saaravita.lk http://www.saravita.lk/rss/latest_news The only Sri Lankan newspaper with round the clock news updates - Lankadeepa Online Edition en-us 2018-12-09 16:10:34 Band එකේ පිටිපස්සේ ඉන්න දැවැන්තයා තමයි අපේ තාත්තා http://www.saravita.lk/latest_news/600547/band-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1 http://www.saravita.lk/latest_news/600547/band-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1 2018-12-09 16:10:34 deeptha සරිත් සහ සුරිත් දෙපළ අද වනවිට සමාජ මාධ්‍යය තුළ බොහෝ දෙනෙකුගේ ආදරය ලබමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් දෙපළක් ලෙස හැඳින්විය හැකිය. ස
Band එකේ පිටිපස්සේ ඉන්න දැවැන්තයා තමයි අපේ තාත්තා

2018-12-07-ent-102

සරිත් සහ සුරිත් දෙපළ අද වනවිට සමාජ මාධ්‍යය තුළ බොහෝ දෙනෙකුගේ ආදරය ලබමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් දෙපළක් ලෙස හැඳින්විය හැකිය. සිරස නාළිකාවේ ‘පොඩ්ඩන්ට පුළුවන්’ වැඩසටහන තුළින් බිහිවුණු ඔවුහු, මේ දිනවල ‘සිරස’ නාළිකාවේ 16+ වැඩ සටහන ඔස්සේ ඔවුන්ගේ දක්ෂතා එළිදක්වමින් සිටිති. සංගීත කණ්ඩායමක් වශයෙන් ඉදිරියට පැමිණි ‘Sarith Surith and the News’ කණ්ඩායමේ සිටින ඔවුන් මෙලෙස කතාබහට එක්වුණි.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල ඉගෙනීමේ කටයුතු සහ සංගීත කණ්ඩායමේ වැඩකටයුතු කරගෙන යනවා. වැඩිපුරම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා. මොකද, ලබන අවුරුද්දේ උසස් පෙළ සඳහා මුහුණ දෙන නිසා.2018-12-07-ent-103

 

16+ වැඩසටහනට විශාල ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. 16+ වැඩසටහනට විශාල ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවෙ අයට මෙය අලුත් සංකල්පයක්. අපිට පුළුවන් විදිහට ඇහෙන්නෙ නැති සිංදු මෙම වැඩසටහන අපි අරගෙන ආවා. ඊට හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

අධ්‍යාපන කටයුතු එක්ක මේ දේවල්වලට කාලය දෙන්නේ කොහොමද?

කළමනාකාරිත්වයකින් තමයි අපේ බෑන්ඩ් එකේ වැඩ කටයුතු සිදු වෙන්නේ. කණ්ඩායමේ හැමදෙනාම ඉගෙන ගනිමින් තමයි මේ හැමදේම කරන්න සිදු කරන්නේ. ඒක විශේෂයෙන් කියන්න අවශ්‍යයි. ගෙදරින් දෙන සහයෝගය නැත්නම් මේ දේවල් කරන්න ගොඩක් අමාරුයි. මියුසික් නිසා අධ්‍යාපන කටයුතු මඟ හරින්නත් බැහැ. අපි පුරුදු පුහුණු වෙන්නෙත් අපේ පන්ති, පාඩම් අතපසු නොවන විදියට.

 

අධ්‍යාපන කටයුතු ගැනත් කියමු?

අපි දෙන්නම මේ වනවිට 08 වැනි ශ්‍රේණි මට්ටමේ (ජාත්‍යන්තර මට්ටමේ විභාගයක්) විභාගයක් සඳහා පෙනී සිටිනවා. මම Classical ගිටාරය හදාරනවා. මල්ලී ඩ්‍රම්ස්වලින් විභාග කර තිබෙනවා. ඉදිරියේ දී තවත් කිහිපයක් සඳහා ඔහු මුහුණ දෙන්න ඉන්නවා. ඊට අමතරව ශබ්ද ඉංජිනේරු ඩිප්ලෝමා එක රංග දසනායක ළඟ සහ ‘මියුසික් අවන්’ හි හදාරලා තියෙනවා.

 

අධ්‍යාපනය සහ සංගීතය දෙක එකට කරන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා නේද?

කාල වේලාවත් එක්ක එය කරන්න අමාරු තැන් එනවා. ඒ වෙලාවට හිතෙනවා සතියට තව දවස් දෙකක්වත් තිබ්බා නම් හොඳයි කියලා. කොහොම හරි දෙකම කර ගෙන යනවා. අධ්‍යාපනය අනිවාර්යය දෙයක් නිසා අපි ඒදේවල්වලට මූලික තැන දෙනවා.

 

සාමාජිකයන්ගේ ගනුදෙනුව කොහොමද?

සංගීත කණ්ඩායමේ මම තමයි (සරිත් ජයවර්ධන) ලීඩ් ගිටාර් එක වාදනය කරන්නේ. මගේ මල්ලි (සුරිත් ජයවර්ධන) තමයි ඩ්‍රම්ස් වාදනය කරන්නේ. රශ්මික ලියනගේ (කීබෝර්ඩ්), වෙනුක් (බේස් ගිටාර්), විහාර (රිදම් ගිටාර්) වලින් සහාය දෙනවා.

 

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අනිවාර්යෙන්ම ඒ ගැන කියන්න ඕනෙ. අපිට පොඩි කාලයක් තුළ ප්‍රවීණයන් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවස්ථා කිහිපයක්ම ලැබුණා. සිංදුවේ Original එකට වඩා වෙනස් Argument එකකින් තමයි අපි Play කරන්නේ. ඒ දේවල් නිසා ප්‍රවීණයන්ගෙන් ලොකු ප්‍රතිචාර ලැබෙනවා.

 

සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන කණ්ඩායමක් වෙලා නේද?

ඔව්, ඇත්තටම ඒ ගැන නම් ගොඩක් සතුටුයි. අපිට පුළුවන් දේවල්වලින් හොඳ සංගීතයක් අදත්, හෙටත් ඉදිරියටත් එළියට දෙන්න ගොඩක් උත්සහ කරනවා. ඒ දේවල් නිසා අපිත් එක්ක වටවෙලා ඉන්න, අපිට ආදරය කරන යාළුවන් ඒ දේවල් වැලඳ ගන්න එක තමයි අපිට තියෙන එකම සතුට.

