චින්තන ගුණතිලකගේ Books කෙටි චිත්‍රපටය



කෙටි චිත්‍රපටයක සිනමාත්මක ගති ලක්ෂණ අඩංගු විය යුතු නැද්ද? මෙය එයට හොඳ උදාහරණයක් සහිත කෙටි චිත්‍රපටයක් බව කිව යුතුයි. මෙහි අන්තර්ගත තාක්ෂණය සහ එය අබිබවා යන දක්ෂතා සහිත පිරිස් එය ඔප්පු කරනවා. මේ එහි අධ්‍යක්ෂ චින්තන ගුණතිලකගේ අදහසයි. “මෙය සත්‍ය සිදුවීමක්. දවසක මම කොළඹ එද්දි කුරුණෑගල ක්ලාස් යන ළමයෙකුගෙ බෑග් එක නැතිවුණා. ඒත් ඒ ගෑනු ළමයට බෑග් එක හොයාගන්න ඉඩ නොදී ඩ්‍රයිවර් ඒ ළමයව බස්සලා වේගෙන් ඉස්සරහට ගියා. මම දැක්කෙ ඒ ළමය බස් එක යන දිහා බල බල අඬ අඬ ඉන්නවා විතරයි. මට මෙතනදි කියන්න ඕන වුණේ ඒ විදියට පන්ති එන ගෑනු ළමයින්ගෙ ජීවිතවලින් එයාලවත් නොදැන නැති වෙන දේවල් ගැනයි.”

 

රංගනය

  • ප්‍රබුද්ධිකා ශ්‍රියන්ති රත්නායක
  • ප්‍රභාත් අසේල
  • නිශාන්ත තිලකරත්න

 

අධ්‍යක්ෂණය

  • චින්තන ගුණතිලක

 

සහාය අධ්‍යක්ෂණය

  • උපේඛ කෞමුද් ඒකනායක

 

කැමරාකරණය

  • භාෂණ දෙවංග සැමුවෙල්

 

නිෂ්පාදනය

  • කොල්වින් කුමාර සැමුවෙල්