මගේ වීඩියෝවෙ නිරුවත කියන දේ නැහැ



20170904Romesh-3රොමේෂ් සුගතපාල ඒකාකාරී සංගීත රටාවෙන් ඔබ්බට ගොස් නිර්මාණ කරන ගායකයෙකු ලෙසප්‍රචලිතය. ඔහුගේ නවතම නිර්මාණය වන ‘මන්දාකිණි’ ගීතයද එවැනි වෙනස් සංකල්පයක් ඔස්සේ එළිදක්වා තිබේ. එමනිසා ‘මන්දාකිණි’ සහ ඔහුගේ ඉදිරිකටයුතු පිළිබඳ කතාබහ කිරීම සඳහා රොමේෂ් ‘සාරවිට’ට කැඳවා ගතිමු.

20170904Romesh-2‘මන්දාකිණි’ ගැන ගොඩක් දෙනෙක් කතාකළා නේද?

ඔව් ඇත්තටම. 2011 දි දිගුදෑස ගීතයත් එක්ක නව ආරක ගීත නිර්මාණය කළා. ඉතිං මටම හිතුණා හැමදාම එකම ට්‍රෙන්ඩ් එකේ හිටියොත් කිසිම වෙනසක් වෙන්නෙ නැහැ කියලා. ඒ නිසාමයි මන්දාකිණි නිර්මාණය කරන්න හිතුවේ.සජිත් අක්මීමණ තමයි මේකෙ පද රචනය, රැන්ඩි කියන්නේ ඩබ් ස්ටෙප්, ඊඩීඑම්පැත්තේගොඩක්දක්ෂසංගීතඥයෙක්. ඒදෙන්නත්එක්කතමයිමේමන්දාකිණිකියනවෙනස්මගීතයනිර්මාණයකරන්නහැකියාවලැබුණේ.

‘දිගු දෑස’ ඒ දවස්වල වෙනස් වුණා වගේ මේ ගීතයෙනුත් වෙනසක් වෙයිද?

ඔව් අනිවාර්යයෙන්ම. දැනටමත් ඒක වෙනසක් වෙලා තියෙනවා. මියුසික් චාර්ට් ෂෝ වලත් පළමුවැනි තැනට ඇවිල්ලා තියෙනවා. වීඩියෝ එකත් වෙනස් කියලා බොහෝ දෙනා කියනවා. මේකේ සංකල්පය අනුව ලොකු කතන්දර ගොතලා, දාලා යන අඬන ඒවා නැහැ. ඩබ්ස්ටෙප් මියුසික් ගැන දන්න අය දන්නවා. ඒව ඇතුළෙ ලොකු කතන්දර නැහැ. නමුත් පුංචි පුංචි කතා තියෙනවා. මේකට ලොකු විදයමක් මම දැරුවා. මේකේ හැම පැත්තක්ම හිතලා කරපු දෙයක්, ඇඳුම්, ලයිටින්, ලොකේෂන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. මගේ ඇඳුම ඩිසයින් කළේ නාමල් බාලචන්ද්‍රන්, මට මේකට වෙහිකල් පාට්නර් වුණේ ටොයෝටා ලංකා. මොකද ඒ දේවල් මට යොදාගන්න වුණේ මේ වීඩියෝව වෙනස් කරන්න ඕනකම තිබුණ නිසයි. මේ වීඩියෝව දවසක් යද්දී යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්වලට ආවා.

අඩනිරුවත් කියන සංකල්පය නැතුව ගීතයක් ජනප්‍රිය කරන්න පුළුවන්ද?

මගේ වීඩියෝවෙ නිරුවත කියන දේ නැහැ. මම කිසිම කෙනෙකුගේ ගීත සහ මියුසික් වීඩියෝ විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද ඒ කාරණාව මට අදාළ නැති නිසා. මගේ වීඩියෝව කිසිම නිරුවතක් පෙන්නන්නෙ නැතුව ට්‍රෙන්ඩින්වලට ආවා. සමහර අය ට්‍රෙන්ඩින්වලට එන්න ඒ දේවල් මියුසික් වීඩියෝව ඇතුළෙ දානවානේ. එක එක්කෙනාගේ අදහස් වෙනස්. මම මෙතෙක් කල් පවත්වාගෙන ආපු මියුසික් සංස්කෘතිය වෙනස් කරන්න බැහැ. මට කිසිම කෙනෙක්ව විවේචනය කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම කරන නිර්මාණ අපේ සංස්කෘතියට ගැළපෙන විදිහට තමයි කරන්නේ.