 

තරුණයන් අතරේ රැල්ලක් ඇති කරන්න ඔබේ ගීටාර් එකේ එල්ලා තිබෙන්නේ මොකද්ද?

ඒක ‘ඩ්‍රීම් කැචර්’ එකක්. රතු ඉන්දියානුවන් තමයි ඒක හොයා ගෙන තියෙන්නේ, විශ්වාසයක් වගේ දෙයක්. ඒක ගිටාර්එකක එල්ලන එකක් නෙමෙයි, කාමරේ එල්ලන එකක්. නින්දට යද්දි නපුරු හීනවලින් ඈත් කරන විශ්වාසය මත තමයි එය එල්ලන්නේ. මම ඒක ගිටාර් එකේ එල්ලන්න පටන් අරන් අවුරුදු 05ක් විතර වෙනවා. දැන් ගොඩක් අපේ වයසේ සංගීත කණ්ඩායම්වල අය එය එල්ලනවා. මගෙනුත් සමහරු ඉල්ලපු අවස්ථා තියෙනවා. අද ගොඩක් අය මුලින්ම ගන්නේ ඩ්‍රීම් කැචර් එක, ඊට පස්සේ තමයි ගිටාර් එක ගන්නේ. මේ වනවිට එය Trend එකක් වෙලා තියෙනවා. අපේ Generation එක ඇතුළේ එය වයිරල් එකක් වෙලා ඉවරයි.

 

සංගීත කණ්ඩායමේ ගීත මොනවාද?

අපි මුලින්ම එළිදැක්වූයේ ‘ඉර වෙනස්’ වෙලා ගීතය. පස්සේ අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් ගීතයක් එළිදැක්වූවා. ඒක තාත්තා (ජගත් ජයවර්ධන) තමයි ලියලා දුනනේ. ‘සඳක් නැතත් අහසේ’ ගීතය තමයි අන්තිමට අපි එළිදැක්වූයේ. ඉදිරියේ දී රූපරාමුත් එක්ක ගීත එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබ දෙපළගේ තාත්තා නේද කණ්ඩායමේ ලොකුම ශක්තිය?

ඔව්, අනිවාර්යෙන්ම. Band එකකට නායකත්වය දෙන එකයි, කළමනාකරණය කියන එකයි කියන්නේ වෙනස්ම පාරවල් දෙකක්. මම Band එකේ ලීඩර් වුණාට ප්‍රසංග වේදිකාවේ දේවල් විතරයි මම කළමනාකරණය කරන්නේ. Band එකේ පිටිපස්සේ ඉන්න දැවැන්තයා තමයි අපේ තාත්තා. ඔහු කරලා දෙන දේවල් එක්ක තමයි අපේ කණ්ඩායමත් එක්ක අපිට වැඩ කරන්න පහසු. ඉගෙනීම සහ සංගීතය කියන දේ හරියාකාරව සමබර කර දෙන නිසා අපිට කිසිම දෙයක් මඟ හැරෙන්නේ නැතුව හරියාකාරව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.

 

කණ්ඩායමක් විදිහට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. අපි තාම පටන් ගත්තා විතරයි. ඉතිං හිමිහිට හරි ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

උදව් කරපු පිරිස ගැන කිව්වොත්?

අම්මා, තාත්තා, නංගි, සීයා, නැන්දලා, මාමාලා ඇතුළු පවුලේ අය මතක් කළ යුතුයි. අපි දෙන්නා එන්නේ සිරස ටීවී රියැලිටි තරගාවලියකින්. එහි නාළිකා ප්‍රධානි සුසාර දිනාල් මහතා, ප්‍රදීප් මහේෂ් ලියනගේ මහත්මයා සහ සිරස කාර්යය මණ්ඩලයම මතක් කරනවා. ඒ වගේම මෙතෙක් කල් ආදරය, ගෞරවය ලබා දුන් සියලුම දෙනාට ස්තුති කරනවා. අපේ කණ්ඩායමේ ඉන්න සමාජිකයන් සියලුම දෙනාට සහ එයාලගේ පවුලේ සැමට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක

 

]]>
උපේකා නිර්මාණිගේ මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි http://www.saravita.lk/latest_news/600554/%e0%b6%8b%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%80%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b7%80 http://www.saravita.lk/latest_news/600554/%e0%b6%8b%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%80%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b7%80 2018-12-09 13:34:49 Dilan Chryshantha උපේකා නිර්මාණී කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇගේ සැමියා තිළිණයි විවාහ වුණේ fමේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්නට ලස්සන තෑග්ගක් හම්බුණා. ඒ තමයි  උපේකාට
උපේකා නිර්මාණිගේ මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්. 

ඉතින් උපේකායි ඇගේ සැමියා තිළිණයි විවාහ වුණේ fමේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්නට ලස්සන තෑග්ගක් හම්බුණා. ඒ තමයි  උපේකාටයි තිළිණටයි ලැබුණු ලස්සන පුතා.

මේ ඇය පුතා හම්බෙන්න කළින්වි ඳපු අත්දැකීම ගැන සමාජජාල මාධ්‍යයන්වලට යොමු කර තිබූ විදියයි.

20181209Upeka-1

 

]]>
එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී පිළියන්දලදී http://www.saravita.lk/latest_news/600542/%e0%b6%91%e0%b6%a9%e0%b7%8a%e0%b7%80%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%9c%e0%b6%a9%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%93 http://www.saravita.lk/latest_news/600542/%e0%b6%91%e0%b6%a9%e0%b7%8a%e0%b7%80%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%9c%e0%b6%a9%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%93 2018-12-09 11:07:52 deeptha සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඞ්වඞ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒකපුද්ගල ගී ප‍්‍රසංගය දෙසැම්බර් 14 වෙනි සිකුරාදා සවස 6.30 ට පිළියන්දල මධ්
එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී පිළියන්දලදී

2018-12-07-ent-101

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඞ්වඞ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ඒකපුද්ගල ගී ප‍්‍රසංගය දෙසැම්බර් 14 වෙනි සිකුරාදා සවස 6.30 ට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සුභසාධක සංගමය බස්නාහිර පළාත දකුණ 1 මෙම මාරම්බරී ප‍්‍රසංගය සංවිධානය කරයි. විශාරද චරිතා ප‍්‍රියදර්ශනී පීරිස් සහ ශාරන්‍යා ජයකොඩි යුග ගායනයෙන් දායක වෙති. එඞ්වඞ් x චරිතා ආදරණීය පුතු චන්දීප ජයකොඩි ඉදිරිපත් කරන විශේෂාංගයක් ද මෙම ප‍්‍රසංගයට ඇතුළත් වේ.

