මිතුන් පෙරේරාගේ අරාජක කාලය



මේ කියන්නෙ ලංකාවෙ අපිට හුරුපුරුදු කතාවක් ගැනයි. මේ හුරුපුරුදු කතාවට පස්සෙ මිනිස්සු ඒ වෙනුවෙන් මුහුණ දෙන විදිය ගැන විචාරාත්මක කියවීමක් මේ කෙටි චිත්‍රපටය තුළ සිද්ධ වෙනවා. මේ එහි අධ්‍යක්ෂක මිතුන් පෙරේරා ඒ සම්බන්ධයෙන් දරණ අදහසයි.

“මේ මනුෂ්‍යත්වය අහිමිවීම සම්බන්ධ කතාවක්. මුළු රටක් හෝ ජාතියක් ප්‍රශ්නයකට මුහුණ දෙද්දි ඒ සමූහයටම තියෙන්නෙ එකම අරමුණයි. ඔවුන් එය පැරදවූ පසු ඔවුන් ඔවුනොවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න කරපින්නා ගන්නවා. ඉන්පසුව ඔවුන් කුරිරු ලෙස හැසිරෙන්න ගන්නවා. යටි හිතින් සැවොම එය දන්නවා වුනත් ඒ වැරැද්දට අනෙකාට දොස් පවරනවා. මේ සිදුකරන්නේ මිනිසුන්වම ප්‍රශ්න කිරීමක්.ඔවුන් තුළින්ම යථාර්ථය ගොඩ ඇද්දවීමක්.”

 

 

රචනය/ අධ්‍යක්ෂණය/ කැමරාඅධ්‍යක්ෂණය සහ සංස්කරණය

  • මිතුන් පෙරේරා

තිර රචනය

  • මිතුන් පෙරේරා
  • තාරක කල්දේරා

සංගීතය

  • විදුල රවිෂර

කලා අධ්‍යක්ෂණය

  • මධුෂංක දැකුම්පිටිය
  • චතුර දිල්ෂාන්

රංගනය

  • අරෝෂ ද සිල්වා
  • සෞම්‍ය සඳරුවන්

 

රචින්ත ජයවර්ධන