හසන්ත දිසානායකගේ 'අහස පුංචියි..' (The Sky is Small) - කෙටි චිත්‍රපටය



මේක අපි හැමෝටම අහන්න දකින්න ලැබෙන කතාවක් වුනාට මේක කෙටි චිත්‍රපටයක් විදියට දකින්න හම්බන්නෙ නම් මේ පළමු වතාව යැයි කියන්න පුළුවන් තරම් අඩු ප්‍රමාණයකින්. සෑම දරුවෙකුටම මේ වීඩියෝව දකින්නට ලැබෙන්න ඕන කියලා අපි හිතනවා. ලෝක මවුවරුන්ගේ දිනය වෙනුවෙන් කරපු මේ අනුවේදනීය කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක හසන්ත දිසානායකගේ අදහසයි මේ.

"අහස පුංචියි" කියන්නේ මම අධ්‍යක්ෂණය කරපු සිව් වැනි කෙටි චිත්‍රපටය. මේ නිර්මාණය තුළ තරුණ මවක සහ පියෙකු තමන්ගේ පළමු දරුවා ලැබෙන්නට සිටින බව දැනගත් මොහොතේ පටන් දරුවා ප්‍රසූත කිරීමට මව සූතිකාගාරයට ගන්නා මොහොත තෙක් ඔවුන් සිදු කරන සියලු දේ වීඩියෝගත කරන සිදුවීමක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. අහසට, මහා සාගරයට අම්මාගේ ආදරය සම කළ නොහැක. අහසටත් වඩා ඇගේ ආදරය විශාල ය. එම නිසා ඇගේ අාදරය හමුවේ "අහස පුංචියි.."

 

රංගනය

  • පූර්ණිමා විදේශිකා
  • ඉසුරු ගුණවර්ධන
  • හෂේන් අචින්ත්‍ය
  • ජයෝද් කල්හාර

තිර රචනය සහ අධ්‍යක්ෂණය

  • හසන්ත දිසානායක

සංස්කරණය

  • ඉෂාන්

කැමරාකාරණය

  • හසන්ත දිසානායක

 

රචින්ත ජයවර්ධන