවිතේ උපත වේදිකාව.

 ඊට පස්සේ මම චිත්‍රපටි පැත්තට නැඹුරු වෙන්න ගත්තා. දැන් අවුරුදු 6 විතර ඉදලා චිත්‍රපටි පැත්තේ වැඩ කිහිපයක් කළා. මගේ මුල්ම චිත්‍රපටය කළා. දැන් මගේ දෙවන චිත්‍රපටයට සැරසෙනවා. දැන් ටික ටික ​ෙහාඳ ටෙලි නිර්මාණත් නිර්මාණය වෙන්න අරගෙන තියෙනවා. හොඳ අර්ථවත් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඉදිරියට බාර  ගන්නවා. හරියටම අවුරුදු දහයකින් මම ටෙලියක රඟපාලා නැහැ. අවුරුදු දොළහකට පස්සේ  කරුවල ගෙදර ‘‘නිමල්’’ මට ආයෙම රංගනයට පුංචි බලාපොරොත්තුවක් දුන්නා.

 

නදීශා අතුකෝරාළ

ඡායාරූප: සජීව ලක්ෂාන්