මාරම්බරී ප‍්‍රසංගය සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප‍්‍රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහ විසිනි. ප‍්‍රසංග ඇමතුම ප‍්‍රවීණ නිවේදක වසන්ත රෝහණගෙනි.

]]>
රන් ලංකා වෙබ් ගුවන් විදුලිය දෙවසර සමරයි http://www.saravita.lk/latest_news/600536/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd http://www.saravita.lk/latest_news/600536/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd 2018-12-09 06:01:34 deeptha රන් ලංකා වෙබ් ගුවන් විදුලිය ආරම්භ වී දෙසැම්බර් 11 වැනිදාට දෙවසරක් සපිරේ. විදෙස්ගත ශ්‍රී ලාංකික ප‍්‍රජාව වෙනුවෙන් විශේෂිතව ආරම්භ වූ ගුවන් විද
රන් ලංකා වෙබ් ගුවන් විදුලිය දෙවසර සමරයි

2018-12-07-ent-100

රන් ලංකා වෙබ් ගුවන් විදුලිය ආරම්භ වී දෙසැම්බර් 11 වැනිදාට දෙවසරක් සපිරේ. විදෙස්ගත ශ්‍රී ලාංකික ප‍්‍රජාව වෙනුවෙන් විශේෂිතව ආරම්භ වූ ගුවන් විදුලි සේවයක් වුවද ශ්‍රී ලාංකීය ප‍්‍රජාව අතරේ ද මෙය අද වන විට අතිශය ජනප‍්‍රියත්වයට පත්ව ඇති බව එහි කළමනාකාරිත්වය සඳහන් කරයි. විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකීය ප‍්‍රජාවට රන් ලංකා වෙබ් ගුවන් විදුලිය වෙතින් රන්වන් ආමන්ත‍්‍රණයක් කරන්නේ රාජිනි ජාලියගොඩ, ශිරෝමි ප‍්‍රියදර්ශනී, දිනිති ජාලියගොඩ, ප‍්‍රියනාත් රත්නායක, ශෙහාන් චතුරංග, රනිඳු කිදවලආරච්චි, ගයාන් ලසිත්, උමා තිලකරත්න, එමල්කා තිළිණි, සදෙවි හෙට්ටිආරච්චි, ඉරෝෂි උදයංගි යන ප‍්‍රවීන සහ තරුණ නිවේදක නිවේදිකා පිරිස විසිනි.

radioranlanka.lk

]]>
'හිතල ගත්තු තීරණයක්' දෙතැනක http://www.saravita.lk/latest_news/600422/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1 http://www.saravita.lk/latest_news/600422/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1 2018-12-08 21:52:15 deeptha ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’, ‘ආපහු හැරෙන්න බෑ’, ‘ආදර වස්තුව’, ‘නැතුව බැරි මිනිහෙක්’ යනාදී සම්මානනීය නාට්‍යය වේදිකාවට ගෙන
'හිතල ගත්තු තීරණයක්' දෙතැනක

2018-12-07-ent-34

‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’, ‘ආපහු හැරෙන්න බෑ’, ‘ආදර වස්තුව’, ‘නැතුව බැරි මිනිහෙක්’ යනාදී සම්මානනීය නාට්‍යය වේදිකාවට ගෙන ආ රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍යය අද (08දා) සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදීද, අනිද්දා (09දා) සවස 3.30ට සහ 6.45ට මීගමුව රුක්මණි දේවී අනුස්මරණ රඟහලේදීද රංගගත වීමට නියමිතය.

ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, තෙරුණි ආශංසා සහ අනුරාධ මල්ලවආරච්චි රංගනයෙන් දායක වන මෙම නාට්‍ය‘යේ සංගීත නිර්මාණයෙන් කපිල පූගලආරච්චි දායකවේ. මෙහි වේදිකා පසුතල නිර්මාණයෙන් අනුරාධ මල්ලවආරච්චි දායක වන අතර, ඇඳුම් නිර්මාණයෙන් නලින් ලුසේනා දායකත්වය දක්වයි. ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයෙන්, රංග සමරකෝන් සමග අනුරාධ මල්ලවආරච්චිගේ රංගාලෝකයෙන් මෙය ඔපවත් වේ. මෙහි වේදිකා පරිපාලනය විජිත් නුවන්ගෙනි. මෙම දර්ශනයන්හි සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරයි.

]]>
වික්ටර් රත්නායකගේ 'සරස' පළමුවරට දකුණට http://www.saravita.lk/latest_news/600417/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%bb%e0%b7%83-%e0%b6%b4%e0%b7%85 http://www.saravita.lk/latest_news/600417/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%bb%e0%b7%83-%e0%b6%b4%e0%b7%85 2018-12-08 16:49:04 deeptha ආචාර්ය වික්ටර් රත්නායක ඉදිරිපත් කරන ‘සරස’ රත්නමය ගී අමානන්දය නවතම ඒකපුද්ගල ගී ප‍්‍රසංගයේ දකුණුලක පළමු දැක්ම දෙසැම්බර් 15 දා සවස 6.30 ට මාතර රු
වික්ටර් රත්නායකගේ 'සරස' පළමුවරට දකුණට

2018-12-07-ent-33

ආචාර්ය වික්ටර් රත්නායක ඉදිරිපත් කරන ‘සරස’ රත්නමය ගී අමානන්දය නවතම ඒකපුද්ගල ගී ප‍්‍රසංගයේ දකුණුලක පළමු දැක්ම දෙසැම්බර් 15 දා සවස 6.30 ට මාතර රුහුණු සරසවි තාගෝර් ශාලාවේදී ප‍්‍රසංගගත වේ. සුසිල් අමරසිංහගේ සංගීත රිද්මයට ශිල්පිනී පවරි අමරසා යුග ගී ගායනයෙන් එකතු වන සරස ප‍්‍රාසාංගික ඉදිරිපත් කිරීම ප‍්‍රවීණ ගුවන්විදුලි නිවේදක වසන්ත රෝහණ විසින් කරනු ලබයි. වික්ටර්ගේ ආදරණීය ගී පනහක් ඇතුළත් වූ සදාදර ගී පෙන්ඩ‍්‍රයිවය රසිකයනට හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරේ. මෙවර සරස සංවිධානය කරන්නේ මාතර දිසාපති කාර්යාලයීය සුබසාධක සංගමය මගිනි.