රැල්ලක් ඔස්සේ ගීත නිර්මාණය නොකර වෙනස් නිර්මාණයක් කිරීමේ අභියෝගය කොහොමද?

සල්ලිවලින් නෙමෙයි මම ආවෙ.’නීල දෑසේ’, ‘සඳ කොමලී’ වගේ ගීත ගයද්දී මට මියුසිකල් ෂෝ එකක්තිබ්බෙ නැහැනේ. නමුත් මම සිංදු කළානේ. මම දිගුදෑස කියන එකත් හැදුවේ මියුසිකල් ෂෝ යන්නවත්, රිඟින් ටෝන් යන්නවත් නෙමෙයි. මගේ සිංදුවක් ප්‍රචාරණය කරගැනීමේ ආසාව තමයි මට තිබ්බේ. ප්‍රසංග වේදිකාවට එන්න එන්න ගායකයෝ වැඩිවුණානේ. එකම ආකාරයේ ගීත නිර්මාණය කළොත් මට තියෙන තැන අඩුවෙයි කියලා මට හිතුණා. පරිප්පුව මොන විදිහට හැදුවත් පරිප්පුව පරිප්පුවමයි. ඉතිං මම රිඟින්ටෝන් සහ මියුසිකල් ෂෝ පැත්තවත් හිතන්නේ නැතුවයි මේ ගීතය නිර්මාණය කළේ. අවදානමක් ගත්තා තමයි. ඒ වුණාට දැනට හම්බවෙන ප්‍රසාදය ඉතාමත් වටිනවා.

රොමේෂ් කියන පුද්ගලයා මුලින්ම බොහෝ දෙනෙක් දන්නේ ‘රොමේෂ් - ලක්ෂාන්’ කියන දෙන්නා නිසා. ලක්ෂාන් එක්ක නැවත ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ලක්ෂාන් නැවත සංගීත කටයුතු සඳහා දායක වෙන්නේ නැහැ. මොකද ඔහු ටොරොන්ටෝවල හොඳ රැකියාවක් කරනවා. ඔහුත් එක්ක ගීතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් මට නැහැ. මොකද මම රොමේෂ් සුගතපාල නමින් තමයි දැන් ජනප්‍රිය වෙලා ඉන්නේ. රොමේෂ් සුගතපාල නම මම ගොඩක් අමාරුවෙන් හදාගත්තේ. රොමේෂ් ලක්ෂාන්ගෙන් පස්සේ රොමේෂ් සුගතපාල නම හදාගන්න ගොඩක් අමාරු වුණා. ඊටපස්සෙත් හරි කට්ටක් කෑවා. ඒ නිසා එහෙම අරමුණක් නැහැ.

20170904Romesh-4ඒ කියන්නේ එක රැයකින් ජනප්‍රිය වෙන්න බැරිද?

මම නම් හිතන්නේ නැහැ. මියුසික්වලින් තැනකට එන්න හරිම ලේසියි. ඉන්නයි අමාරුයි. ඉන්නනම් හැමෝගෙම හිත් දිනාගන්න ඕනේ. මම මන්දාකිණි නිර්මාණය කළෙත් එක තැනක ඉඳලා වැඩක් නැහැ කියන දේ නිසයි. අලුත් අලුත් නිර්මාණය බිහි වෙනවා. නැත්නම් මමත් ආපස්සට යනවා. විවිධ ශෛලීන් එක්ක ගියේ නැත්නම් ඔහු ගායකයෙක්, නිර්මාණකරුවෙක් වෙන්නේ නැහැ. මම ඒ මතය දරනවා. මම එකම රටාවක ඉන්න ආස කෙනෙක් නෙමෙයි.

ඒ කියන්නෙ ඔබ නව සංගීත ශෛලීන් හදාරනවාද?

