මධුෂංක දැකුම්පිටියගේ No Problem



මෙම කෙටි චිත්‍රපටය තියෙන්නේ සම්පූර්ණ රැවටීමක් ගැනයි. මෙම රැවටීම මිනිසුන් බොහෝදෙනෙකුට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන්නක්. ඒ රැවටීම තුළ දැනදැනම ජීවත් වන අප අනෙකුන්ගේ රැවටීම දෙස බලා සිනාසෙමින් සිටින්නේ අඥානයින් ලෙසයි. මේ එහි අධ්‍යක්ෂක මධුෂංක දැකුම්පිටියගේ අදහසයි.

රැවටීම තමයි ලෝකයේ වැඩියෙම්ම පවතින දේ. බොහෝදෙනෙකු බොහෝ අයව රවටමින් සිටියාට කොතැනක හෝ කවදා හෝ තමුනුත් රැවටෙනවා. ඒක දැනගනිද්දි ගොඩක් පරක්කුයි. රැවටුනු අය දිහා බල බල හිනාවෙනවා. නමුත් තමුන් රැවටුනාම අනිත් අයත් රැවටුනු නිසා තමුනුත් ඒ රැලේම රැවටුනාට කමක් නෑ කියා සිනාසේවි. නමුත් ඒ රැවටෙන මිනිසුන් සහ මිනිසුන් රැවටෙන ඒ දෙය දෙස පිටස්තරින් බලා සිටින තවත් අයෙකු සිටින බව කිසිවකුත් සිතන්නේ නැහැ.

 

අධ්‍යක්ෂණය සහ කතාව

  • මධුෂංක දැකුම්පිටිය

 

කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය

  • මිතුන් පෙරේරා

 

තිර රචනය

  • තාරක කල්දේරා

 

සංගීතය

  • ගයාන් බෙන්තරගේ

 

රංගනය

  • තාරක කල්දේරා
  • චමත් ලොකුලියන
  • යලින්කා පියුමි
  • අරෝෂාන් ද සිල්වා
  • චතුර දිල්ෂාන්

 

 

රචින්ත ජයවර්ධන