]]>
'බල්ලොත් එක්ක බෑ - 2' දෙසැම්බර් 15 දා ගම්පහදී http://www.saravita.lk/latest_news/600412/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%b6%e0%b7%91-2-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb-2 http://www.saravita.lk/latest_news/600412/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%b6%e0%b7%91-2-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb-2 2018-12-08 11:44:56 deeptha මෑත කාලයේ අතිශයින් ජනාදරයට පාත‍්‍රව රට වටා වේදිකාගත වූ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් බහුතර පේ‍්‍රක
'බල්ලොත් එක්ක බෑ - 2' දෙසැම්බර් 15 දා ගම්පහදී

2018-12-07-ent-32

මෑත කාලයේ අතිශයින් ජනාදරයට පාත‍්‍රව රට වටා වේදිකාගත වූ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් බහුතර පේ‍්‍රක්ෂක ඉල්ලීම් පරිදි කාලීන අවශ්‍යතා අනුව රචනා කළ නවතම ප‍්‍රහසනාත්මක වේදිකා නාට්‍යය වන ‘‘බල්ලොත් එක්ක බෑ’’ නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් දෙසැම්බර් මස 15 වන සෙනසුරාදා සවස 3.30ට සහ 6.45ට ගම්පහ බණ්ඩාරනායක විදුහල් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.

ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, සුසංග කහඳවල ආරච්චි, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායක වන ‘‘බල්ලොත් එක්ක බෑ’’ 2 හි සංගීතය මෙහෙයවීම ප‍්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර විසින් සිදුකරයි.

]]>
හර්ෂණ දිසානායකගෙන් ජනක රාජකරුණා ලියූ ගීයක් http://www.saravita.lk/latest_news/600406/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%9a-%e0%b6%bb http://www.saravita.lk/latest_news/600406/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%9a-%e0%b6%bb 2018-12-08 06:30:42 deeptha පංතියකට අලූතින් සිසුවියක් පැමිණීම ඒ පංතියේ පිරිමි ළමයින්ට සතුටට කරුණකි. ඒ පැමිණි සිසුවිය පංතියේ අනික් කෙල්ලන්ට වඩා ලස්සන නම් ඔවු
හර්ෂණ දිසානායකගෙන් ජනක රාජකරුණා ලියූ ගීයක්

2018-12-07-ent-30

පංතියකට අලූතින් සිසුවියක් පැමිණීම ඒ පංතියේ පිරිමි ළමයින්ට සතුටට කරුණකි. ඒ පැමිණි සිසුවිය පංතියේ අනික් කෙල්ලන්ට වඩා ලස්සන නම් ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ වේ. ඒ සමගම ඒ කෙල්ල යාලූ කරගැනීමට තමන්ගේ කරගැනීමට පිරිමි ළමයින් අතර තරගයක් හටගනියි.

ඒ ළමයා පංතියෙ හිටිය හැම ළමයකුටම වැඩිය ලස්සනයි... සුදුයි.. කොණ්ඩෙ කරල් දෙකට ගොතලා තිබුණත් ඒ එක කොණ්ඩයක් අනිත් ගෑනු ළමයිගේ තනි කොණ්ඩෙකට වඩා ඝනකමයි.. ඒ හින්දා පංතියෙ හිටිය හැම පිරිමි ළමයකුගෙම ඉහේ මල් පිපුණා. හැබැයි පංතියෙ හිටිය හැම කෙල්ලක්ම මේ ළමයට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා.

ජනක රාජකරුණා වචන ගලපන්නේ අමාරුවෙනි.2018-12-07-ent-31

‘මේ ළමයා ඉස්සෙල්ලම හිනා වුණේ මගෙත්තෙක්ක. ඒ හිනාව හරිම ලස්සන එකක්. මං දැකලා තියෙනවා උදේට කෝපි මල් පිපෙනවා. මේ ළමයගෙ හිනාවත් අන්න එහෙම හෙමින් සැරේ පිපෙන කෝපි මලක් වගේ...’ ‘ඒ ළමයා අනිත් ළමයින්ට හොරෙන් මගෙන් එක්ක හිනාවෙද්දී...’

ඔහු යළිත් නිහඬය.

කෙසේ හෝ වේවා දැන් ඔවුන් දෙදෙනා ගජ මිතුරන්ය. අවුරුද්දෙන් අවුරුද්ද අවසන්ව අලූත් පංතිවලට යද්දී මේ මිතුදම තවදුරටත් මුහුකුරා ගියා මිස අඩු වූයේ නැත.

‘එක සති අන්තෙක මම ගෙදර හිටියෙ නෑ. ඒ නිසා ඒ සතියෙ ගණිතය හෝම් වර්ක් ටික මට කරගන්න බැරි වුණා. මං පංතියට ආව ගමන් එයාට ඒ බව කිව්වා.’

”සර් ඔයාට ගහයිනෙ ඉතින්...”

‘එයා කිව්වේ බයෙන්. මොකද අපේ ගණන් සර් හරි සැරයි. වැඩ අතපසු කරනවාට වගේම වෙන පුංචි වැරැුද්දකටත් අතට වදින්නෙ වේවැල් පාර තමා.’

”කමක්නෑ මං අද ගුටි කනවා”

‘මං එහෙම කියලා හිනා වුණා.’

”බෑ... මට බෑ ඔයාට ගුටි දෙනවා බලන් ඉන්න. කෝ මට ඔයාගේ පොත දෙන්නකෝ...”

‘එහෙම කියපු එයා මගේ ගණන් පොත අරන් ගියා.’

‘ඊට පස්සේ උදේ රැුස්වීම එහෙම ඉවර වෙලා මං පංතියට යනකොට මගේ ගණන් පොත මගේ ඩෙස්ක් එක උඩ. මම දිගහැරලා බැලූවා. ගණන් ඔක්කොම ටික හදලා.’ ‘එයා හින්ද එදා මම ගුටියෙන් බේරුණා.’

”කොහොම ද ඔයා ඒ ගණන් ටික හැදුවෙ?”

‘මං පස්සේ ඇහුවා.’

”බොරු ලෙඩක් අරන් අසෙම්බ්ලි එක කට් කළා.”

‘එයා කිව්වෙ මහා ලොකු හපන්කමක් කළා වගේ.’