අනිවාර්යයෙන්ම. මොකද ඩබ්ස්ටෙප් පැත්තෙන් ලොකු අත්දැකීමක් තිබ්බෙ නැහැ. මම මේ රැන්ඩිගෙන් ඒ සම්බන්ධව ගොඩක් අධ්‍යයනය කළා. ඇත්තම කියනවානම් ඒවා දන්නෙ නැතුව කතාකරන්න බැහැනේ. මේ ගීතයේ තියෙනවා, ආර්.එන්.බී, ඩබ්ස්ටෙප්, ක්ලැසිකල්කියනසංගීත රටාවන්. මම කොහොමත් ප්‍රගුණ කරලා තියෙන්නේ උත්තරභාරතීය සංගීතයයි. හැමදේම එකතුවෙලා තමයි මේ ගීතය නිර්මාණය කළේ. නමුත් මේ දේවල් හොයලා බලන්නේ නැතුව මේ දේවල් කියන්නත් බැහැ.

ඉදිරි නිර්මාණයන් කොහොම වෙයිද?

රිඟින් ටෝන්වලට සිංදු කරන්න මට කිසිම අදහසක් නැහැ. මොකද මේ වගේ හොඳ නිර්මාණයක් කරපු නිසයි ඔයාලා මට කතා කරන්නේ. නැත්නම් කතා කරන්නේ නැහැනේ. මොකද ඒ සතුටත් එක්ක අලුත් අදහස් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තවත් වෙනසක් කළොත් ඔයාලා මාත් එක්ක හැමදාමත් ඇති. යම් කිසි මාධ්‍යයක් තුළින් ප්‍රචාරණයක් ලැබෙන්නේ මම වෙනස් දෙයක් කළාමයි. ලොකු වෙනස් ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා වගේම ඒ ගීතයත් ළඟදිම එයි.

මන්දාකිණිය මගින් ලැබෙන ආත්මතෘප්තිය?

ලොකු තෘප්තියක් ලැබෙනවා. කමෙන්ට් දැක්කාම මීට කලින් රසිකයන්ට ලොකු ආසාධාරණයක් කරලා තියෙනවා කියලා හිතෙනවා. ඒ දේ වෙනස් කරන්න ගොඩක් උත්සාහ කරනවා. යූටියුබ් එකේ තියෙන කමෙන්ට් දැක්කාම මටත් හිතාගන්න බැරිවුණා.

මීට කලින් මේ වගේ නිර්මාණයක් කලා නම් කියන දේ ගැන පසුතැවීමක් නැද්ද ?

ලොකු දුකක් තියෙනවා. නමුත් අපි හිතනවානේ යම්කිසි මට්ටමකට. නමුත් ප්‍රමාදය ගැන ලොකු දුකක් තියෙනවා.

ඒ කියන්නෙ ඉදිරියේදී ‘රොමේෂ් සුගතපාල’ මාර්කට් කරන්නේ වෙනස්ම නිර්මාණද?

අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ නිර්මාණකරණය පිළිබඳවයි. මට ඒ ගැන මෑතකාලයේදී තමයි වැටහුණේ. ඒක මදි කියලා හොඳට තේරුණා. දැන් මට නිර්මාණය තමයි මුලින්ම තියෙන්න ඕන. ඊටපස්සෙ තමයි මුදල කියන දේ තියෙන්නේ. දිගු දෑස කියන එකත් වෙනස්ම නිර්මාණයක් කියලා හැමෝම පිළිගන්නවානේ. ඒ දවස්වල ඒ වගේ නිර්මාණ තිබුණෙ නැහැ. ඒ නිසානේ මට ඒ තුළින් යම්කිසි ආදායමක් හරි ලැබුණේ. දැන් ඉදිරියේදී මම නිර්මාණය ගැනයි හිතන්නේ.

රසිකයන් වෙනුවෙන් මොනාද කියන්නේ?

ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මම අවුරුදු 13- 14ක් තිස්සේ සිංදු කියනවා. මම සිංදු කියන්න පටන් ගත්තේ 2003 ඉඳන්. මෙහෙම ගීත ජනප්‍රිය වෙන්නෙ නැත්නම් ඒවා චාර්ට් ෂෝවල නම්බර් වන් කරන්න බැහැ. අපට ඒ දේවල් බලෙන් කරන්න බැහැ. මේවා රසික ප්‍රතිචාර. මේ අලුත් ගීතය නිසා මට නැති වෙච්ච රසිකයන් හම්බවුණා. ඉදිරියේදී වෙනස් නිර්මාණ කරන නිසා මගේ රසිකයන්ට අසාධාරණයක් කරන්නේ නැහැ.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

20170904Romesh-1