සමිත් බෝධිපක්ෂගේ FREEDOM



මොබයිල් ෆිල්ම් එකක් එහෙමත් නැත්නම් මෝ ෆිල්ම් එකක් විදියට මීට අවුරුදු 6කට කලින් තාක්ෂණයෙන් එවක අවුරුදු විසි එකක තරුණයෙක් මේ විදියෙ මාතෘකාවක් ගැන නිර්මාණයක් කිරීම වටිනවා. මේ කතාව කියන්න තාමත් පරක්කු නැහැ. නමුත් ඔබ එය අහන්න සූදානම්ද? මේ එහි අධ්‍යක්ෂක සමිත් බෝධිපක්ෂගේ අදහසයි.

“මේක නිර්මාණය කෙරුණෙ 2011 'තරුණ නව රැල්ල මෝ ෆිල්ම් ෆෙස්ටිවල්' එකට. Short film කියන දේ ගැන මෙලෝ හසරක් නොදැන හිටපු කාලෙක මේ මෝ ෆිල්ම් එක හැදෙන්නෙ 1.3 මෙගාපික්සල් නොකියා කැමරා ෆෝන් එකකින්.

මේක කරන්න වුණේ ජාතික සමගිය කියන මාතෘකාවට. ඒක යටතේ අපට නිරායාසයෙන්ම ඔළුවට එන සිංහල, දෙමළ, මුස්ලිම් කන්සෙප්ට් එකට ඔබ්බෙන් ගිහින් ජාතික සමගිය ගැන කතා කරන්න මට ඕන වුණා. ඒකයි මේකෙ ඒ කිසිම ජාතිත්ව සංකේතයක් නැතිව එකම එක ශ්‍රී ලංකා කොඩියක් විතරක් මං පාවිච්චි කළේ. එකිනෙකාට වෙනස් අනන්‍යතා සහිත හුදෙකලා දරුවො ටිකක් අවසානයේ සරුංගලයක් වෙනුවෙන් එකතු වෙනවා නම් අපට බැරි ඇයි මේ ඇරියස් සහ බැරියර්ස් අයින් කරන්න. මේ ෆිල්ම් එක ෆ්‍රීඩම්. ඒ කියන්නෙ නිදහස. ඇත්තටම අපි නිදහස් වුණ දවසට අපි අතරෙ බැරියර්ස් තියෙන එකක් නැහැ.”

 

අධ්‍යක්ෂණය

  • සමිත් බෝධිපක්ෂ

අදහස/තිරපටපත

  • දීප්ති වීරසූරිය

කැමරාකරණය

  • සම්පත් කුරුප්පුආරච්චි
  • ජයනුවන් එදිරිවික්‍රමසූරිය

සංස්කරණය

  • සම්පත් කුරුප්පු ආරච්චි

 

රංගනය

  • චමෝද් රසංග
  • ගිහාන් රිෂිත
  • ශ්‍රීමාල් ජයලත්
  • දෙවුමි කවීෂා
  • ගඟුලැල් සදීප
  • ආකාෂ් ලියනාරච්චි අමෝධ්‍යා සදීප
  • මෙත්මි ඉමාෂා

 

නිෂ්පාදන සහය

  • උමේෂ් ඉෂාන්ත ද සිල්වා
  • අමිල දිනේෂ්

 

රචින්ත ජයවර්ධන