ආදරය යනු පරිත්‍යාගයකි. අප මුලින් මුලින් කරන්නේ පුංචි පුංචි පරිත්‍යාගයන්ය.

‘ ඕ ලෙවල් විභාග කිට්ටුව ස්කෝලෙ අමතර පංති තිබ්බා. එක දවසක් හවස පංතිය තියෙන බවක් මං දැනන් හිටියේ නෑ. එදා එයා, එයා ගෙනාව බත් එක මගෙත්තෙක්ක බෙදා ගත්තා.’

”මං ඕකෙන් කාලා ඔයාට මදිවෙනවා. ඔයාට ඉන්න වෙන්නේ බඩගින්නෙ.”

‘මං කිව්වෙ බත් කටවල් දෙකක් කාලා කෑම නතර කරලා.’

”අම්මා කොහොමටත් මට බත් බෙදන්නෙ වැඩියෙන්. ඒ හින්දා මේක අපි දෙන්නටම ඇති. ඔයා තව කන්න.”

”එහෙනම් තව එක කටක් කන්නම්. කෙහෙල් කොළේ ඔතපු බත් කන්න මං කොහොමටත් ආසයි.”

”එහෙනම් හැමදාම පංතිය දවස්වලට මං ඔයාටත් එක්ක බත් ගේන්නම්.”

”එපා අම්මා හොයන්න ගනියි කාටද මේ කෑම ගේන්නෙ කියලා.”

”අපේ අම්මා එහෙම පටු විදිහට හිතන්නෙ නෑ.”

‘එදායින් පස්සේ පංති තියෙන හැම දවසකම එයා බත් ගෙනාවෙ මටත් එක්කමයි.’

ඊළඟට විභාග සමය උදාවිය. විභාගය අවසන් වූ පසුව ඔහුටත් ඇයටත් දුරස්වන්නට සිදුවිය.

‘ඒ දවස් තමයි මට ගෙවාගන්නම අමාරු වුණේ. ඔය දවස්වල මම පුස්තකාලෙට ගිහින් පොත් බලන්න පුරුදු වුණා. එහෙම දවසක අහම්බෙන් වගේ මට එයාව හමුවුණා. ඒත් පුස්තකාලෙදි.’

”ඔයා?”

‘අපි දෙන්නට දෙන්න පුදුම වෙලා වගේ මූණු දිහා බලා හිටියා.’

”ඔයා හැමදාම වගේ පුස්තකාලෙට එනව ද?”

‘මං ඇහුවා..’

”නෑ... ගිය සතියෙ ඉස්සෙල්ලම ආවේ. ඉංගී‍්‍රසි පංතියකට විතරක් යනවා. අනික් දවස් ගෙවාගන්න කම්මැලි නිසා නවකතාවක් අරන් යන්න ආවා.”

”මමත් එනවා. මමත් නවකතා තමයි අරන් යන්නෙ.”

”මොකක් ද ඔයා අතේ තියෙන නවකතාව?”

”අරලිය මලක්. මේක ලස්සනයි. ඒ වුණාට ඉවර වෙන්නෙ දුකෙන්.”

ඉන්පසු උසස් පෙළ පංතියේදී ඔහුත් ඇයත් උගත්තේ එකම පංතියේය. ඒ කාලය ද සතුටින් සෙනෙහසින් ද ගෙවී ගියේය. සියල්ල වෙනස් වූයේ උසස් පෙළ විභාගයෙන් පසුවය.

‘උසස් පෙළ විභාගෙ ඉවර වුණු දවස තමයි අපි දෙන්නට ගොඩක් දුක හිතුණු දවස. අපි දෙන්නගෙම ඇස්වලට කඳුළු ඇවිත් තිබුණා.’

”ඔයා අපේ ගෙදර එන්න”

‘එදා එයා එහෙම කියලා ගෙදර එඩ‍්‍රස් එකයි ගෙදරට එන පාරයි ලියලා දුන්නා.’

”කමක් නැද්ද? අම්මයි තාත්තයි?”

”ඒ දෙන්න ඔයාගෙ ඇඟට කඩා පනින්නෙ නෑ. ඔයා එන්න.”

කාලය ගෙවී ගියේ විරහ වේදනාවෙන් හදවත තැවුල්පත් කරමිනි. හුදෙකලාව පොත් අතර ගෙවී ගිය දෙසතියකට පසු දිනෙක ඔහු ඇගේ ගෙදර සොයාගෙන ගියේය.

”මම යාළුවෙක්.”

ඔහු කීවේ නිවෙසේ ඉදිරිපස වාඩි වී සිටි අයකුටය.

”පුතා ඔයාගෙ යාළුවට අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්වල ඉන්නෙ.”

ඔහු කීවේ කඳුළු සඟවාගෙනය.

”කොහෙද?”

”අනුරාධපුරෙ අටේ වාට්ටුවේ... පුළුවන්නම් පුතා ගිහිල්ලා බලන්න. ඔයා දැක්කොත් දුවට සතුටු හිතෙයි.”

ඊට පසුවදාම ඔහු ඇය බලන්නට ගියේය.

‘එයා හිටියෙ මලානික වෙලා. කෙට්ටු වෙලා. ඒත් මං දැකපුවාම එයාගෙ මූණෙ හිනාවක් ඇඳුණා.’

”මට අරලිය මලක් පොත ගෙනත් දෙන්න.”

‘එයා ඉල්ලූවා.’

‘ඊට පස්සේ දවසෙ මම අරලිය මලක් සොයාගෙන ඉස්පිරිතෙලට ගියා. එයා හුඟාක් ආසාවෙන් ඒ පොත දෝතට ගත්තෙ.’

”මට හිතෙනවා මේ පොතේ තනුජා වගේම මමත් ඔයාගෙන් සමුගනියි කියලා ඉක්මනටම... ඔයා දුක් නොවී හිත හදාගන්න.”

‘එයා පොත අරගෙන එහෙම කියලා ඇස්වල කඳුළු පිහගත්තා.’

‘ඊට දවස් දෙකකට පස්සෙ මට ආරංචි වුණා මගේ යාළුවා යන්න ගිහින් කියලා. නොඑන්නම ගිහින් කියලා.’

‘මම අර අරලිය මලක් පොතේ අන්තිමට තිබුණු කවිය කාඞ්බෝඞ් එකක ලියන් ගිහින් එයාගේ අත් දෙක අතරෙ රැුඳෙව්වා.’

 

සඳ අඬනවා දුක් කඳුලක් සලා

පිනි වැටෙනවා නිල් තණපත් තලා

කණමැදිරි ගීයට දෙසවන් යොමා

ඔබ හුදෙකලා යහනේ තනිවෙලා

 

වැළපෙන හදින් සෝ ගී මුමුණමින්

ඉටිපන්දමක් දල්වා ළඟ තබා

සමුගෙන ගියත් මුව සුසුමක් නගා

සමුගන්න බෑ මතකය හැරපියා

 

නෙත් මායිමෙන් රුව නොපෙනී ගිියත්

හිත් හැරදා මැකී යාද හුරු ආදරේ

සංසාරයේ ඔබ අතහැර නොයා

තුරුලේ රැුඳෙන්නම් සුවඳක් වෙලා

 

ජනක කවි ගී ලියන්නට පටන් ගත්තේ ඊට කලකට පසුවය. ඔහු අතින් ලියැවුණු හැම කවියක්ම පාහේ ලියැවුණේ ඇය නමිනි. හර්ෂණ දිසානායක ගයන්නේ ඔහු අතින් ලියැවුණු ගී රැුසෙන් එකකි.

ඒ ගීතය මොන තරම් දුක්බර එකක්දැයි දැන් ඔබට හැෙඟනු ඇත.

පේ‍්‍රමය යනු වියෝවයි!

]]>
මම වගේ කිහිප දෙනෙක් ගීත ගායනා කරනවා http://www.saravita.lk/latest_news/600333/%e0%b6%b8%e0%b6%b8-%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9c%e0%b7%8f http://www.saravita.lk/latest_news/600333/%e0%b6%b8%e0%b6%b8-%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9c%e0%b7%8f 2018-12-07 21:28:43 deeptha මෑත කාලයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ ‘පර්පල් රේන්ජ්’ සංගීත කණ්ඩායමේ හිටපු නියාමක ගායන ශිල්පි චාමර වීරසිංහ පිළිබඳව මේ දිනවල බොහෝ කතා බහ වෙයි
මම වගේ කිහිප දෙනෙක් ගීත ගායනා කරනවා

2018-12-07-ent-06

මෑත කාලයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ ‘පර්පල් රේන්ජ්’ සංගීත කණ්ඩායමේ හිටපු නියාමක ගායන ශිල්පි චාමර වීරසිංහ පිළිබඳව මේ දිනවල බොහෝ කතා බහ වෙයි. ‘පර්පල් රේන්ජ්’ සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තනිවම ප්‍රසංග වේදිකාවට එක්වීමට චාමර මේ වනවිට කටයුතු කරමින්ද සිටියි. මෑතකදී ඔහු කතාබහකදී පවසා තිබුණේ වර්තමානයේ තමාගේ ගීත ගායනා කරමින් ප්‍රසංග වේදිකාව තුළ ජනප්‍රිය වෙමින් සිටින බවය.

සංගීත කණ්ඩායමේ කෙනෙක් මගේ ගීත ගායනා කරන එක ගැටළුවක් නැහැ. නමුත්, මම වගේම ඇඳලා මගේම ශෛලයන් ගීත ගායනා කරමින් මම වගේ වෙන්න උත්සාහ කරන පිරිසක් අද ප්‍රසංග වේදිකාව තුළ දකිනවා. ඒ හැම දෙනාටම කිව්වා මගේ ගීත ගායනා කරන්න එපා කියලා.මමත් කාලයක් වෙරලියැද්ද මහත්මයාගේ ගීත ගායනා ඛළා. නමුත්, ඒ ‘පර්පල්රේන්ජ්’ සංගීත කණ්ඩායම සමග වැඩ කරන කොට. ඒත්, මම තනිවම වෙනත් ප්‍රසංගවලට ගිහින් ගායනා කළේ මගේම ගීත පමණයි. නිවැරදිව මගේ ගීත ගායනා කරන්න බැරිවුණාම ඒ දෙස බලා ඉන්න අයට මම වගේ ඔවුන්ව පෙනුණොත් ඒක මට අවමානයක්. ඒ නිසා තමයි මම කරුණු පැහැදිලි කරලා ඒ ගැන ඔවුන්ට කිව්වේ.

]]>
ජයශ්‍රී සංගීත කණ්ඩායමේ එදා වගේම ලංකාවට ආදරෙයි http://www.saravita.lk/latest_news/600326/%e0%b6%a2%e0%b6%ba%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b6%91 http://www.saravita.lk/latest_news/600326/%e0%b6%a2%e0%b6%ba%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b6%91 2018-12-07 16:17:31 deeptha ලංකාවේ අපේ කලාකරුවන් දෙන්නෙක් ලංකාවටත් වඩා වැඩිපුරම ඉන්නේ විදෙස් ගතවෙලයි. ඒ අතරින් වැඩිපුරම ඉන්නේ නම් ඕස්ට්‍රේලියාවේ.
ජයශ්‍රී සංගීත කණ්ඩායමේ එදා වගේම ලංකාවට ආදරෙයි

2018-12-07-ent-05

ලංකාවේ අපේ කලාකරුවන් දෙන්නෙක් ලංකාවටත් වඩා වැඩිපුරම ඉන්නේ විදෙස් ගතවෙලයි. ඒ අතරින් වැඩිපුරම ඉන්නේ නම් ඕස්ට්‍රේලියාවේ. හැබැයි ඉතින් කොච්චර කාලයක් පිටරට ජීවත් වුණාට මේ දෙන්නා අවුරුද්දට එක සැරයක්වත් ලංකාවේ ආදරණීය රසික රසිකාවියන් මුණගැහෙන්නට නම් එනවාමයි. ඒ වෙන කවුරුත් නොවේ. රෝහිත සහ රොහාන් කියන අයියමලෝ දෙන්නා. හැබැයි ඉතින් නම්වලින් කියනවාට වඩා අපි මේ දෙන්නාට “ජය ශ්‍රී” කියලා කිව්වොත්නම් ඔය කවුරු කවුරුත් දන්නවා. ඔන්න ඉතින් ජය ශ්‍රී මේ දවස්වල ඉන්නේ ලංකාවේ. ඒ නිසාම අපි ජයශ්‍රීලාව පොඩ්ඩක් මුණගැහෙන්න හිතුවා.

 

රෝහිත කවදා ද ලංකාවට ආවේ...?2018-12-07-ent-03

අපි ආවේ නොවැම්බර් මාසේ. මේ කොහොමටත් අවුරුද්දට එක සැරයක්වත් අපි ලංකාවට එනවා. මේ පාර ඇවිල්ලත් අපිට කරන්න අලුත් වැඩ ගොඩාක් තියෙනවා. ප්‍රසංග කිහිපයක්ම බාර අරගෙනත් තියෙනවා. පෙබරවාරි මාසේ මුල වෙනකම් අපි ලංකාවේ ඉන්නවා. ඉතින් වැඩ ගොඩයි.

 

රෝහිත ඔය දෙන්නාගෙන් වැඩිමලා ඔයා...?

ඔව්... පැය තුනකට මෙයාට වැඩිමල්. ඉතින් ඒක නිසා මම තමයි අයියා. හැබැයි ඉතින් අපි දෙන්නා සහෝදරයෝ දෙන්නෙක් වගේම හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක් වෙනවා. ඇත්තටම මේක යාළුවන්ට එහා ගිය සහෝදරකමක් වගේම සහෝදරකමට එහා ගිය යාළුකමක්. ඉස්කෝලෙන් පස්සේ අපේ සෙරඩීප් බෑන්ඩ්එක පටන්ගනිද්දී බෑන්ඩ්එකේ කළමනාකරු වුණේ අපේ තාත්තා එතකොට මම ඩ්‍රම්ස් ගැහුවා.

 

පොඩි කාලේ රණ්ඩු කරන්නත් ඇති...?

අම්මෝ ඔව්... ඕන තරම් රණ්ඩුවෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒක බොහෝම කෙටි වෙලාවයි. ඉස්කෝලේ යාළුවෝ එක්ක මම රණ්ඩු කරද්දී මල්ලී ඇවිත් බේරාගන්නවා. මල්ලී රණ්ඩු කරද්දී මම ගිහින් බේරගන්නවා. කොහොමටත් අපි දෙන්නට ඒ කාලේ ඉඳන් හොඳ යාළුවෝ සෙට් එකක් හිටියා. මල්ලියි මමයි කොච්චර රණ්ඩු කළත් ඒවා කොලු කාලේ කරපු බොහෝ ජොලි රණ්ඩු විතරයි. අපි එදා ඉඳන්ම තාමත් හොඳ යාළුවෝ.

 

මුලින් ඕස්ට්‍රේලියාවට ගියේ රෝහිතද... රොහාන්ද...?

මුලින්ම ඒ රටට ගියේ අයියා (එහෙම කියන්නේ රොහාන්) එයා 1989දී ගියා. ඊට පස්සේ 1991 අවුරුද්දේ මාත් ඒ රටට ගියා. ඒ ගියාට පස්සේ තමයි ජය ශ්‍රී කණ්ඩායම හැදුවේ. ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ බංගලාදේශයේ දෙන්නෙකුත්, අප්‍රිකාවේ එක්කෙනෙකුත්, ඔස්ට්‍රේලියාවේ එක්කෙනෙකුත්, ලංකාවේ තව එක්කෙනෙකුත් ඉන්නවා. ඉතින් ජය ශ්‍රී දැන් ලංකාවේ විතරක් නෙවේ පිටරටත් හරි ජනප්‍රියයි.

 

රෝහිත මොන වගේ චරිතයක්ද...?

අයියා තමයි අපේ කොන්සට් හැම එකක්ම ප්ලෑන් කරන්නේ. එයාට හැම දෙයක්ම සැලසුම් කරන්න හොඳ හැකියාවක් තියෙනවා. කිසිම දේක අඩුපාඩුවක් තියන්නේ නැතිව අයියා හැමඑක්කම හරිම නීට්එකට ප්ලෑන් කරනවා.

 

ඒ කියන්නේ රොහාන්ට තියෙන්නේ ප්‍රසංගයට ගිහින් සින්දු කියන්න විතරයි... එහෙමද රෝහිත...?

ඔව්... ඒ කතාව හරියට හරි... මල්ලිට කිසිම දෙයක බරපතළක් නැහැ. එයා හරිම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. සමහරදාට මට කලින් දවසේ රෑ කියනවා “ඔන්න අපිට හෙට මේ ප්‍රසංගය තියනවා.” කියලා. හැබැයි පහුවදාට ඒ හැමඑකක්ම අමතකයි. ඉතින් රොහාන්ට තියෙන්නේ මම කතා කළාම ලෑස්ති වෙලා වාහනයට නගින්න විතරයි.

 

ඒ කතාව හරියට හරි...

ඔන්න ඉතින් රොහානුත් අයියාගේ කතාව අනුමත කළා. එහෙම අනුමත කරලා නිකන් හිටියේ නැහැ. තවත් ඒ කතාවට අපූරු දෙයකුත් එකතු කළා. මම ලංකාවට ආවට පස්සෙත් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. උදේට අම්මගේ තේ එක බීලා නිදහසේ අහසේ පියාඹන කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නඑක තරම් සතුටක් මට තවත් නැහැ. මමත් හරියට නිදහසේ ඉන්න කුරුල්ලෙක් වගේ. මගේ අයියා ගෘහනිර්මාණ ශිල්පියෙක්. හිටපු ගමන් ඔය ගෙවල් අඳින වෙලාවලුත් තියෙනවා. හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ අපි ලංකාවට ඇවිත් අපේ අම්මත් එක්ක ඉන්නවා. ඒ වගේම අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දටත් අපි එනවා.

 

රොහාන් ඔය විලාසිතා කාගේ අදහසක්ද...?

මේ විලාසිතා මගේම විලාසිතා තමයි. පොඩි කාලේ ඩෙනිම් ඉරාගෙන ඇඳගෙන යද්දී අපේ අම්මා “මොකද පුතා ඉරුණු කලිසම් ඇඳගෙන යන්නේ...” කියලා අනන්තවත් ඇහුවා. “අයියෝ... ඔයාට කලිසම් නැද්ද ඉරිච්චි කලිසම් ඇඳගෙන යන්නේ...” කියලා අම්මා ඉස්සර කියනවා මට තාම මතකයි... මම කාගේවත් ස්ටයිල් කොපි කරන්නේ නැහැ. මගේම විලාසිතා රටාවක් මට තියෙනවා. මේ අතේ කරේ තියන මාල, බෑන්ඩ් මම රෑට නිදා ගනිද්දීවත් ගලවන්නේ නැහැ. වැස්සට තෙමෙනවා. ඒත් මට ඒක ගාණක් නැහැ. මේ හැම දේකටම මොකක් හරි විශේෂ සිදුවීමක් තියනවා. මගේ ළඟම හිතවතුන් දීපු සිහිවටන තමයි මේවා. ඒ නිසා මේ හැම එකක්ම අවුරුදු ගාණක් මගේ අතේ, කරේ තිබෙනවා. පිට රටවල්වල ගියාමත් ගත්තු මතකසටහන් පවා මේවාවල තියෙනවා. ඒ නිසා පරණ වෙලා මගේ අතින් ගැලවුණොත් හැර මම මේ කිසිම දෙයක් ගලවන්නේ නැහැ.

 

රෝහිත... මල්ලිගේ විලාසිතා ගැන මොකද හිතෙන්නේ...?

ඒක ඉතින් එයාටම ආවේණික විලාසිතා. මට මටම ආවේණික විලාසිතා තියෙනවා. සමහර තැන්වල යද්දීනම් මම “මල්ලි... ඕවා ටිකක් ගලවලා වරෙන්...” කියලා කියන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් මේ හැමදෙයක්ම එයාගේ කැමැත්ත. කොච්චර කිව්වත් එයාගේ විලාසිතා එයා වෙනස් කරන්නේ නැහැ. ඒකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. එයා එයාගේ කැමති දේ කරනවා. මම මට කැමති දේ කරනවා. ඒ හැම දේටම කැමති රසික රසිකාවියන් පිරිසකුත් ඉන්නවා.

 

රෝහිත මොනවගේ චරිතයක් ද...?

එයා කාවවත් අනුකරණය කරන්නේ නැහැ. එයාට ඕන විදිහට එයා නිදහසේ ජීවත් වෙනවා. සමහර වෙලාවට මල්ලිට කේන්ති යනවා. අපි දෙන්නා සහෝදරයෝ වුණාට වෙලාවකට යාළුවෝ දෙන්නෙක් වගේ හිටියට අපි දෙන්නා අපේ වැරදි තිබ්බොත් දෙන්නට දෙන්නා පෙන්නලා දෙනවා. කේන්ති ගියාමත් ඉතින් ඒ වෙලාවට ටිකක් කෑ ගහනවා. හැබැයි ඉතින් ඒක එතනින් ඉවරයි. ලංකාවේ කලාවේ ඉන්න සමහර කලාකරුවන් එක එක ප්‍රශ්න ඇතිකරගත්තට අපි දෙන්නට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අපේ ගමන එකතුවෙලා යනවා. මේ රටේ දක්ෂ කොල්ලෝ ඉන්නවා නම් ඒ අයට අතදෙන්න වුණත් අපි කැමතියි. අපිට කා ගැනවත් ඉරිසියාවක්, වෛරයක් නැහැ. තමන්ට කරන්න පුළුවන් දේ හඳුනාගෙන, ගමනක් ගියොත් කාටවත් වරදින්නේ නැහැ. අපේ බෑන්ඩ්එක ඇතුලේ ලොක්කෝ නැහැ. බොස්ලා නැහැ.

 

රටවල් කීයකට විතර ගිහින් තියෙනවාද...?

ඒක තමයි කියන්න අමාරුම දේ. ගියපු රටවල් නම් ගොඩායි. සමහර රටකට වාර හතර පහකට වගේ ගිහින් තියෙනවා. ගියපු රටවල් ගණන් කරනවාට වඩා නොගිය රටවල් අඩුයි. හැබැයි ඉතින් මොන රටකට ගියත් අපි අපේ රටට හරි ආදරෙයි.

 

රොහාන්ටයි, රෝහිතටයි අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද...?

අම්මෝ අමතක නොවන සිදුවීම් නම් ගොඩාක් තියෙනවා. ප්ලයිට් වැරදුණු අවස්ථානම් කීපයක්ම වෙලා තියනවා. අපි එක පාරක් ජයශ්‍රී කණ්ඩායම ඉතාලියට ප්‍රසංගයකට ගියා. ඒ ගමනට අපි දෙන්නා විතරක් නෙමේ. මුළු ජයශ්‍රී කණ්ඩායමම ගියා. ඉතින්... අපේ අනිත් සාමාජිකයෝ ලාංකිකයින් ගැන ලොකු පැහැදීමක් තියෙනවා. කීප වතාවක්ම ඒ අය ලංකාවට ආවා. ඒ නිසා ලංකාවට ඒ අයත් හරි ආදරෙයි. ලංකාවේ අයට හරි ආදරෙයි. ඉතින් ඉතාලියේ ගියපු වෙලාවක අපි අපේ ප්‍රසංගය හොඳටම තිබ්බා. හැබැයි සංවිධායකවරයා අපිට සල්ලි අරන් එනනම් කියලා ආවේම නැහැ. පහුවදා උදේ අපි ඉතාලියෙන් එන්නත් ඕනේ. බලාගෙන හිටියට සංවිධායක අවෙම නැහැ. ෆෝන් ආන්සර් කළෙත් නැහැ. අන්තිමට මොනවා කරන්නද... පහුවදා තිබුණු ප්ලේන් එකෙන් අපි එරටින් ආවා. ඒ ආපු ගමන් අපි දෙන්නා එකතුකරගත්තු සල්ලිවලින් අපි අපේ බෑන්ඩ්එකේ සාමාජිකයින්ට සියලුම ගෙවීම් දුන්නා.

 

ජයශ්‍රීගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද...?

ජයශ්‍රී සංගීත කණ්ඩායමේ එදා වගේම ලංකාවට ආදරෙයි. ඒ නිසාමයි 2019 අවුරුද්ද ලබද්දී ලංකාවේ ඉඳගෙන අලුත් අවුරුද්ද සමරන්න අපි ලංකාවට ආවේ. ඉතින් ලෝකේ වෙන රටකට ගියත් අපි අපේ රටේ ඕනෑම තැනක බිම ඉඳගන්න අපි ලජ්ජා වෙන්නේ නැහැ. අඳින පළඳින කතාකරන විදිහෙන් වෙනමම රසික පිරිසකුත් එකතුවෙලා ඉන්නවා. අයියටත් වෙනමම පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඉතින්... ලංකාවට අපි ආදරෙයි. ලංකාවේ හැමෝටම ජය ශ්‍රී.

 

 2018-12-07-ent-04

]]>